පිළිතුරු දෙන ආකාරයඅංක 31 සිට 40 තෙක් එක් එක් ප්රශ්නය සඳහා දී ඇති (a), (b), (c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන්, එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය/ප්‍රතිචාර කවරේ දැ'යි තෝරා ගන්න.
- (a) සහ (b) පමණක් නිවැරදියි
- (b) සහ (c) පමණක් නිවැරදියි
- (c) සහ (d) පමණක් නිවැරදියි
- (d) සහ (a) පමණක් නිවැරදියි
- වෙනත් ප්‍රතිචාර සංඛ්‍යාවක් හෝ සංයෝජනයක් හෝ නිවැරදියි
පහත සඳහන් කුමන ප්‍රකාශය/ප්‍රකාශ සත්‍ය වේ ද?
- (a)කසළ බැහැර කිරීමට ක්‍රමවත් පිළිවෙළක් අනුගමනය කිරීම ගෝලීය උණුසුම අවම කිරීමට දායක වේ.
- (b)වන විනාශය අවම කිරීම ගෝලීය උණුසුම වැඩි වීමට දායක වේ.
- (c)ප්‍රවාහනයේදී පිටවන NO වායුව ගෝලීය උණුසුම ඉහළ යෑමට දායක වෙයි.
- (d)ශීතකරණ සහ වායුසමන යන්ත්‍රවල භාවිත වන සිසිලන වායු ගෝලීය උණුසුම ඉහළ යෑමට දායක වෙයි.
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (4) (d) සහ (a) පමණක් නිවැරදියි