Score.lk ඇප් එක ගන්න

2022 A/L රසායන විද්‍යාව MCQ ප්‍රශ්න පත්‍රය

ප්‍රශ්න 50 · පැය 2. පළමු පිළිතුර තේරූ විට කාලය පටන් ගනී. ඔබේ පිළිතුරු මෙම උපාංගයේ පමණක් සුරැකේ.

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

ප්‍රශ්නය 1

පහත දැක්වෙන ඉලෙක්ට්‍රෝනික සංක්‍රමණ අතුරෙන්, කුමක් පරමාණුක හයිඩ්‍රජන්වල රේඛා වර්ණාවලියේ දෘශ්‍ය පරාසයට අයත් වේ ද? (n = ප්‍රධාන ක්වොන්ටම් අංකය)

ප්‍රශ්නය 2

වැරදි වගන්තිය තෝරන්න.

ප්‍රශ්නය 3

Be, B සහ O වල දෙවන අයනීකරණ ශක්තිය (X+(g) ⟶ X2+(g) + e) වැඩිවන අනුපිළිවෙළ වනුයේ,

ප්‍රශ්නය 4

F3ClO, FClO2 සහ FClO3 හි හැඩයන් වනුයේ පිළිවෙළින්,

ප්‍රශ්නය 5

පහත දී ඇති සංයෝගයේ IUPAC නාමය කුමක් ද?
HO–CH2–C≡C–CH(CH2CH3)–CHO

ප්‍රශ්නය 5 රූපය

ප්‍රශ්නය 6

අල්ප වශයෙන් ද්‍රාව්‍ය වන AB2 ලවණයේ සංතෘප්ත ජලීය ද්‍රාවණයක්, 25 °C දී සාදාගන්නා ලදී. AB2 හි ද්‍රාව්‍යතා ගුණිතය 25 °C දී 3.20 × 10-8 mol3 dm-9 වේ. සංතෘප්ත ද්‍රාවණයේ B− අයනයේ සාන්ද්‍රණය (mol dm-3) වන්නේ,

ප්‍රශ්නය 7

නිවැරදි ප්‍රකාශය තෝරන්න.

ප්‍රශ්නය 8

P සහ Q සංයෝග එකිනෙකෙහි පාරත්‍රිමාන සමාවයවික වේ. පහත දැක්වෙන ඒවායින් P සහ Q සංයෝගයන්හි අණුක සූත්‍රය විය හැක්කේ කුමක් ද?

ප්‍රශ්නය 9

CH4, CH3Cl, H2CO, HCN සහ NCO− වල කාබන් (C) පරමාණුවේ විද්‍යුත් සෘණතාව වැඩිවන අනුපිළිවෙළ වනුයේ,

ප්‍රශ්නය 10

X කාබනික සංයෝගය 2,4-DNP සමග පිරියම් කළ විට වර්ණවත් අවක්ෂේපයක් ලබා නොදෙයි. ආම්ලික K2Cr2O7 සමග X සංයෝගය පිරියම් කළ විට Y ඵලය සෑදේ. Y ඵලය 2,4-DNP සමග වර්ණවත් අවක්ෂේපයක් ලබා දේ. Y ජලීය Na2CO3 ද්‍රාවණයක් සමග පිරියම් කළ විට CO2 පිටකරයි. X සංයෝගය විය හැක්කේ,

ප්‍රශ්නය 11

500 K හිදී දෘඪ සංවෘත බඳුනක් තුළ පවතින පහත සමතුලිතතාවය සලකන්න.
A(g) + B(g) ⇌ 2C(g) ; ΔH < 0
උෂ්ණත්වය 750 K ට වැඩි කළ විට සමතුලිතතා නියතය KP මත සිදුවන බලපෑම පහත සඳහන් කුමක් මගින් විස්තර/පැහැදිලි කරයි ද?

