Score.lk ඇප් එක ගන්න

2024 A/L රසායන විද්‍යාව MCQ ප්‍රශ්න පත්‍රය

ප්‍රශ්න 50 · පැය 2. පළමු පිළිතුර තේරූ විට කාලය පටන් ගනී. ඔබේ පිළිතුරු මෙම උපාංගයේ පමණක් සුරැකේ.

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

ප්‍රශ්නය 1

ඉහළම තාපාංකය තිබේ යැයි බලාපොරොත්තු විය හැක්කේ පහත සඳහන් කුමන රසායනික ප්‍රභේදයට ද?

ප්‍රශ්නය 2

අවුෆ්බාවු මූලධර්මය සහ හුන්ඩ් ගේ නීතිය යන දෙකම උල්ලංඝනය වන කාක්ෂික සටහන වනුයේ, (2s | 2p)

ප්‍රශ්නය 3

පරමාණුවක ක්වොන්ටම් අංක n = 3, ml = −1 සහ n = 4, ml = −1 තිබිය හැකි කාක්ෂික සංඛ්‍යාව කොපමණ ද?

ප්‍රශ්නය 4

X සහ Y අංශු දෙකෙහි ඩි බ්‍රොග්ලි තරංග ආයාම පිළිවෙළින් 1 nm සහ 3 nm වේ. X හි ස්කන්ධය Y හි ස්කන්ධය මෙන් තුන් ගුණයක් වේ නම්, X සහ Y හි චාලක ශක්තීන් අතර අනුපාතය (X:Y) වන්නේ,

ප්‍රශ්නය 5

පහත දක්වා ඇති සංයෝගයේ IUPAC නාමය කුමක් ද?

ප්‍රශ්නය 5 රූපය

ප්‍රශ්නය 6

උෂ්ණත්වය 25 °C දී, M(OH)2 ලෝහ හයිඩ්‍රොක්සයිඩයක සන්තෘප්ත ද්‍රාවණයක pH වන්නේ,
(25 °C දී, M(OH)2 හි Ksp = 4 × 10-12 mol3 dm-9)

ප්‍රශ්නය 7

IO3+, NFCl2, F3ClO2 සහ F4BrO− හි හැඩයන් වනුයේ පිළිවෙළින්,

ප්‍රශ්නය 8

වැරදි වගන්තිය තෝරන්න.

ප්‍රශ්නය 9

පහත දැක්වෙන A, B, C, D, E සහ F සංයෝග සලකන්න.
මෙම සංයෝගයන්හි තාපාංකවල (B.P.) විචලනය දළ වශයෙන් වඩාත් හොඳින් පෙන්වනු ලබන්නේ,

ප්‍රශ්නය 9 රූපය

ප්‍රශ්නය 10

දී ඇති උෂ්ණත්වයකදී, උත්ප්‍රේරකයක් මගින් ප්‍රතික්‍රියාවක වේගය වැඩි කරන්නේ,

ප්‍රශ්නය 11

FeCl3(s), NH3(g) සහ H2O(l) සමග ප්‍රතික්‍රියා කර Fe(OH)3 සහ NH4Cl සාදයි.
FeCl3(s) 97.5 g, NH3(g) 34 g සහ H2O(l) 27 g ප්‍රතික්‍රියා කිරීමට සැලැස්වූ විට ලබාගත හැකි වැඩිම Fe(OH)3 ප්‍රමාණය වනුයේ,
(H = 1, N = 14, O = 16, Cl = 35.5, Fe = 56)

ප්‍රශ්නය 12

H—H, Cl—Cl සහ H—Cl හි බන්ධන ශක්තීන් පිළිවෙළින් 436, 242 සහ 431 kJ mol-1 වේ.
½H2(g) + ½Cl2(g) ⟶ HCl(g) ප්‍රතික්‍රියාවෙහි එන්තැල්පි වෙනස (kJ mol-1) වන්නේ,

ප්‍රශ්නය 13

පහත සඳහන් කුමන රූපසටහන, 0.05 mol dm-3 CO32−(aq) ද්‍රාවණයක 25.00 cm3 කට 0.100 mol dm-3 HCl(aq) එකතු කළ විට ලැබෙන අනුමාපන වක්‍රය නිවැරදිව නිරූපණය කරයි ද?

