පිළිතුරු දෙන ආකාරයඅංක 31 සිට 40 තෙක් එක් එක් ප්‍රශ්නය සඳහා දී ඇති (a), (b), (c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන්, එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය/ප්‍රතිචාර කවරේ දැ'යි තෝරා ගන්න.
- (a) සහ (b) පමණක් නිවැරදියි
- (b) සහ (c) පමණක් නිවැරදියි
- (c) සහ (d) පමණක් නිවැරදියි
- (d) සහ (a) පමණක් නිවැරදියි
- වෙනත් ප්‍රතිචාර සංඛ්‍යාවක් හෝ සංයෝජනයක් හෝ නිවැරදියි
p-ගොනුවේ මූලද්‍රව්‍ය සහ ඒවායේ සංයෝග පිළිබඳ ව මින් කුමන වගන්තිය/වගන්ති සත්‍යද?
- (a)ජලය සමග PCl5 සහ SCl2 ප්‍රතික්‍රියාවේදී පිළිවෙළින් එක් ඵලයක් ලෙස H3PO4(aq) සහ S(s) ලබාදේ.
- (b)Cl2(g) ජලය සමග ප්‍රතික්‍රියාව සහ H2O2(aq) හි වියෝජනය ද්විධාකරණ ප්‍රතික්‍රියා සඳහා උදාහරණ වේ.
- (c)Cl2(g) වැඩිපුර NH3(g) සමග ප්‍රතික්‍රියාවේදී ලැබෙන ඵලයක් ජලය විෂබීජහරණය සඳහා භාවිත කළ හැක.
- (d)SO2(g) වලට ඔක්සිහාරකයක් ලෙස ක්‍රියා කළ නොහැක.
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (1) (a) සහ (b) පමණක් නිවැරදියි