Score.lk ඇප් එක ගන්න

2023 A/L රසායන විද්‍යාව MCQ ප්‍රශ්න පත්‍රය

ප්‍රශ්න 50 · පැය 2. පළමු පිළිතුර තේරූ විට කාලය පටන් ගනී. ඔබේ පිළිතුරු මෙම උපාංගයේ පමණක් සුරැකේ.

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

ප්‍රශ්නය 1

ආහාර රත් කිරීම සඳහා භාවිත කරන ක්ෂුද්‍ර තරංග උදුනක (Microwave oven) විකිරණවල තරංග ආයාමය 1.1 cm නම්, මෙම ක්ෂුද්‍ර තරංග විකිරණවල එක ෆෝටෝනයක ශක්තිය වනුයේ,
(සටහන : ප්ලෑන්ක්ගේ නියතය, h = 6.6 × 10-34 J s ගණනය කිරීමට යොදා ගන්න.)

ප්‍රශ්නය 2

පහත දැක්වෙන ලැයිස්තුවෙන්, හයිඩ්‍රජන් වර්ණාවලියේ ඉහළම සංඛ්‍යාතය සහ පහළම සංඛ්‍යාතය ඇති විමෝචන රේඛා පිළිවෙළින් හඳුනාගන්න.
විමෝචන රේඛා ලැයිස්තුව (n = ප්‍රධාන ක්වොන්ටම් අංකය):
n = 3 → n = 1, n = 2 → n = 1, n = 3 → n = 2, n = 4 → n = 2, n = 4 → n = 3

ප්‍රශ්නය 3

පහත දක්වා ඇති සංයෝග රත් කළ විට, ඒවා, MCO3(s) —Δ→ MO(s) + CO2(g) ප්‍රතික්‍රියාව අනුව වියෝජනය වේ. අඩුම වියෝජන උෂ්ණත්වය ඇති සංයෝගය හඳුනාගන්න.

ප්‍රශ්නය 4

F2IO2+, F2BrO2− සහ IBrCl3− හි මධ්‍ය පරමාණු වටා ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිති වනුයේ පිළිවෙළින්,

ප්‍රශ්නය 5

පහත දී ඇති සංයෝගයේ IUPAC නාමය කුමක් ද?

ප්‍රශ්නය 5 රූපය

ප්‍රශ්නය 6

ලෝහ ක්ලෝරයිඩ කිහිපයක දෙන ලද උෂ්ණත්වයකදී ද්‍රාව්‍යතා ගුණිත පහත ලැයිස්තු ගත කර ඇත.
A : PbCl2 – 5.00 × 10-7 mol3 dm-9
B : CuCl – 1.60 × 10-7 mol2 dm-6
C : AgCl – 1.60 × 10-10 mol2 dm-6
D : Hg2Cl2 – 1.08 × 10-16 mol3 dm-9
ලෝහ ක්ලෝරයිඩ ඒවායේ සංතෘප්ත ජලීය ද්‍රාවණයන්හි ක්ලෝරයිඩ අයන සාන්ද්‍රණය වැඩිවන පිළිවෙළට සකසා ඇත්තේ කුමන අනුපිළිවෙළෙහි ද?

ප්‍රශ්නය 7

වැරදි වගන්තිය තෝරන්න.

ප්‍රශ්නය 8

CH3CH2Br, CH2=CHF, CH2=CHCl සහ HC≡CF වල යටින් ඉරක් ඇඳ ඇති කාබන් (C) පරමාණුවේ විද්‍යුත් සෘණතාව වැඩිවන අනුපිළිවෙළ වනුයේ, (යටින් ඉරි ඇඳි පරමාණු රූපයේ දැක්වේ.)

