නියත උෂ්ණත්වයකදී පහත ප්රතික්රියාව සලකන්න.
PCl3(g) + Cl2(g) ⇌ PCl5(g) ; KC = 6.5 mol-1 dm3
පෙරදී රේචනය කරන ලද පරිමාව 1.0 dm3 වූ සංවෘත දෘඪ බඳුනක් තුළට PCl3(g) 1.5 mol, Cl2(g) 1.0 mol සහ PCl5(g) 2.5 mol ඇතුළු කරන ලදී. ප්රතික්රියාව සමතුලිතතාවය කරා එළඹීමේදී බඳුනේ මනින ලද පීඩනය වෙනස් වන ආකාරය හොඳින්ම පැහැදිලි වන්නේ පහත සඳහන් කුමක් මගින්ද?
(QC = ප්රතික්රියා ලබ්ධිය, KC = සමතුලිතතා නියතය)
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (3) QC < KC නිසා පීඩනය අඩු වේ.