ප්‍රශ්නය 12

X(aq) + Y(aq) ⟶ Z(aq) ප්‍රතික්‍රියාව සඳහා දී ඇති උෂ්ණත්වයකදී සිදු කළ ආරම්භක ශීඝ්‍රතා මැනීමේ පරීක්ෂණයක විස්තර පහත දක්වා ඇත.
පරීක්ෂණය ① : [X(aq)]0 = 0.40 mol dm-3, [Y(aq)]0 = 0.10 mol dm-3, ආරම්භක ශීඝ්‍රතාවය = R
පරීක්ෂණය ② : [X(aq)]0 = 0.20 mol dm-3, [Y(aq)]0 = 0.20 mol dm-3, ආරම්භක ශීඝ්‍රතාවය = ?
① පරීක්ෂණයේදී Z(aq) සෑදීමේ ආරම්භක ශීඝ්‍රතාවය R වේ. ප්‍රතික්‍රියාව X(aq) අනුබද්ධයෙන් පළමු පෙළ සහ Y(aq) අනුබද්ධයෙන් දෙවන පෙළ වේ. ② පරීක්ෂණයේදී Z(aq) සෑදීමේ ආරම්භක ශීඝ්‍රතාවය වන්නේ,

ප්‍රශ්නය 13

සංශුද්ධ අයන්(II) ඔක්සලේට් (FeC2O4) 0.4314 g සාම්පලයක් වැඩිපුර තනුක H2SO4 හි ද්‍රවණය කරන ලදී. මෙම සම්පූර්ණ ද්‍රාවණයම 0.060 mol dm-3 KMnO4 ද්‍රාවණයක් සමග අනුමාපනය කරන ලදී. අන්ත ලක්ෂ්‍යයේදී බියුරෙට්ටු පාඨාංකය වනුයේ, (FeC2O4 වල සාපේක්ෂ අණුක ස්කන්ධය = 143.8)

ප්‍රශ්නය 14

දී ඇති උෂ්ණත්වයකදී රේචනය කරන ලද 1.0 dm3 දෘඪ සංවෘත බඳුනක් තුළට H2S(g) යම් මවුල ප්‍රමාණයක් ඇතුල් කර පද්ධතිය පහත දැක්වෙන සමතුලිතතාවයට එළඹීමට ඉඩ හරින ලදී.
2H2S(g) ⇌ 2H2(g) + S2(g)
සමතුලිතතාවයේදී H2S(g) වලින් x භාගයක් (fraction x) වියෝජනය වී ඇති බව සොයාගන්නා ලදී. සමතුලිතතාවයේදී බඳුන තුළ මුළු පීඩනය P විය. මෙම පද්ධතියේ සමතුලිතතා නියතය KP පහත සඳහන් කුමක් මගින් ලබා දේ ද?

ප්‍රශ්නය 15

දී ඇති උෂ්ණත්වයකදී 0.10 mol dm-3 නොදන්නා අම්ලයක 25.00 cm3 ක්, 0.10 mol dm-3 නොදන්නා භස්මයක් සමග සිදු කළ අනුමාපනයකදී ලබාගත් pH වක්‍රය දකුණුපසින් පෙන්වා ඇත.
පහත සඳහන් කුමක් මෙම අනුමාපනය සඳහා යොදාගත් අම්ලය සහ භස්මය පිළිබඳව වඩාත් යෝග්‍ය වේ ද?

ප්‍රශ්නය 15 රූපය

ප්‍රශ්නය 16

s සහ p ගොනුවල මූලද්‍රව්‍ය සම්බන්ධයෙන් පහත දී ඇති කුමන ප්‍රකාශය අසත්‍ය ද?

ප්‍රශ්නය 17

25 °C දී, බීකරයක ඇති x mol dm-3 CH3COOH(aq) ද්‍රාවණ V1 cm3 කට y mol dm-3 (y > x) NaOH(aq) ද්‍රාවණ V2 cm3 (V2 > V1) එකතු කරන ලදී. අවසාන මිශ්‍රණයෙහි pH අගය වනුයේ,
(25 °C දී ජලයෙහි විඝටන නියතය Kw වේ.)