ප්‍රශ්නය 8 රූපය

ප්‍රශ්නය 9

මීතේන්හි මුක්ත ඛණ්ඩක ක්ලෝරීනීකරණ ප්‍රතික්‍රියාවේ දාම ප්‍රචාරණ පියවරක් නිරූපණය වනුයේ පහත දැක්වෙන කුමක් මගින්ද? (• = මුක්ත ඛණ්ඩකය)

ප්‍රශ්නය 10

A2 + B2 ⟶ A2B2 ප්‍රතික්‍රියාව සඳහා පරීක්ෂණාත්මකව නිර්ණය කරන ලද ශීඝ්‍රතා නියමය, ශීඝ්‍රතාව = k[A2] වේ. මෙහි k යනු ශීඝ්‍රතා නියතය වේ. මෙම ප්‍රතික්‍රියාව සඳහා පහත යන්ත්‍රණ යෝජනා කර ඇත.
(I) A2 ⟶ 2A (සෙමින්) ; A + B2 ⟶ AB2 (වේගයෙන්) ; AB2 + A ⟶ A2B2 (වේගයෙන්)
(II) A2 ⟶ 2A (සෙමින්) ; 2A + B2 ⟶ A2B2 (වේගයෙන්)
(III) A2 ⟶ 2A (සෙමින්) ; A + B2 ⟶ AB + B (වේගයෙන්) ; A + AB ⟶ A2B (වේගයෙන්) ; A2B + B ⟶ A2B2 (වේගයෙන්)
ඉහත ප්‍රතික්‍රියාව සම්බන්ධයෙන් පහත සඳහන් කුමන වගන්තිය නිවැරදි වේ ද?

ප්‍රශ්නය 11

පහත දී ඇති ලවණවල තාප වියෝජනය පිළිබඳ වැරදි ප්‍රකාශය හඳුනාගන්න.
NH4Cl, NH4NO2, NH4NO3, (NH4)2CO3 සහ (NH4)2Cr2O7

ප්‍රශ්නය 12

දී ඇති අනුමාපන වක්‍රය ඒකභාස්මික දුබල අම්ලයක් NaOH සමග අනුමාපනය කිරීමෙන් ලබාගන්නා ලදී. පහත දී ඇති වගන්ති අතුරෙන් වැරදි වගන්තිය හඳුනාගන්න.

ප්‍රශ්නය 12 රූපය

ප්‍රශ්නය 13

A නම් කාබනික සංයෝගයක් 2,4-ඩයිනයිට්‍රොෆෙනිල්හයිඩ්‍රසීන් සමග වර්ණවත් අවක්ෂේපයක් ලබා දෙයි. A සංයෝගය, ආම්ලිකෘත පොටෑසියම් ඩයික්‍රෝමේට් සමග ප්‍රතික්‍රියා කළ විට B සංයෝගය සෑදෙන අතර ද්‍රාවණය කොළ පාට වේ. B සංයෝගය 2,4-ඩයිනයිට්‍රොෆෙනිල්හයිඩ්‍රසීන් සමග වර්ණවත් අවක්ෂේපයක් ලබා නොදුනි. A හි ව්‍යුහය විය හැක්කේ,

ප්‍රශ්නය 14

ඝනත්වය 1.4 g cm-3 සහ ස්කන්ධය අනුව 30% NaOH 20.0 cm3 සමග සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කිරීමට අවශ්‍ය 5.0 mol dm-3 H2SO4 පරිමාව වනුයේ,
(H = 1, O = 16, Na = 23)

ප්‍රශ්නය 15

කාමර උෂ්ණත්වයේ ඇති සංවෘත දෘඪ බඳුනක් තුළ He හා Ne වායු සමාන ස්කන්ධ අඩංගු වේ. බඳුනේ මුළු පීඩනය P වේ. He හි ආංශික පීඩනය වනුයේ,
(He = 4, Ne = 20)

ප්‍රශ්නය 16

H2(g) + I2(g) ⇌ 2HI(g)
නියත උෂ්ණත්වයේ ඇති සංවෘත දෘඪ බඳුනක් තුළ ඉහත ප්‍රතික්‍රියාව සමතුලිතතාවයේ පවතී. I2(g) යම් ප්‍රමාණයක් බඳුන තුළට එකතු කළ විගස ඉදිරි හා ආපසු ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවල සිදුවන වෙනස නිවැරදිව පැහැදිලි කෙරෙන්නේ පහත කුමන වගන්තියෙන්ද?