ප්‍රශ්නය 14

පහත දැක්වෙන ප්‍රතික්‍රියාව සලකන්න.
ඉහත ප්‍රතික්‍රියාවේදී සෑදෙන ප්‍රධාන ඵලය ලබාදෙන අතරමැදියේ සම්ප්‍රයුක්ත ව්‍යුහයක් වන්නේ පහත දැක්වෙන ඒවායින් කුමක් ද?

ප්‍රශ්නය 14 රූපය

ප්‍රශ්නය 15

තනුක H2SO4(aq) හමුවේ, H2O2(l) සමග KMnO4(aq) හි ප්‍රතික්‍රියාව සලකන්න.
ප්‍රතික්‍රියාවෙහි රසායනික සමීකරණය කුඩාම පූර්ණ සංඛ්‍යා සංගුණක සහිතව තුලිත කළ විට, ප්‍රතික්‍රියකවල නිවැරදි සංගුණක වනුයේ, (MnO4−(aq), H2O2(l), H+(aq))

ප්‍රශ්නය 16

A(g) ⟶ B(g) + C(g) යන පළමු පෙළ වායු කලාපීය ප්‍රතික්‍රියාව දී ඇති උෂ්ණත්වයකදී සංවෘත බඳුනක් තුළ සිදු වේ. ආරම්භක පීඩනය 100 kPa වන විට ප්‍රතික්‍රියාවේ අර්ධ ජීව කාලය (t1/2) 20 s වේ. එම උෂ්ණත්වයේදීම ආරම්භක පීඩනය 200 kPa වන විට ප්‍රතික්‍රියාවේ අර්ධ ජීව කාලය වන්නේ,

ප්‍රශ්නය 17

පහත දැක්වෙන ප්‍රතික්‍රියා සලකන්න.
H2(g) + ½O2(g) ⟶ H2O(g) ; ΔH = −241.8 kJ mol-1
H2(g) + ½O2(g) ⟶ H2O(l) ; ΔH = −285.8 kJ mol-1
ජලයෙහි වාෂ්පීකරණ එන්තැල්පි වෙනස (kJ mol-1) වන්නේ,

ප්‍රශ්නය 18

A හා B ප්‍රතික්‍රියක ද්‍රාවණ බීකරයක් තුළ මිශ්‍ර කළ විට ස්වයංසිද්ධ ප්‍රතික්‍රියාවක් මිශ්‍රණයෙහි උෂ්ණත්වය අඩු කරමින් සිදු වේ. පහත සඳහන් කුමක් A හා B අතර ප්‍රතික්‍රියාව සඳහා නිවැරදි වේ ද? (ΔH, ΔS)

ප්‍රශ්නය 19

දී ඇති ප්‍රතික්‍රියාව සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න.
CH3NH2(aq) + H2O(l) ⇌ CH3NH3+(aq) + OH−(aq)

ප්‍රශ්නය 20

පහත දැක්වෙන එන්තැල්පි රූපසටහන සලකන්න.
Ca2+(g) හි සජලන එන්තැල්පි වෙනස −1650 kJ mol-1 වේ. Cl−(g) හි සජලන එන්තැල්පි වෙනස (kJ mol-1) වන්නේ,

ප්‍රශ්නය 20 රූපය

ප්‍රශ්නය 21

පහත දැක්වෙන ප්‍රතික්‍රියා අනුක්‍රමය සලකන්න.
CH3C≡CH —(H2/Pd-BaSO4, ක්විනොලීන්)→ A —(HBr, පෙරොක්සයිඩ)→ B
A සහ B පිළිවෙළින් විය හැක්කේ,