ප්‍රශ්නය 18

සම්මත තත්ත්ව යටතේදී පහත දී ඇති ප්‍රතික්‍රියාව සඳහා පහත සඳහන් කුමන වගන්තිය වැරදි වේ ද?
2H2(g) + O2(g) ⟶ 2H2O(g) ; ΔH° = −483.7 kJ mol-1

ප්‍රශ්නය 19

පහත සඳහන් කුමන වගන්තිය ගැල්වානීය කෝෂයක් සඳහා වැරදි වේ ද?

ප්‍රශ්නය 20

බ්‍රෝමොබෙන්සීන්හි සම්ප්‍රයුක්ත ව්‍යුහයක් නොවන්නේ පහත දැක්වෙන ඒවායින් කුමක් ද?

ප්‍රශ්නය 21

පහත සඳහන් කුමන උෂ්ණත්ව හා පීඩන තත්ත්ව යටතේදී තාත්වික වායුවක් පරිපූර්ණ වායුවක් ලෙස හැසිරීමට නැඹුරු වේ ද? (උෂ්ණත්වය ; පීඩනය)

ප්‍රශ්නය 22

සම්මත උෂ්ණත්වයේ හා පීඩනයේ පවතින සර්වසම දෘඪ සංවෘත බඳුන් දෙකක් තුළ H2(g) 1.0 mol ක් හා O2(g) 2.0 mol ක් අඩංගු වේ. ඉහත පද්ධති දෙක සම්බන්ධව, පහත සඳහන් කුමක් සත්‍ය වේ ද?

ප්‍රශ්නය 23

25 °C දී X(s) ඝනයෙහි මවුලික සද්‍රාවණ (dissolution) එන්ට්‍රොපි වෙනස ΔS°dissol 70 J K-1 mol-1 හා X(s) හි මවුලික එන්ට්‍රොපිය 100 J K-1 mol-1 වේ. පහත සඳහන් කුමක් X(aq) හි මවුලික එන්ට්‍රොපිය (J K-1 mol-1) දක්වයි ද?

ප්‍රශ්නය 24

CH3–CH=CH2 සහ HBr අතර සිදුවන ඉලෙක්ට්‍රොෆිලික ආකලන ප්‍රතික්‍රියාවේ ප්‍රධාන ඵලය සලකන්න. ප්‍රධාන ඵලය ලබාදෙන ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණයේ නිවැරදි පියවරක් දක්වන්නේ පහත දී ඇති ඒවායින් කුමක් ද?

ප්‍රශ්නය 25

නියත උෂ්ණත්වයක ඇති සංවෘත පද්ධතියක සිදුවන වායුමය සමතුලිත ප්‍රතික්‍රියාවක් සලකන්න. පද්ධතියේ පීඩනය හා පරිමාව දෙගුණ කළ විට පද්ධතියේ සමතුලිතතා නියතය,

ප්‍රශ්නය 26

මැග්නීසියම් නයිට්‍රයිඩ් සහ ලිතියම් නයිට්‍රයිඩ් පහත සමීකරණවල ආකාරයට ජලය සමග ප්‍රතික්‍රියා කරයි.
Mg3N2(s) + 6H2O(l) ⟶ 3Mg(OH)2(aq) + 2NH3(g)
Li3N(s) + 3H2O(l) ⟶ 3LiOH(aq) + NH3(g)
මැග්නීසියම් ලෝහය මවුල තුනක් සහ ලිතියම් ලෝහය නොදන්නා ප්‍රමාණයක් අඩංගු මිශ්‍රණයක් වැඩිපුර N2 වායුව සමග සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරවන ලදී. මෙම ප්‍රතික්‍රියාවෙන් ලැබෙන ඵල මිශ්‍රණය සම්පූර්ණයෙන්ම වැඩිපුර ජලය සමග ප්‍රතික්‍රියා කරවූ විට NH3 වායුව 44.2 g නිපදවිය. ලෝහ මිශ්‍රණයේ ඇති ලිතියම්වල ස්කන්ධය වන්නේ,
(H = 1, Li = 7, N = 14, Mg = 24)