ප්‍රශ්නය 17

1.0 mol dm-3 CH3COOH(aq) 100.0 cm3 හා 1.0 mol dm-3 CH3COONa(aq) 100.0 cm3 මිශ්‍ර කිරීමෙන් ද්‍රාවණයක් සාදන ලදී. ලැබුණු ද්‍රාවණයෙහි 25 °C හි දී pH අගය 4.8 ක් විය. මෙම ද්‍රාවණයට 0.10 mol dm-3 HCl(aq) බිංදු කිහිපයක් එකතු කර හොඳින් මිශ්‍ර කළ විට ද pH අගය 4.8 හි ම පැවතුණි. ද්‍රාවණයෙහි pH අගය වෙනස්වීම වැළැක්වීම සඳහා පහත කුමන ප්‍රතික්‍රියාව සිදු වී තිබිය හැකිද?

ප්‍රශ්නය 18

පහත සඳහන් කුමක් මගින් H2(g) + Cl2(g) ⟶ 2HCl(g) ප්‍රතික්‍රියාවෙහි ශක්ති සටහන නිරූපණය වේ ද?
H–H, Cl–Cl හා H–Cl හි බන්ධන ශක්තීන් පිළිවෙළින් 430, 240 හා 430 kJ mol-1 වේ.

ප්‍රශ්නය 19

පහත දී ඇති ප්‍රතික්‍රියා සලකන්න. උෂ්ණත්වය T හි දී ΔG අගයන් දී ඇත.
4NH3(g) + 5O2(g) ⟶ 4NO(g) + 6H2O(l) ; ΔG = −1010 kJ mol-1
2NO2(g) ⟶ 2NO(g) + O2(g) ; ΔG = 70 kJ mol-1
4NO2(g) + O2(g) + 2H2O(l) ⟶ 4HNO3(aq) ; ΔG = −170 kJ mol-1
NH3(g) + 2O2(g) ⟶ HNO3(aq) + H2O(l) ප්‍රතික්‍රියාවෙහි T උෂ්ණත්වයේ දී ΔG (kJ mol-1) වන්නේ,

ප්‍රශ්නය 20

දී ඇති සංයෝග අතුරින් කුමක් පහත සඳහන් ප්‍රතික්‍රියා (I, II සහ III) තුනටම භාජනය වේ ද?
I – PCl5 සමග ප්‍රතික්‍රියා කර ක්ලෝරෝ සංයෝගයක් ලබා දේ.
II – ජලීය NaOH හමුවේ ස්වයං-සංඝනනයට භාජනය වේ.
III – LiAlH4 සමග ඔක්සිහරණ ප්‍රතික්‍රියාවකට භාජනය වේ.

ප්‍රශ්නය 21

පහත දී ඇති ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාව සලකන්න.
FeF2(s) + 2H+(aq) ⇌ Fe2+(aq) + 2HF(aq)
(ඉහත ප්‍රතික්‍රියාවෙහි සමතුලිතතා නියතය K වේ.)
මෙම සමතුලිතතාවය පහත යන්ත්‍රණය හරහා ළඟා වේ.
FeF2(s) ⇌ Fe2+(aq) + 2F−(aq) ; K1 = 2.0 × 10-6 mol3 dm-9
F−(aq) + H+(aq) ⇌ HF(aq) ; K2 = 1.0 × 103 mol-1 dm3
සමස්ත සමතුලිතතාවය සම්බන්ධයෙන් පහත සඳහන් කුමන වගන්තිය නිවැරදි වේ ද?

ප්‍රශ්නය 22

කාබොක්සිලික් අම්ල පිළිබඳ පහත සඳහන් කුමන වගන්තිය වැරදි වේ ද?

