පිළිතුරු දෙන ආකාරයඅංක 41 සිට 50 තෙක් එක් එක් ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින් ඉදිරිපත් කර ඇත. එම ප්‍රකාශ යුගලයට හොඳින්ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වෙන පරිදි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින් කවර ප්‍රතිචාරය දැ'යි තෝරන්න.
- පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා දෙයි.
- පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වන නමුත් පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා නොදෙයි.
- පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය අසත්‍ය වේ.
- පළමුවැනි ප්‍රකාශය අසත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වේ.
- පළමුවැනි ප්‍රකාශය අසත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය අසත්‍ය වේ.
පළමුවැනි ප්රකාශයඔස්වල්ඩ් ක්‍රමය භාවිතයෙන් නයිට්‍රික් අම්ලය නිෂ්පාදනයේදී NH3(g) සමග O2(g) ප්‍රතික්‍රියා කරවන උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයකදී NO(g) සමග O2(g) ප්‍රතික්‍රියා කරවයි.
දෙවැනි ප්රකාශයසෘණ එන්ට්‍රොපි වෙනසක් සහිත ප්‍රතික්‍රියා සඳහා ඉහළ උෂ්ණත්ව හිතකර නොවේ.
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (4) පළමුවැනි ප්‍රකාශය අසත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වේ.