ප්‍රශ්නය 27

ඇමෝනියා, පහත දැක්වෙන තුලිත නොකරන ලද රසායනික සමීකරණයෙන් පෙන්වා දී ඇති පරිදි, ඉහළ උෂ්ණත්වවලදී සංස්ලේෂණය කළ හැක.
NO(g) + H2(g) ⟶ NH3(g) + H2O(g)
NO 45.0 g සහ H2 12.0 g මගින් සංස්ලේෂණය කළ හැකි උපරිම NH3 ප්‍රමාණය, ග්‍රෑම්වලින් වනුයේ,
(සාපේක්ෂ අණුක ස්කන්ධය: H2 = 2, NO = 30, NH3 = 17)

ප්‍රශ්නය 28

උෂ්ණත්වය 25 °C දී විද්‍යුත් රසායනික කෝෂයක් තුළ සිදුවන 2H2O2(aq) ⟶ 2H2O(l) + O2(g) ප්‍රතික්‍රියාවෙහි E°cell +0.55 V වන අතර මෙම ක්‍රියාවලියෙහි අර්ධ-ප්‍රතික්‍රියා වන්නේ,
O2(g) + 4H+(aq) + 4e ⟶ 2H2O(l) ---- (1), E°1 = 1.23 V
O2(g) + 2H+(aq) + 2e ⟶ H2O2(aq) ---- (2), E°2 = ?
ප්‍රතික්‍රියාව (2) හි සම්මත ඔක්සිහරණ විභවය E°2 වනුයේ,

ප්‍රශ්නය 29

පහත සඳහන් ප්‍රතික්‍රියාවේ ප්‍රධාන ඵලය විය හැක්කේ කුමක් ද? (වැඩිපුර NaBH4, මෙතනෝල්)

ප්‍රශ්නය 29 රූපය

ප්‍රශ්නය 30

උෂ්ණත්වය 25 °C දී සිදුවන 3O2(g) ⇌ 2O3(g), (KC = 2.0 × 10-56 mol-1 dm3) ප්‍රතික්‍රියාව සලකන්න. O2(g) 0.30 mol සහ O3(g) 0.005 mol 25 °C ඇති රේචනය කළ දෘඪ සංවෘත 1.0 dm3 බඳුනක් තුළට ඇතුල් කර පද්ධතිය ඉහත සමතුලිතතාවයට එළඹීමට ඉඩ හරින ලදී. පහත සඳහන් කුමක් 25 °C දී මෙම පද්ධතිය සමතුලිතතාවයට ළඟා වීම ඉතාමත් හොඳින් විස්තර කරයි ද? (QC යනු ප්‍රතික්‍රියා ලබ්ධිය වේ.)

පිළිතුරු දෙන ආකාරය

අංක 31 සිට 40 තෙක් එක් එක් ප්‍රශ්නය සඳහා දී ඇති (a), (b), (c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන්, එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය/ප්‍රතිචාර කවරේ දැ'යි තෝරා ගන්න.

  1. (a) සහ (b) පමණක් නිවැරදියි
  2. (b) සහ (c) පමණක් නිවැරදියි
  3. (c) සහ (d) පමණක් නිවැරදියි
  4. (d) සහ (a) පමණක් නිවැරදියි
  5. වෙනත් ප්‍රතිචාර සංඛ්‍යාවක් හෝ සංයෝජනයක් හෝ නිවැරදියි

ප්‍රශ්නය 31

දී ඇති රසායනික ප්‍රතික්‍රියාවක් සඳහා උෂ්ණත්වය මගින් පහත සඳහන් කුමක්/කුමන ඒවා මත බලපෑමක් ඇති කරන්නේ ද?