ප්‍රශ්නය 23

CH3OH(g) ⟶ CO(g) + 2H2(g) ; ΔH° = 91 kJ mol-1
තාප පරිවාරක සංවෘත දෘඪ බඳුනක් තුළ ඉහත ප්‍රතික්‍රියාව සම්පූර්ණත්වය කරා සිදුවේ.
(i) බඳුන තුළ අඩංගු ද්‍රව්‍යයන්හි උෂ්ණත්වය, (ii) ප්‍රතික්‍රියාවේ ΔS° හි ලකුණ, සම්බන්ධයෙන් පහත සඳහන් කුමක් නිවැරදි වේ ද? (උෂ්ණත්වය ; ΔS° හි ලකුණ)

ප්‍රශ්නය 24

පිස්ටනයකින් සමන්විත සංවෘත බඳුනක T උෂ්ණත්වයේදී හා P1 පීඩනයේදී පරිපූර්ණ වායුවක් අඩංගු වේ. වායුව අයත් කරගන්නා පරිමාව 2.0 dm3 වේ. මෙම උෂ්ණත්වයේදී පරිමාව 5.0 dm3 දක්වා වැඩි කළ විට පීඩනය P2 දක්වා වෙනස් වේ. මෙම පද්ධතිය සම්බන්ධයෙන් පහත සඳහන් කුමන වගන්තිය නිවැරදි වේ ද?

ප්‍රශ්නය 25

දී ඇති උෂ්ණත්වයකදී සිදුවන පහත ප්‍රතික්‍රියාව සලකන්න.
N2O(g) + CO(g) ⟶ N2(g) + CO2(g)
Pd කුඩු ස්වල්පයක් හමුවේ මෙම ප්‍රතික්‍රියාව සිදු කරන විට ප්‍රතික්‍රියාවෙහි ශීඝ්‍රතාව වැඩිවේ. මෙම නිරීක්ෂණය වඩාත්ම හොඳින් පැහැදිලි කරන්නේ පහත සඳහන් කුමකින් ද?

ප්‍රශ්නය 26

සුදුසු තත්ත්ව යටතේ C2H5OH මවුලයක් CO2 බවට ඔක්සිකරණය කළ විට පිටවන ඉලෙක්ට්‍රෝන මවුල සංඛ්‍යාව වනුයේ,

ප්‍රශ්නය 27

ඇල්කයිනයක් තනුක H2SO4 / HgSO4 සමග ප්‍රතික්‍රියා කර කීටෝනයක් ලබාදෙන ප්‍රතික්‍රියාව සලකන්න. මෙම ප්‍රතික්‍රියාව සිදුවීමේදී සෑදිය හැකි ව්‍යුහයක් වනුයේ,

ප්‍රශ්නය 28

298 K හි දී පහත අර්ධ ප්‍රතික්‍රියා සලකන්න.
Mg2+(aq) + 2e ⟶ Mg(s) ; E° = −2.37 V
Cr3+(aq) + 3e ⟶ Cr(s) ; E° = −0.74 V
ඉහත ඉලෙක්ට්‍රෝඩවලින් සෑදුනු විද්‍යුත් රසායනික කෝෂයක පූර්ණ කෝෂ ප්‍රතික්‍රියාව සහ විද්‍යුත්ගාමක බලය (E°cell) පහත කුමක් මගින් දෙනු ලැබේද?

ප්‍රශ්නය 29

TiCl4 වැදගත් කාර්මික රසායනික ද්‍රව්‍යයකි. TiO2(s), Cl2(g) සහ C(s) ප්‍රතික්‍රියා කරවීමෙන් මෙය සාදාගත හැක. ප්‍රතික්‍රියාව සඳහා තුලිත නොකරන ලද රසායනික සමීකරණය පහත දී ඇත.
TiO2(s) + Cl2(g) + C(s) ⟶ TiCl4(s) + CO2(g)
TiO2(s) 160 g, Cl2(g) 213 g සහ C(s) 60 g ප්‍රතික්‍රියා කිරීමට සැලසූ විට සෑදෙන උපරිම TiCl4 ප්‍රමාණය වනුයේ,
(C = 12, O = 16, Cl = 35.5, Ti = 48)