ප්‍රශ්නය 22

දී ඇති උෂ්ණත්වයකදී, 3ClO−(aq) ⟶ ClO3−(aq) + 2Cl−(aq) ප්‍රතික්‍රියාව පහත යන්ත්‍රණය හරහා සිදු වේ.
ClO−(aq) + ClO−(aq) ⟶ ClO2−(aq) + Cl−(aq) (සෙමින්)
ClO2−(aq) + ClO−(aq) ⟶ ClO3−(aq) + Cl−(aq) (වේගයෙන්)
මෙම ප්‍රතික්‍රියාවෙහි ශීඝ්‍රතා නියමය වන්නේ, (k = ශීඝ්‍රතා නියතය)

ප්‍රශ්නය 23

A සංයෝගය 2,4-ඩයිනයිට්‍රොෆීනයිල්හයිඩ්‍රසීන් (2,4-DNP) සමග වර්ණවත් අවක්ෂේපයක් සාදයි. A සංයෝගය ඇමෝනීය AgNO3 සමග ද අවක්ෂේපයක් සාදයි. A සංයෝගය ආම්ලිකෘත K2Cr2O7 සමග ප්‍රතික්‍රියා කර B ඵලය සහ කොළ පැහැති ද්‍රාවණයක් ලබාදෙයි. B සංයෝගය ජලීය Na2CO3 වල ද්‍රාව්‍ය නොවේ.
A සංයෝගය විය හැක්කේ:

ප්‍රශ්නය 24

දී ඇති උෂ්ණත්වයකදී මුද්‍රා තැබූ භාජනයක් තුළ ඇති වායුවක අණුවල චාලක ශක්තීන්ගේ ව්‍යාප්තිය පහත ප්‍රස්තාරයෙන් දැක්වේ.
යම්කිසි වායු ප්‍රමාණයක් ඉවත් කර භාජනය නැවත මුද්‍රා තබා වායුව සිසිලනය කරන ලදී. පහත කුමක් මගින් ප්‍රස්තාරයේ සිදුවන වෙනස නිවැරදිව විස්තර කරයි ද? (වක්‍රයට අයත් ක්ෂේත්‍රඵලය ; උපරිම ලක්ෂ්‍යයෙහි පිහිටීම)

ප්‍රශ්නය 24 රූපය

ප්‍රශ්නය 25

උෂ්ණත්වය 298 K දී ක්‍රියාත්මක වෙමින් පවතින පහත දී ඇති විද්‍යුත් රසායනික කෝෂය සලකන්න.
Zn(s) | Zn2+(aq, 1.0 mol dm-3) ‖ Fe2+(aq, 1.0 mol dm-3), Fe3+(aq, 1.0 mol dm-3) | Pt(s)
පහත සඳහන් කුමක් මගින් නිවැරදි සම්පූර්ණ කෝෂ ප්‍රතික්‍රියාව සහ E°cell දක්වයි ද?
E°Zn2+(aq)/Zn(s) = −0.76 V ; E°Fe3+(aq)/Fe2+(aq) = +0.77 V

ප්‍රශ්නය 26

දී ඇති උෂ්ණත්වයකදී දෘඪ-සංවෘත බඳුනක් තුළ සිදුවෙමින් පවතින පහත ප්‍රතික්‍රියාව සලකන්න.
4NH3(g) + 5O2(g) ⇌ 4NO(g) + 6H2O(g) ; ΔH = −900 kJ mol-1
පහත සඳහන් කුමන වගන්තිය මෙම ප්‍රතික්‍රියාව සඳහා සත්‍ය වේ ද?

ප්‍රශ්නය 27

සාන්ද්‍ර NH3 ද්‍රාවණයක් අඩංගු බෝතලයක ලේබලයේ පහත දැක්වෙන තොරතුරු විදහා දැක්විණ.
NH3 ප්‍රමාණය – 30.0% (බර අනුව) ; ඝනත්වය – 0.850 g cm-3
මෙම NH3 ද්‍රාවණයෙන් 400.0 cm3 ක්, H2SO4 සමග සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කළ විට සෑදිය හැකි ඇමෝනියම් සල්ෆේට් ප්‍රමාණය වන්නේ,
(H = 1, N = 14, O = 16, S = 32)