  • (a)ප්‍රතික්‍රියක අණුවල සංඝට්ටන සංඛ්‍යාතය
  • (b)සංඝට්ටනය වන අණුවල චාලක ශක්තිය
  • (c)25 °C දී ප්‍රතික්‍රියාවේ සම්මත එන්තැල්පි වෙනස
  • (d)ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය

ප්‍රශ්නය 32

පහත දැක්වෙන ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය සලකන්න (බෙන්සීන් + Cl2/FeCl3 ⟶ ක්ලෝරොබෙන්සීන්).
පහත දැක්වෙන අයනවලින් කුමක්/කුමන ඒවා මෙම ප්‍රතික්‍රියාව සිදුවන අතරතුර සෑදේ ද? ((c) සහ (d) ව්‍යුහ රූපයේ දැක්වේ.)

ප්‍රශ්නය 32 රූපය
ප්‍රශ්නය 32 රූපය
  • (a)FeCl4−
  • (b)FeCl4+
  • (c)රූපයේ (c) ලෙස දැක්වෙන කාබොකැටායනය
  • (d)රූපයේ (d) ලෙස දැක්වෙන කාබොකැටායනය

ප්‍රශ්නය 33

25 °C දී ඝන ලෙඩ් අයඩයිඩ් (PbI2) වැඩිපුර ප්‍රමාණයක් සමග සමතුලිතව පවතින ජලීය ලෙඩ් අයඩයිඩ් ද්‍රාවණ 1.0 dm3 ක් තුළ Pb2+(aq) අයන a mol ප්‍රමාණයක් අඩංගු වේ. පහත සඳහන් කුමක්/කුමන ඒවා මෙම පද්ධතිය සඳහා නිවැරදි වේ ද?

  • (a)පරිමාව දෙගුණ කළ විට Pb2+(aq) ප්‍රමාණය 2a mol වේ.
  • (b)පරිමාව දෙගුණ කළ විට Pb2+(aq) සාන්ද්‍රණය 2a mol dm-3 වේ.
  • (c)ඝන NaI(s) ස්වල්ප ප්‍රමාණයක් එකතු කළ විට Pb2+(aq) ප්‍රමාණය අඩු වේ.
  • (d)පරිමාව දෙගුණ කළ විට Pb2+(aq) ප්‍රමාණය a/2 mol වේ.

ප්‍රශ්නය 34

හතරවන ආවර්තයට අයත් d ගොනුවේ මූලද්‍රව්‍ය සාදන සංයෝග/අයන සම්බන්ධව පහත සඳහන් කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?

  • (a)ප්‍රබල අම්ල සහ ප්‍රබල භස්ම සමග Cr2O3 ප්‍රතික්‍රියා කිරීම බලාපොරොත්තු විය හැක.
  • (b)Fe2+(aq), Fe3+(aq), Mn2+(aq) සහ Ni2+(aq) අඩංගු ද්‍රාවණවලට NaOH(aq) එකතු කළ විට වැඩිපුර NaOH(aq) හි අද්‍රාව්‍ය අවක්ෂේප සෑදේ.
  • (c)KMnO4 සහ K2Cr2O7 යන දෙකම ආම්ලික තත්ත්ව යටතේදී H2O2, O2 වායුවට පරිවර්තනය කිරීමට හැකියාවක් ඇති ප්‍රබල ඔක්සිකාරක වේ.
  • (d)[CuCl4]2− වල IUPAC නාමය tetrachlorocuprate(II) ion වේ.

ප්‍රශ්නය 35

පහත දී ඇති ප්‍රකාශවලින් කුමක්/කුමන ඒවා නිවැරදි ද?

  • (a)ප්‍රොපනොයික් අම්ලයේ තාපාංකය, 1-බියුටනෝල්හි එම අගයට වඩා වැඩි ය.
  • (b)පෙන්ටේන්හි තාපාංකය, 2-මෙතිල්බියුටේන්හි එම අගයට වඩා වැඩි ය.
  • (c)බියුටනැල්හි තාපාංකය, 1-බියුටනෝල්හි එම අගයට වඩා වැඩි ය.
  • (d)හෙක්සේන්හි තාපාංකය, 1-පෙන්ටනෝල්හි එම අගයට වඩා වැඩි ය.