ප්‍රශ්නය 30

නියත උෂ්ණත්වයකදී පහත ප්‍රතික්‍රියාව සලකන්න.
PCl3(g) + Cl2(g) ⇌ PCl5(g) ; KC = 6.5 mol-1 dm3
පෙරදී රේචනය කරන ලද පරිමාව 1.0 dm3 වූ සංවෘත දෘඪ බඳුනක් තුළට PCl3(g) 1.5 mol, Cl2(g) 1.0 mol සහ PCl5(g) 2.5 mol ඇතුළු කරන ලදී. ප්‍රතික්‍රියාව සමතුලිතතාවය කරා එළඹීමේදී බඳුනේ මනින ලද පීඩනය වෙනස් වන ආකාරය හොඳින්ම පැහැදිලි වන්නේ පහත සඳහන් කුමක් මගින්ද?
(QC = ප්‍රතික්‍රියා ලබ්ධිය, KC = සමතුලිතතා නියතය)

පිළිතුරු දෙන ආකාරය

අංක 31 සිට 40 තෙක් එක් එක් ප්‍රශ්නය සඳහා දී ඇති (a), (b), (c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන්, එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය/ප්‍රතිචාර කවරේ දැ'යි තෝරා ගන්න.

  1. (a) සහ (b) පමණක් නිවැරදියි
  2. (b) සහ (c) පමණක් නිවැරදියි
  3. (c) සහ (d) පමණක් නිවැරදියි
  4. (d) සහ (a) පමණක් නිවැරදියි
  5. වෙනත් ප්‍රතිචාර සංඛ්‍යාවක් හෝ සංයෝජනයක් හෝ නිවැරදියි

ප්‍රශ්නය 31

උෂ්ණත්වය වැඩි කිරීමේදී රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව වැඩිවන්නේ මන්දැයි නිවැරදිව පහදා දෙන්නේ පහත සඳහන් කුමන වගන්ති/වගන්තිය මගින්ද?

  • (a)ඉහළ උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියාවෙහි සක්‍රියන ශක්තිය අඩු වේ.
  • (b)ඉහළ උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියාවෙහි සක්‍රියන ශක්තිය වැඩි වේ.
  • (c)ඉහළ උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියක අණුවල සෑම සංඝට්ටනයකින්ම ඵල නිපදවේ.
  • (d)ඉහළ උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තියට වඩා වැඩි ශක්තියක් ඇති ගැටුම්වල භාගය වැඩි වේ.

ප්‍රශ්නය 32

උත්ප්‍රේරිත හයිඩ්‍රජනීකරණය මගින් 3-ethylhexane ලබා දිය හැක්කේ පහත දැක්වෙන කුමන ඇල්කයිනයට/ඇල්කයිනවලට ද?

  • (a)CH3–CH2–CH(CH2CH3)–CH2–C≡CH
  • (b)HC≡C–CH2–CH2–CH(CH2CH3)–CH3
  • (c)HC≡C–CH(CH2CH3)–CH2–CH2–CH3
  • (d)CH3–CH2–CH(CH2CH3)–C≡C–CH3

ප්‍රශ්නය 33

පහත සඳහන් කුමන වගන්තිය/වගන්ති නිවැරදි වේද?

  • (a)පීඩනය වැඩි කළ විට ද්‍රවයක තාපාංකය අඩු වේ.
  • (b)පීඩනය වැඩි කළ විට ද්‍රවයක තාපාංකය වැඩි වේ.
  • (c)හිමාල කඳු මුදුනේදී 100 °C ට වඩා අඩු උෂ්ණත්වයකදී ජලය නැටවිය හැක.
  • (d)සංවෘත දෘඪ බඳුනක් තුළ ජලය වාෂ්පීකරණය කළ නොහැක.

ප්‍රශ්නය 34

p-ගොනුවේ මූලද්‍රව්‍ය සහ ඒවායේ සංයෝග පිළිබඳ ව මින් කුමන වගන්තිය/වගන්ති සත්‍යද?