ප්‍රශ්නය 28

පහත දැක්වෙන ප්‍රතික්‍රියාවේ ප්‍රධාන ඵලය කුමක් ද? (වැඩිපුර PCl5)

ප්‍රශ්නය 28 රූපය

ප්‍රශ්නය 29

X දර අළු සාම්පලයක CaCO3, K2CO3 සහ නිෂ්ක්‍රිය ද්‍රව්‍යක් අඩංගු වේ. X හි CaCO3:K2CO3 මවුල අනුපාතය 2:1 වේ. X වල වියළි කුඩු කරන ලද 1.0 g ක සාම්පලයක් වැඩිපුර HCl සමග ප්‍රතික්‍රියා කරවන ලදී. භාවිත කළ HCl වල සාන්ද්‍රණය සහ පරිමාව පිළිවෙළින් 0.30 mol dm-3 සහ 25.0 cm3 වේ. ප්‍රතික්‍රියාව අවසන් වූ පසු, ඉතිරි වී ඇති HCl ප්‍රමාණාත්මකව එකතු කර 0.10 mol dm-3 NaOH සමග අනුමාපනය කරන ලදී. අන්ත ලක්ෂ්‍යයේදී බියුරෙට්ටු පාඨාංකය 15.0 cm3 විය. X දර අළු සාම්පලයේ CaCO3 ප්‍රතිශතය වන්නේ,

ප්‍රශ්නය 30

පහත දී ඇති සමතුලිත ප්‍රතික්‍රියාව සලකන්න.
H2(g) + I2(g) ⇌ 2HI(g) (උෂ්ණත්වය 600 °C දී KC = 50)
H2(g), I2(g) සහ HI(g) සම මවුලික ප්‍රමාණයන් පෙරදී රේචනය කරන ලද 2.0 dm3 දෘඪ-සංවෘත බඳුනකට කාමර උෂ්ණත්වයේදී ඇතුල් කර උෂ්ණත්වය 600 °C දක්වා වැඩි කරන ලදී. පද්ධතිය සමතුලිතතාවට එළඹීමේදී පහත සඳහන් කුමක් සිදු වේ ද? (QC = ප්‍රතික්‍රියා ලබ්ධිය)

පිළිතුරු දෙන ආකාරය

අංක 31 සිට 40 තෙක් එක් එක් ප්‍රශ්නය සඳහා දී ඇති (a), (b), (c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන්, එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය/ප්‍රතිචාර කවරේ දැ'යි තෝරා ගන්න.

  1. (a) සහ (b) පමණක් නිවැරදියි
  2. (b) සහ (c) පමණක් නිවැරදියි
  3. (c) සහ (d) පමණක් නිවැරදියි
  4. (d) සහ (a) පමණක් නිවැරදියි
  5. වෙනත් ප්‍රතිචාර සංඛ්‍යාවක් හෝ සංයෝජනයක් හෝ නිවැරදියි

ප්‍රශ්නය 31

පහත සඳහන් කුමන වගන්තිය/වගන්ති Fe3+(aq) සහ I−(aq) අතර ප්‍රතික්‍රියාවේ පෙළ නිර්ණය කරන පරීක්ෂණය (අයඩීන්-ඔරලෝසු පරීක්ෂණය) සම්බන්ධයෙන් නිවැරදි වේ ද?

  • (a)නියත S2O32−(aq) ප්‍රමාණයක් ප්‍රතික්‍රියා කිරීමට ගතවන කාලය මනිනු ලැබේ.
  • (b)S2O32−(aq) සාන්ද්‍රණය I−(aq) හි සාන්ද්‍රණයට වඩා ඉතා ඉහළ විය යුතු ය.
  • (c)Fe3+(aq) සහ I−(aq) අතර ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතය නිර්ණය කරන පරීක්ෂණයේදී S2O32−(aq) භාවිත කළ නොහැක.
  • (d)S2O32−(aq) සාන්ද්‍රණය I−(aq) සාන්ද්‍රණයට වඩා ඉතා කුඩා විය යුතු ය.