ප්‍රශ්නය 36

නයිට්‍රික් අම්ලය (HNO3) සහ එහි ලවණ සම්බන්ධව පහත සඳහන් කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?

  • (a)තනුක සහ සාන්ද්‍ර HNO3 යන දෙකම ඔක්සිකාරක ලෙස හැසිරේ.
  • (b)NH4NO3 තාප වියෝජනයෙන් N2O සහ ජලය ලබා දේ.
  • (c)HNO3 වල N–O බන්ධන සියල්ලම දිගින් සමාන ය.
  • (d)රත් කළ විටදී වුවද කාබන්, සාන්ද්‍ර HNO3 සමග ප්‍රතික්‍රියා නොකරයි.

ප්‍රශ්නය 37

ඕසෝන් ස්ථරය සම්බන්ධයෙන් පහත සඳහන් කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?

  • (a)එය ඉහළ වායුගෝලයේ (ස්ථර ගෝලය) ඕසෝන් පමණක් ඇති ප්‍රදේශයකි.
  • (b)එය වායුගෝලයේ පරමාණුක ඔක්සිජන් බහුලව පවතින ප්‍රදේශයකි.
  • (c)එය සූර්යයාගෙන් මුක්තවන පාරජම්බුල කිරණ පෘථිවි පෘෂ්ඨය කරා ළඟාවීම වළක්වන ප්‍රදේශයකි.
  • (d)එය ඕසෝන් බිඳවැටීම ක්ලෝරීන් මුක්ත ඛණ්ඩක යාන්ත්‍රණයක් හරහා පමණක් සිදුවන ප්‍රදේශයකි.

ප්‍රශ්නය 38

උෂ්ණත්වය 25 °C දී වසන ලද බෝතලයක් තුළ 0.135 mol dm-3 මීතයිල් ඇමීන් (CH3NH2) ජලීය ද්‍රාවණ 100.00 cm3 ක පරිමාවක් ජලය සමග මිශ්‍ර නොවන කාබනික ද්‍රාවක 75.00 cm3 ක් සමග හොඳින් සොලවා සමතුලිතතාවයට එළඹීමට ඉඩහරින ලදී. ජලීය ස්ථරයෙන් 50.00 cm3 ක් ගෙන 0.200 mol dm-3 HCl ද්‍රාවණයක් සමග අනුමාපනය කල විට අන්ත ලක්ෂ්‍යය 15.00 cm3 විය. මීතයිල් ඇමීන් සහ කාබනික ද්‍රාවකය අතර ප්‍රතික්‍රියාවක් සිදු නොවේ. පහත සඳහන් කුමක්/කුමන ඒවා නිවැරදි ද?

  • (a)කාබනික සහ ජලීය ස්ථර අතර CH3NH2 හි ව්‍යාප්ති සංගුණකය KD 1.67 වේ.
  • (b)කාබනික සහ ජලීය ස්ථර අතර CH3NH2 හි ව්‍යාප්ති සංගුණකය KD 4.67 වේ.
  • (c)ජලීය ස්ථරය තුළ CH3NH2 වැඩිපුර ද්‍රවණය වේ.
  • (d)කාබනික ස්ථරය තුළ CH3NH2 වැඩිපුර ද්‍රවණය වේ.

ප්‍රශ්නය 39

ජලාශවල ජලයේ ඇති ද්‍රාවිත ඔක්සිජන් මට්ටම සම්බන්ධයෙන් පහත සඳහන් කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?

  • (a)ජලයේ ද්‍රාවිත ඔක්සිජන්හි සංයුතිය වායුගෝලීය ඔක්සිජන්හි සංයුතියම වෙයි.
  • (b)සුපෝෂණය හේතුවෙන් ජලයේ ද්‍රාවිත ඔක්සිජන් මට්ටම පහළ යයි.
  • (c)ජලයේ ද්‍රාවිත ඔක්සිජන් මට්ටම වැඩි විට ජලයේ H2S නිපදවිය හැක.
  • (d)ප්‍රභාසංස්ලේෂණය හරහා ජලජ ශාක ජලයේ ද්‍රාවිත ඔක්සිජන් මට්ටමට දායකත්වයක් දක්වයි.