  • (a)ජලය සමග PCl5 සහ SCl2 ප්‍රතික්‍රියාවේදී පිළිවෙළින් එක් ඵලයක් ලෙස H3PO4(aq) සහ S(s) ලබාදේ.
  • (b)Cl2(g) ජලය සමග ප්‍රතික්‍රියාව සහ H2O2(aq) හි වියෝජනය ද්විධාකරණ ප්‍රතික්‍රියා සඳහා උදාහරණ වේ.
  • (c)Cl2(g) වැඩිපුර NH3(g) සමග ප්‍රතික්‍රියාවේදී ලැබෙන ඵලයක් ජලය විෂබීජහරණය සඳහා භාවිත කළ හැක.
  • (d)SO2(g) වලට ඔක්සිහාරකයක් ලෙස ක්‍රියා කළ නොහැක.

ප්‍රශ්නය 35

ඇල්කොහොලවල ප්‍රතික්‍රියා පිළිබඳ පහත සඳහන් කුමන වගන්තිය/වගන්ති නිවැරදි වේ ද?

  • (a)ඇල්කොහොල සහ HBr අතර ප්‍රතික්‍රියාවෙන් බ්‍රෝමොඇල්කේන ලබාදීමේදී, ඉවත්ව යන කාණ්ඩය OH− වේ.
  • (b)ඇල්කොහොල සාන්ද්‍ර H2SO4 සමග රත් කිරීමෙන් සමහර ඇල්කීන පිළියෙළ කළ හැක.
  • (c)ඇල්කොහොල HI සමග ප්‍රතික්‍රියා කර ඇල්කයිල් අයඩයිඩ ලබාදෙන්නේ, ලුවිස් අම්ල හමුවේ පමණි.
  • (d)ප්‍රාථමික ඇල්කොහොල ලූකස් පරීක්ෂාවට භාජනය කළ විට ආවිලතාවක් ලබා නොදෙන්නේ, ප්‍රාථමික ඇල්කොහොල ජලයේ ද්‍රාව්‍ය වන බැවිනි.

ප්‍රශ්නය 36

Co2+, Ni2+, Cu2+ සහ Zn2+ හි එක් එක් කැටායනයේ ජලීය ද්‍රාවණවලට වෙන් වෙන් වශයෙන් (i) වැඩිපුර NaOH(aq) සහ (ii) වැඩිපුර NH4OH(aq) එකතු කළ විට ලැබෙන අවක්ෂේප/ද්‍රාවණවල නිරීක්ෂිත වර්ණයන් සම්බන්ධව කුමන වගන්තිය/වගන්ති නිවැරදි වේ ද?

  • (a)Co2+ (i) දුඹුරු අවක්ෂේපයක් සහ (ii) රතු ද්‍රාවණයක් පිළිවෙළින් ලබා දෙයි.
  • (b)Ni2+ (i) නිල් අවක්ෂේපයක් සහ (ii) කොළ ද්‍රාවණයක් පිළිවෙළින් ලබා දෙයි.
  • (c)Cu2+ (i) නිල් අවක්ෂේපයක් සහ (ii) තද නිල් ද්‍රාවණයක් පිළිවෙළින් ලබා දෙයි.
  • (d)Zn2+ (i) අවර්ණ ද්‍රාවණයක් සහ (ii) අවර්ණ ද්‍රාවණයක් පිළිවෙළින් ලබා දෙයි.

ප්‍රශ්නය 37

පහත සඳහන් කුමන වගන්තිය/වගන්ති නිවැරදි වේ ද?

  • (a)පසට ෆොස්පේට් පොහොර එකතු කිරීම වායුගෝලයේ N2O මට්ටම ඉහළ යාමට දායක වේ.
  • (b)හරකුන් සහ එළුවන් වැනි ගොවිපොළ සතුන්ගේ ශ්වසනය වායුගෝලයේ CO2 මට්ටම ඉහළ යාමට දායක වේ.
  • (c)පොසිල ඉන්ධන දහනය වායුගෝලයේ CH4 මට්ටම ඉහළ යාමට දායක වේ.
  • (d)ජෛව ඉන්ධන දහනය වායුගෝලයේ CO2 මට්ටම ඉහළ යාමට දායක නොවේ.