ප්‍රශ්නය 32

2-Bromo-2-methylpropane, ජලීය NaOH සමග සිදුවන ප්‍රතික්‍රියාව පිළිබඳව පහත දැක්වෙන ප්‍රකාශ අතුරෙන් කුමක්/කුමන ඒවා සත්‍ය වේ ද?

  • (a)එය ඉලෙක්ට්‍රොෆිලික ආදේශ ප්‍රතික්‍රියාවකි.
  • (b)ප්‍රතික්‍රියාව සිදුවන විට අතරමැදියක් ලෙස කාබොකැටායනයක් සෑදේ.
  • (c)ප්‍රධාන ඵලය ලෙස (CH3)3COH සෑදේ.
  • (d)අතුරුඵලයක් ලෙස (CH3)2C=CH2 සෑදිය හැක.

ප්‍රශ්නය 33

පහත දැක්වෙන කුමන ප්‍රතික්‍රියාව/ප්‍රතික්‍රියා නිවැරදි ද?

ප්‍රශ්නය 33 රූපය
  • (a)CH3COOH —(1) CH3MgBr, (2) H+/H2O→ CH3COCH3 + Mg(OH)Br
  • (b)CH3CH2CH(CHO)CH2OH —CH3MgBr→ CH3CH2CH(CH(CH3)OMgBr)CH2OH
  • (c)CH3C≡CH —CH3MgBr→ CH3C≡CMgBr + CH4
  • (d)CH3CH2CH2OH —CH3MgBr→ CH3CH2CH2OMgBr + CH4

ප්‍රශ්නය 34

s සහ p ගොනුවල මූලද්‍රව්‍ය සහ ඒවායේ සංයෝග පිළිබඳව මින් කුමන ප්‍රකාශය/ප්‍රකාශ සත්‍ය වේ ද?

  • (a)Be, හයිඩ්‍රජන් වායුව සමග ප්‍රතික්‍රියා කර අයනික ලෝහ හයිඩ්‍රයිඩයක් ලබා දේ.
  • (b)s-ගොනුවේ මූලද්‍රව්‍ය අතුරෙන් Mg වලට ඉහළම විද්‍යුත් සෘණතාව ඇත.
  • (c)NH3, SO2 සහ H2S වලට ඔක්සිකාරක මෙන්ම ඔක්සිහාරක ලෙස ද හැසිරිය හැක.
  • (d)රත් කළ විට, Na සහ Ba වැඩිපුර ඔක්සිජන් වායුව සමග ප්‍රතික්‍රියා කර පිළිවෙළින් Na2O2 සහ BaO2 ලබා දේ.

ප්‍රශ්නය 35

කාබන් ඩයොක්සයිඩ් (CO2) හි කලාප රූපසටහන පහත දැක්වේ.
25 °C හා 1 atm පීඩනයකදී ඝන CO2 (වියළි-අයිස්) නියැදියක් බීකරයක තැබූ විට ද්‍රව CO2 නොසෑදෙන බව නිරීක්ෂණය කළ හැක. ඉහත රූපසටහන අනුව පහත සඳහන් කුමන ප්‍රකාශනය/ප්‍රකාශන මෙම නිරීක්ෂණය පැහැදිලි කරයි ද?

ප්‍රශ්නය 35 රූපය
  • (a)ත්‍රික-ලක්ෂ්‍යයෙහි උෂ්ණත්වය අවධි උෂ්ණත්වයට වඩා අඩු ය.
  • (b)අවධි ලක්ෂ්‍යයෙහි උෂ්ණත්වය 25 °C ට වඩා වැඩි ය.
  • (c)ත්‍රික-ලක්ෂ්‍යයෙහි පීඩනය 1 atm වලට වඩා වැඩි ය.
  • (d)පීඩනය 1 atm වලදී ඝන CO2 වායු කලාපය සමග පමණක් සමතුලිතව පවතී.

ප්‍රශ්නය 36

පහත සඳහන් කුමන ප්‍රකාශය/ප්‍රකාශ සත්‍ය වේ ද?