ප්‍රශ්නය 40

දී ඇති කාර්මික ක්‍රියාවලි හා සම්බන්ධව පහත දැක්වෙන කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?

  • (a)ධාරා ඌෂ්මකයක් මගින් යකඩ නිස්සාරණයේදී භාවිත වන අමුද්‍රව්‍යයක් වන කෝක්, ඔක්සිහාරකයක් ලෙස පමණක් ක්‍රියා කරයි.
  • (b)මැග්නීසියම් නිස්සාරණයේදී (Dow ක්‍රියාවලිය) භාවිත වන අමුද්‍රව්‍යයක්, විද්‍යුත් විච්ඡේදන පියවරේදී සෑදෙන අතුරුඵලයක් යොදාගනිමින් ප්‍රතිජනනය කළ හැක.
  • (c)රූටයිල් භාවිත කරමින් සංශුද්ධතාවයෙන් ඉහළ TiO2 නිෂ්පාදනයේදී, ක්ලෝරීනීකරණ පියවරේදී අකාබනික අපද්‍රව්‍ය ඉවත් වෙයි.
  • (d)ඔස්වල්ඩ් ක්‍රමය භාවිතයෙන් නයිට්‍රික් අම්ලය නිෂ්පාදනයේදී උත්ප්‍රේරකය ලෙස Fe භාවිත වේ.
පිළිතුරු දෙන ආකාරය

අංක 41 සිට 50 තෙක් එක් එක් ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින් ඉදිරිපත් කර ඇත. එම ප්‍රකාශ යුගලයට හොඳින්ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වෙන පරිදි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින් කවර ප්‍රතිචාරය දැ'යි තෝරන්න.

  1. පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා දෙයි.
  2. පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වන නමුත් පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා නොදෙයි.
  3. පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය අසත්‍ය වේ.
  4. පළමුවැනි ප්‍රකාශය අසත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වේ.
  5. පළමුවැනි ප්‍රකාශය අසත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය අසත්‍ය වේ.

ප්‍රශ්නය 41

පළමුවැනි ප්‍රකාශය

ක්ලෝරීන්හි ඔක්සො අම්ලවල ආම්ලිකතාවයන් අඩු වන අනුපිළිවෙළ වනුයේ HClO4 > HClO3 > HClO2 > HOCl

දෙවැනි ප්‍රකාශය

ක්ලෝරීන්හි ඔක්සො අම්ලවල ක්ලෝරීන් පරමාණුවේ ඔක්සිකරණ අංකය වැඩි වන විට ඔක්සො අම්ලයෙහි ආම්ලිකතාවය වැඩි වේ.

ප්‍රශ්නය 42

පළමුවැනි ප්‍රකාශය

H2S වායුව ආම්ලික K2Cr2O7 ද්‍රාවණයක් සමග ප්‍රතික්‍රියා කළ විට මූලද්‍රව්‍යමය සල්ෆර් සෑදේ.

දෙවැනි ප්‍රකාශය

ආම්ලික මාධ්‍යයේදී H2S වායුවට ඔක්සිහාරකයක් ලෙස හැසිරිය හැක.

ප්‍රශ්නය 43

පළමුවැනි ප්‍රකාශය

Cl2(g) + 2I−(aq) ⟶ 2Cl−(aq) + I2(s) ප්‍රතික්‍රියාව මත පදනම් වන විද්‍යුත් රසායන කෝෂය විද්‍යුතය නිපදවීමට භාවිත කළ හැක.

දෙවැනි ප්‍රකාශය

Cl2(g), I2(s) වලට වඩා ප්‍රබල ඔක්සිහාරකයකි.