ප්‍රශ්නය 38

පහත සඳහන් කුමන වගන්තිය/වගන්ති දී ඇති ප්‍රතික්‍රියාව සම්බන්ධයෙන් නිවැරදි වේ ද?
Cu(OH)2(s) ⇌ Cu2+(aq) + 2OH−(aq)

  • (a)ද්‍රාවණයෙහි pH අගය වැඩි කිරීම Cu(OH)2(s) හි ද්‍රාව්‍යතාවය අඩු කරයි.
  • (b)NaOH(s) ද්‍රාවණයට එකතු කිරීම Cu(OH)2(s) හි ද්‍රාව්‍යතාවය වෙනස් නොකරයි.
  • (c)Cu(OH)2(s) හි ද්‍රාව්‍යතාවය උෂ්ණත්වයෙන් ස්වායත්ත වේ.
  • (d)ද්‍රාවණයට වැඩිපුර Cu(OH)2(s) එකතු කිරීම Cu(OH)2(s) හි ද්‍රාව්‍යතාවය වෙනස් නොකරයි.

ප්‍රශ්නය 39

ජෛව ඩීසල් නිෂ්පාදනයෙහි ට්‍රාන්ස්එස්ටරීකරණ ප්‍රතික්‍රියාව සම්බන්ධයෙන් පහත සඳහන් කුමන වගන්තිය/වගන්ති නිවැරදි වේ ද?

  • (a)ග්ලිසරෝල් අතුරු ඵලයකි.
  • (b)උත්ප්‍රේරක ලෙස භස්ම යොදා ගත නොහැක.
  • (c)නිදහස් මේද අම්ල තිබීම ප්‍රතික්‍රියාවට හිතකර වේ.
  • (d)සබන් සෑදීම නිසා උත්ප්‍රේරකයෙහි ක්‍රියාකාරිත්වය අඩු වේ.

ප්‍රශ්නය 40

ද්‍රව පොසිල ඉන්ධන දහනය වන වාහන අපවහනයක අඩංගු වන වායු සම්බන්ධයෙන් පහත සඳහන් කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?

  • (a)අපවහනයෙහි ප්‍රකාශ රසායනික ධූමිකාවට දායක වන වායු අඩංගු වේ.
  • (b)අපවහනයෙහි ගෝලීය උණුසුමට දායක වන වායු අඩංගු වේ.
  • (c)අපවහනයෙහි අම්ල වැසි සඳහා දායක වන වායු අඩංගු වේ.
  • (d)අපවහනයෙහි ඕසෝන් වියන හායනයට දායක වන වායු අඩංගු වේ.
පිළිතුරු දෙන ආකාරය

අංක 41 සිට 50 තෙක් එක් එක් ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින් ඉදිරිපත් කර ඇත. එම ප්‍රකාශ යුගලයට හොඳින්ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වෙන පරිදි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින් කවර ප්‍රතිචාරය දැ'යි තෝරන්න.

  1. පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා දෙයි.
  2. පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වන නමුත් පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා නොදෙයි.
  3. පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය අසත්‍ය වේ.
  4. පළමුවැනි ප්‍රකාශය අසත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වේ.
  5. පළමුවැනි ප්‍රකාශය අසත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය අසත්‍ය වේ.

ප්‍රශ්නය 41

පළමුවැනි ප්‍රකාශය

සුදුසු තත්ත්ව යටතේදී H2S(g) වලට ඔක්සිහාරකයක් මෙන් ම ඔක්සිකාරකයක් ලෙස ද ක්‍රියා කළ හැක.

දෙවැනි ප්‍රකාශය

සල්ෆර් යනු ඔක්සිකරණ අංක −2 සිට +6 පරාසයක් ඇති අලෝහයකි.

ප්‍රශ්නය 42

පළමුවැනි ප්‍රකාශය

ප්‍රොපනෝන් හි තාපාංකය බියුටේන් හි තාපාංකයට වඩා අඩුය.

දෙවැනි ප්‍රකාශය

පයි (π) බන්ධනයක් ප්‍රොපනෝන් හි පවතින අතර බියුටේන් හි π බන්ධනයක් නොමැත.