  • (a)කසළ බැහැර කිරීමට ක්‍රමවත් පිළිවෙළක් අනුගමනය කිරීම ගෝලීය උණුසුම අවම කිරීමට දායක වේ.
  • (b)වන විනාශය අවම කිරීම ගෝලීය උණුසුම වැඩි වීමට දායක වේ.
  • (c)ප්‍රවාහනයේදී පිටවන NO වායුව ගෝලීය උණුසුම ඉහළ යෑමට දායක වෙයි.
  • (d)ශීතකරණ සහ වායුසමන යන්ත්‍රවල භාවිත වන සිසිලන වායු ගෝලීය උණුසුම ඉහළ යෑමට දායක වෙයි.

ප්‍රශ්නය 37

පහත සඳහන් කුමන ප්‍රකාශය/ප්‍රකාශ ස්තර ගෝලයේ ඕසෝන් වියනෙහි ක්‍රියාකාරිත්වය පිළිබඳව සත්‍ය වේ ද?

  • (a)ඕසෝන් සෑදීමට NO2 අවශ්‍ය වේ.
  • (b)පරිවර්තී ගෝලයේ නිපදවෙන පරමාණුක ඔක්සිජන් ස්තර ගෝලයට ළඟාවීමෙන් පසු ඕසෝන් නිපදවයි.
  • (c)ස්තර ගෝලයේ ඇති ඕසෝන් මට්ටම වසර පුරා විචලනය වෙයි.
  • (d)ඕසෝන් සෑදීමට අධෝරක්ත කිරණ අත්‍යවශ්‍ය වේ.

ප්‍රශ්නය 38

පහත සඳහන් කෝෂ සලකන්න.
A : Zn(s) ¦ Zn2+(aq, 1.0 mol dm-3) ¦ Cu2+(aq, 1.00 mol dm-3) | Cu(s)
B : Zn(s) | Zn2+(aq, 1.0 mol dm-3) ‖ Cu2+(aq, 1.00 mol dm-3) | Cu(s)

  • (a)A සහ B දෙකෙහිම අයන සංක්‍රමණය සිදු වේ.
  • (b)A සහ B දෙකෙහිම විද්‍යුත් විච්ඡේද්‍ය මිශ්‍ර වීම වළක්වා ඇත.
  • (c)B හි පමණක් අයන සංක්‍රමණය සිදු වේ.
  • (d)B හි පමණක් විද්‍යුත් විච්ඡේද්‍ය මිශ්‍ර වීම වළක්වා ඇත.

ප්‍රශ්නය 39

පහත සඳහන් කුමන වගන්තිය/වගන්ති 3d-ගොනුවේ මූලද්‍රව්‍ය සහ ඒවායේ සංයෝග සම්බන්ධයෙන් නිවැරදි වේ ද?

  • (a)[Cr(NH3)6]Br3 වල නිවැරදි IUPAC නාමය වන්නේ hexaamminechromium(III) tribromide.
  • (b)3d-ගොනුවේ ලෝහවල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පදනම් කොට ගනිමින් Zn වලට අඩුම ද්‍රවාංකය ඇතැයි බලාපොරොත්තු විය හැක.
  • (c)3d-ගොනුවේ මූලද්‍රව්‍ය අතුරෙන් Cu පහත්ම ස්ථායි ඔක්සිකරණ අවස්ථාව පෙන්නුම් කරයි.
  • (d)CrO3 ජලීය NaOH වල දියවී Cr2O72− අයනය ලබාදේ.

ප්‍රශ්නය 40

සමහර කාර්මික ක්‍රියාවලි සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශ/ය සත්‍ය වේ ද?