ප්‍රශ්නය 44

පළමුවැනි ප්‍රකාශය

ග්‍රිනාඩ් ප්‍රතිකාරක ජලය සමග ප්‍රතික්‍රියා කර ඇල්කොහොල ලබාදෙයි.

දෙවැනි ප්‍රකාශය

ග්‍රිනාඩ් ප්‍රතිකාරකයක ඇති කාබන්-මැග්නීසියම් බන්ධනයේ කාබන් පරමාණුවට භාගික සෘණ ආරෝපණයක් ඇත.

ප්‍රශ්නය 45

පළමුවැනි ප්‍රකාශය

ඇනිලීන්වලින් සෑදෙන ඩයසෝනියම් ලවණ අඩු උෂ්ණත්වවලදී (0–5 °C) ස්ථායි වන අතර ප්‍රාථමික ඇලිෆැටික ඇමීනවලින් සෑදෙන ඩයසෝනියම් ලවණ මෙම උෂ්ණත්වවලදී අස්ථායි වේ.

දෙවැනි ප්‍රකාශය

ඇනිලීන් හි නයිට්‍රජන් පරමාණුව මත ඇති එකසර ඉලෙක්ට්‍රෝන යුගලය බෙන්සීන් වලය මත විස්ථානගත වී ඇත.

ප්‍රශ්නය 46

පළමුවැනි ප්‍රකාශය

දී ඇති උෂ්ණත්වයකදී සම්පූර්ණයෙන් මිශ්‍රවන ද්‍රව දෙකකින් පරිපූර්ණ ද්වයංගී මිශ්‍රණයක් සෑදීමේදී ඇතිවන එන්තැල්පි වෙනස ශූන්‍ය වේ.

දෙවැනි ප්‍රකාශය

දී ඇති උෂ්ණත්වයකදී, පරිපූර්ණ ද්වයංගී ද්‍රව මිශ්‍රණයක පවතින සියලුම අන්තර්-අණුක බල සමාන වේ.

ප්‍රශ්නය 47

පළමුවැනි ප්‍රකාශය

වර්ෂා ජලයේ pH අගය 6.5 ලෙස වාර්තා වූ විට එය අම්ල වැසි ලෙස සැලකේ.

දෙවැනි ප්‍රකාශය

වර්ෂා ජලයේ pH අගය 7 ට අඩු වීම SO3 සහ NO2 ආම්ලික වායූන් ද්‍රවණය වීම නිසා පමණක් සිදුවෙයි.

ප්‍රශ්නය 48

පළමුවැනි ප්‍රකාශය

දී ඇති උෂ්ණත්වයකදී පළමු පෙළ ප්‍රතික්‍රියාවක අර්ධජීව කාලය t1/2 = 0.693/k යන සමීකරණයෙන් ලබාදෙන අතර k යනු පළමු පෙළ වේග නියතය වේ.

දෙවැනි ප්‍රකාශය

t1/2 = 50 s වන පළමු පෙළ ප්‍රතික්‍රියාවක 150 s කට පසු ප්‍රතික්‍රියාවේ 87.5% සම්පූර්ණ වේ.

ප්‍රශ්නය 49

පළමුවැනි ප්‍රකාශය

හේබර්-බොෂ් ක්‍රමය මගින් NH3 වායුව නිෂ්පාදනයේදී 600 °C ට වඩා ඉහළ උෂ්ණත්ව යොදාගනී.

දෙවැනි ප්‍රකාශය

හේබර්-බොෂ් ක්‍රමයෙන් NH3 වායුව ලබාදෙන සමතුලිත ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය උෂ්ණත්වය ඉහළ යාමේදී අඩුවේ.

ප්‍රශ්නය 50

පළමුවැනි ප්‍රකාශය

බේක්ලයිට් ආකලන බහුඅවයවකයක් ලෙස වර්ගීකරණය කරනු ලැබේ.

දෙවැනි ප්‍රකාශය

බේක්ලයිට්වලට ත්‍රිමාන ජාල ව්‍යුහයක් ඇත.

ප්‍රශ්න වෙන වෙනම