පළමුවැනි ප්‍රකාශය
Ni2+, Cu2+ සහ Zn2+ වල ජලීය ද්‍රාවණ, වැඩිපුර NH4OH(aq) සමග වෙන් වෙන් වශයෙන් පිරියම් කළ විට ස්ථිර අවක්ෂේප ලබා නොදේ.
දෙවැනි ප්‍රකාශය
Ni2+(aq), Cu2+(aq) සහ Zn2+(aq) යන අයන තුනම, වෙන් වෙන් වශයෙන් වැඩිපුර NH4OH(aq) සමග පිරියම් කළ විට ඇම්මීන් සංකීර්ණ ලබා දෙයි.
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (1) පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා දෙයි.