  • (a)හේබර්-බොෂ් ක්‍රියාවලියේ N2(g) සමග H2(g) ප්‍රතික්‍රියා කර NH3(g) සාදන ප්‍රතික්‍රියාව සඳහා එන්ට්‍රොපි වෙනස ධන වේ (ΔS > 0).
  • (b)හේබර්-බොෂ් ක්‍රියාවලියේ N2(g) සමග H2(g) ප්‍රතික්‍රියා කර NH3(g) සාදන ප්‍රතික්‍රියාව තාපදායක වේ.
  • (c)ක්ලෝරීනීකරණයට පසුව ඔක්සිකරණය මගින්, රූටයිල්වලින් ඉහළ සංශුද්ධතාවයෙන් යුත් TiO2 නිෂ්පාදනය සඳහා වූ කාර්මික ක්‍රියාවලිය පරිසරයට CO2 පිට කිරීමට තුඩු දෙයි.
  • (d)සල්ෆියුරික් අම්ලය නිපදවන ස්පර්ශ ක්‍රියාවලියේදී SO3(g) ලබාදීම සඳහා O2(g) සමග SO2(g) අතර වූ ප්‍රතික්‍රියාව තාපාවශෝෂක ප්‍රතික්‍රියාවකි.
පිළිතුරු දෙන ආකාරය

අංක 41 සිට 50 තෙක් එක් එක් ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින් ඉදිරිපත් කර ඇත. එම ප්‍රකාශ යුගලයට හොඳින්ම ගැළපෙනුයේ පහත දැක්වෙන ප්‍රතිචාරවලින් කවර ප්‍රතිචාරය දැ'යි තෝරන්න.

  1. පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා දෙයි.
  2. පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වන නමුත් පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා නොදෙයි.
  3. පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය අසත්‍ය වේ.
  4. පළමුවැනි ප්‍රකාශය අසත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වේ.
  5. පළමුවැනි ප්‍රකාශය අසත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය අසත්‍ය වේ.

ප්‍රශ්නය 41

පළමුවැනි ප්‍රකාශය

1 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය (Li–Cs) වල ලෝහක බන්ධන, 2 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය (Be–Ba) වල ලෝහක බන්ධනවලට වඩා දුර්වල වේ.

දෙවැනි ප්‍රකාශය

ලෝහක බන්ධනවලට, 1 වන කාණ්ඩයේ මූලද්‍රව්‍යවල එක් සංයුජ ඉලෙක්ට්‍රෝනයක් පමණක් සම්බන්ධ වුවද 2 වන කාණ්ඩයේ මූලද්‍රව්‍යවල ඉලෙක්ට්‍රෝන දෙකක් සම්බන්ධ වේ.

ප්‍රශ්නය 42

ප්‍රශ්නය 42 රූපය
පළමුවැනි ප්‍රකාශය

රූපයේ දැක්වෙන සංයෝග දෙක, (CH3)(Cl)C=C(Br)(CH2CH3) සහ (CH3)(Cl)C=C(CH2CH3)(Br), එකිනෙකෙහි පාරත්‍රිමාන සමාවයවික වේ.

දෙවැනි ප්‍රකාශය

එකිනෙකෙහි දර්පණ ප්‍රතිබිම්බ නොවන ත්‍රිමාන සමාවයවික පාරත්‍රිමාන සමාවයවික වේ.

ප්‍රශ්නය 43

පළමුවැනි ප්‍රකාශය

CH3NH2(aq)/CH3NH3Cl(aq) ද්‍රාවණයක 100 cm3 ට තනුක ඛනිජ අම්ලයක බිංදු කීපයක් එකතු කළ විට ද්‍රාවණයේ pH අගය සැලකිය යුතු තරමින් වෙනස් නොවේ.

දෙවැනි ප්‍රකාශය

CH3NH2(aq) සහ CH3NH3Cl(aq) වලින් සමන්විත ද්‍රාවණයක් ස්වාරක්ෂක ද්‍රාවණයක් ලෙස ක්‍රියාකරයි.

ප්‍රශ්නය 44

පළමුවැනි ප්‍රකාශය

Ni2+, Cu2+ සහ Zn2+ වල ජලීය ද්‍රාවණ, වැඩිපුර NH4OH(aq) සමග වෙන් වෙන් වශයෙන් පිරියම් කළ විට ස්ථිර අවක්ෂේප ලබා නොදේ.