ප්‍රශ්නය 43

පළමුවැනි ප්‍රකාශය

සමහර තත්ත්ව යටතේදී, තාත්වික වායු නියැදියක පීඩනය පරිපූර්ණ වායු සමීකරණය මගින් පුරෝකථනය කරන අගයට වඩා අඩු විය හැක.

දෙවැනි ප්‍රකාශය

තාත්වික වායු අණු අතර අන්තර් අණුක ආකර්ෂණ බල පවතී.

ප්‍රශ්නය 44

පළමුවැනි ප්‍රකාශය

Mn හි විද්‍යුත් සෘණතාව, Cr සහ Fe හි විද්‍යුත් සෘණතාවන්ට වඩා අඩුය.

දෙවැනි ප්‍රකාශය

Mn හි ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය Cr සහ Fe හි ඉලෙක්ට්‍රෝනික වින්‍යාසවලට වඩා ස්ථායී වේ.

ප්‍රශ්නය 45

පළමුවැනි ප්‍රකාශය

ඇරෝමැටික ඩයසෝනියම් ලවණ ජලය සමග උණුසුම් කළ විට ෆීනෝල සෑදේ.

දෙවැනි ප්‍රකාශය

ඇරෝමැටික ඩයසෝනියම් අයන ඉලෙක්ට්‍රෝෆයිල වේ.

ප්‍රශ්නය 46

පළමුවැනි ප්‍රකාශය

විද්‍යුත් රසායනික කෝෂයක අඩු ඔක්සිහරණ විභවයක් සහිත ඉලෙක්ට්‍රෝඩය ඇනෝඩය ලෙස ක්‍රියා කරයි.

දෙවැනි ප්‍රකාශය

විද්‍යුත් රසායනික කෝෂයක, සන්සන්දනාත්මකව අඩු ඔක්සිහරණ විභවයක් සහිත ඉලෙක්ට්‍රෝඩයෙන් පහසුවෙන් ඉලෙක්ට්‍රෝන නිදහස් වේ.

ප්‍රශ්නය 47

පළමුවැනි ප්‍රකාශය

ඔස්වල්ඩ් ක්‍රමය භාවිතයෙන් නයිට්‍රික් අම්ලය නිෂ්පාදනයේදී NH3(g) සමග O2(g) ප්‍රතික්‍රියා කරවන උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයකදී NO(g) සමග O2(g) ප්‍රතික්‍රියා කරවයි.

දෙවැනි ප්‍රකාශය

සෘණ එන්ට්‍රොපි වෙනසක් සහිත ප්‍රතික්‍රියා සඳහා ඉහළ උෂ්ණත්ව හිතකර නොවේ.

ප්‍රශ්නය 48

පළමුවැනි ප්‍රකාශය

ද්‍රාව්‍යයක විභාග සංගුණකය උෂ්ණත්වය මත රඳා පවතී.

දෙවැනි ප්‍රකාශය

විවිධ ද්‍රාවකවල ද්‍රාව්‍යයක ද්‍රාව්‍යතාවය උෂ්ණත්වය සමග එකම ප්‍රමාණයකින් වෙනස් වේ.

ප්‍රශ්නය 49

පළමුවැනි ප්‍රකාශය

සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනයේදී, SO2(g) පියවර කිහිපයකින් SO3(g) බවට පරිවර්තනය කරනු ලැබේ.

දෙවැනි ප්‍රකාශය

සල්ෆියුරික් අම්ල නිෂ්පාදනයේදී යොදා ගනු ලබන තත්ත්ව යටතේදී එක් පියවරකින් SO2(g), SO3(g) බවට සම්පූර්ණයෙන් පරිවර්තනය කිරීම ස්වයංසිද්ධ නොවේ.

ප්‍රශ්නය 50

පළමුවැනි ප්‍රකාශය

HFC (hydrofluorocarbon) වායුව ඉහළ වායුගෝලයේ ඕසෝන් වියන හායනයට දායක නොවේ.

දෙවැනි ප්‍රකාශය

C–F බන්ධනය බිඳීමෙන් ඉහළ වායුගෝලයේදී HFC ඉක්මනින් විනාශ වේ.

ප්‍රශ්න වෙන වෙනම