දෙවැනි ප්‍රකාශය

Ni2+(aq), Cu2+(aq) සහ Zn2+(aq) යන අයන තුනම, වෙන් වෙන් වශයෙන් වැඩිපුර NH4OH(aq) සමග පිරියම් කළ විට ඇම්මීන් සංකීර්ණ ලබා දෙයි.

ප්‍රශ්නය 45

පළමුවැනි ප්‍රකාශය

ඉලෙක්ට්‍රොෆිලික ප්‍රතිකාරක සමග බෙන්සීන් ප්‍රතික්‍රියා කර ලබාදෙන්නේ, ආකලන ඵල නොව ආදේශ ඵල ය.

දෙවැනි ප්‍රකාශය

බෙන්සීන් සහ ඉලෙක්ට්‍රොෆයිලය අතර ප්‍රතික්‍රියාවෙන් සෑදෙන කාබොකැටායන අතරමැදිය, එහි ධන ආරෝපණයේ විස්ථානගත වීම නිසා ස්ථායි වේ.

ප්‍රශ්නය 46

පළමුවැනි ප්‍රකාශය

Ag+(aq)/Ag(s) සහ Cu2+(aq)/Cu(s) ඉලෙක්ට්‍රෝඩ මගින් ගොඩනගන ලද විද්‍යුත් රසායනික කෝෂයක Cu සිට Ag දක්වා ඉලෙක්ට්‍රෝන ගලායෑම සිදු වේ. (E°Cu2+(aq)/Cu(s) = 0.34 V, E°Ag+(aq)/Ag(s) = 0.80 V)

දෙවැනි ප්‍රකාශය

Cu(s) | Cu2+(aq, 1 M) ‖ Ag+(aq, 1 M) | Ag(s) විද්‍යුත් රසායනික කෝෂයෙහි Cu2+(aq) | Cu(s) ඉලෙක්ට්‍රෝඩය කැතෝඩය වේ.

ප්‍රශ්නය 47

පළමුවැනි ප්‍රකාශය

N2(g) වලට ඔක්සිකාරකයක් ලෙස හැසිරිය නොහැක.

දෙවැනි ප්‍රකාශය

රත් කළ විට N2(g), Li සමග ප්‍රතික්‍රියා කර ලැබෙන අයනික ඵලය ජලය සමග NH3(g) පිට කරමින් ප්‍රතික්‍රියා කරයි.

ප්‍රශ්නය 48

පළමුවැනි ප්‍රකාශය

සන්තෘප්ත PbC2O4 ද්‍රාවණයකට තනුක HNO3(aq) එකතු කළ විට PbC2O4(s) හි ද්‍රාව්‍යතාව වැඩි වේ.

දෙවැනි ප්‍රකාශය

PbC2O4(s) ⇌ Pb2+(aq) + C2O42−(aq) සමතුලිතතාවය තුළ ඇති C2O42−(aq), H2C2O4(aq) අම්ලයෙහි සංයුග්මක භෂ්මය ලෙස සැලකිය හැක.

ප්‍රශ්නය 49

පළමුවැනි ප්‍රකාශය

ධාරා ඌෂ්මකයක කෝක් සහ O2(g) අතර ප්‍රතික්‍රියාවෙන් සෑදෙන CO(g) ප්‍රමාණය උෂ්ණත්වය වැඩිවීමත් සමග වැඩි වේ.

දෙවැනි ප්‍රකාශය

කෝක් සමග O2(g) මගින් CO(g) නිපදවන ප්‍රතික්‍රියාවට ධන එන්ට්‍රොපි වෙනසක් ඇත.

ප්‍රශ්නය 50

පළමුවැනි ප්‍රකාශය

තාපස්ථාපන බහුඅවයවක රත් කිරීම මගින් මෘදු කළ නොහැක.

දෙවැනි ප්‍රකාශය

තාපස්ථාපන බහුඅවයවකවලට ත්‍රිමාන දැලිසක් ලෙස සැකසුණු අණුක ව්‍යුහයක් ඇත.

ප්‍රශ්න වෙන වෙනම