Score.lk ඇප් එක ගන්න

2019 A/L රසායන විද්‍යාව MCQ ප්‍රශ්න පත්‍රය

ප්‍රශ්න 50 · පැය 2. පළමු පිළිතුර තේරූ විට කාලය පටන් ගනී. ඔබේ පිළිතුරු මෙම උපාංගයේ පමණක් සුරැකේ.

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

ප්‍රශ්නය 1

පහත දැක්වෙන I සහ II ප්‍රකාශ සලකන්න.
I. පරමාණු මගින් අවශෝෂණය කරන හෝ විමෝචනය කරන ශක්තිය ක්වොන්ටම්කරණය වී ඇත.
II. කුඩා අංශු සුදුසු තත්ත්ව යටතේ දී තරංග ලක්ෂණ පෙන්නුම් කරයි.
මෙම I සහ II ප්‍රකාශවලින් දෙනු ලබන වාද ඉදිරිපත් කළ විද්‍යාඥයන් දෙදෙනා පිළිවෙළින්,

ප්‍රශ්නය 2

පරමාණුවක ප්‍රධාන ක්වොන්ටම් අංකය n = 3 හා ආශ්‍රිත උපරිම ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව වනුයේ,

ප්‍රශ්නය 3

ඔක්සලේට් අයනය [C2O42− / (O2C–CO2)2−] ට ඇඳිය හැකි ස්ථායී සම්ප්‍රයුක්ත ව්‍යුහ ගණන වනුයේ,

ප්‍රශ්නය 4

පහත දක්වා ඇති සංයෝගයේ IUPAC නාමය කුමක් ද?
HOCH2CH2CH2C(=O)CH2NH2

ප්‍රශ්නය 5

විද්‍යුත් සෘණතාවේ වැඩිම වෙනසක් ඇති මූලද්‍රව්‍ය යුගලය හඳුනාගන්න.

ප්‍රශ්නය 6

H2NNO අණුවේ (සැකිල්ල: H2N1–N2–O) නයිට්‍රජන් පරමාණු දෙක අවට (N1 සහ N2 ලෙස ලේබල් කර ඇත.) ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය සහ හැඩය පිළිවෙළින් වනුයේ,
(N1: ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය, හැඩය | N2: ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය, හැඩය)

ප්‍රශ්නය 7

පහත දැක්වෙන ප්‍රකාශ අතුරෙන් බෙන්සීන් පිළිබඳව වැරදි ප්‍රකාශය කුමක් ද?

ප්‍රශ්නය 8

ඉහළ උෂ්ණත්වවල දී TiCl4(g) ද්‍රව මැග්නීසියම් ලෝහය (Mg(l)) සමග ප්‍රතික්‍රියා කර Ti(s) ලෝහය සහ MgCl2(l) ලබා දේ. TiCl4(g) 0.95 kg හා Mg(l) 97.2 g ප්‍රතික්‍රියා කිරීමට සැලසූ විට, සම්පූර්ණයෙන් වැයවන ප්‍රතික්‍රියකය (මෙය සීමාකාරී ප්‍රතික්‍රියකය ලෙස සාමාන්‍යයෙන් හැඳින්වේ) සහ Ti(s) ලෝහය සෑදෙන ප්‍රමාණ පිළිවෙළින් වනුයේ, (මවුලික ස්කන්ධය: TiCl4 = 190 g mol−1; Mg = 24.3 g mol−1; Ti = 48 g mol−1)

ප්‍රශ්නය 9

පරිපූර්ණ වායු සමීකරණය, P = ρRT/M ආකාරයෙන් දැක්විය හැක. මෙහි ρ යනු වායුවෙහි ඝනත්වය ද, M යනු වායුවේ මවුලික ස්කන්ධය (g mol−1) ද, P යනු පීඩනය (Pa) හා T යනු උෂ්ණත්වය (K) ද වේ. R හි ඒකක J mol−1 K−1 නම්, සමීකරණයෙහි ρ හි ඒකක විය යුතු වන්නේ,

ප්‍රශ්නය 10

පහත සඳහන් ජලීය ද්‍රාවණයන්හි H2O ද ඇතුලු ව සන්නායකතාව අඩුවන පිළිවෙළ වනුයේ,
0.01 M KCl, 0.1 M KCl, 0.1 M HAC; (මෙහි HAC = ඇසිටික් අම්ලය; M = mol dm−3)

ප්‍රශ්නය 11

SO2, SO3, SO32−, SO42− සහ SCl2 යන රසායනික විශේෂ, සල්ෆර් පරමාණුවේ (S) විද්‍යුත් සෘණතාව වැඩිවන පිළිවෙළට සැකසූවිට නිවැරදි පිළිතුර වනුයේ,

ප්‍රශ්නය 12

පහත සඳහන් කුමන පිළිතුර, 25 °C හි ඇති 1.775 mol dm−3 MgCl2 ජලීය ද්‍රාවණයක පැවැතිය හැකි උපරිම හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය ලබා දෙයි ද? මෙම උෂ්ණත්වයේ දී Mg(OH)2 හි ද්‍රාව්‍යතා ගුණිතය 7.1 × 10−12 mol3 dm−9 වේ.

ප්‍රශ්නය 13

පහත දක්වා ඇති ප්‍රතික්‍රියාවේ ප්‍රධාන ඵලය කුමක් ද?

ප්‍රශ්නය 13 රූපය

ප්‍රශ්නය 14

පහත දැක්වෙන ඒවායින් නිවැරදි ප්‍රකාශය හඳුනාගන්න.

ප්‍රශ්නය 15

Mn(s)|Mn2+(aq)||Br−(aq)|Br2(g)|Pt(s) විද්‍යුත්රසායනික කෝෂයෙහි සම්මත විද්‍යුත්ගාමක බලය 2.27 V වේ. Br2(g)|Br−(aq) හි සම්මත ඔක්සිහරණ විභවය 1.09 V වේ. Mn2+(aq)|Mn(s) හි සම්මත ඔක්සිහරණ විභවය වනුයේ,

ප්‍රශ්නය 16

ද්‍රවයක වාෂ්පීකරණයේ එන්තැල්පි වෙනස හා වාෂ්පීකරණයේ එන්ට්‍රොපි වෙනස පිළිවෙළින් 45.00 kJ mol−1 හා 90.0 J K−1 mol−1 වේ. ද්‍රවයෙහි තාපාංකය වනුයේ,

ප්‍රශ්නය 17

C6H5N+≡NCl− පිළිබඳව වැරදි ප්‍රකාශය කුමක් ද?

ප්‍රශ්නය 18

H2S (g), O2(g) සමග ප්‍රතික්‍රියා කර ඵල ලෙස ජලවාෂ්ප (H2O(g)) සහ SO2(g) පමණක් ලබා දේ. නියත පීඩනයක දී සහ 250 °C හි දී H2S(g) 4 dm3 හා O2(g) 10 dm3 ක් ප්‍රතික්‍රියා කළ විට මිශ්‍රණයේ අවසාන පරිමාව වනුයේ,

ප්‍රශ්නය 19

රේචනය කරන ලද දෘඪ බඳුනක් තුළට A(g) හා D(g) හි මිශ්‍රණයක් උෂ්ණත්වය T හි දී ඇතුල් කරන ලදී. මෙම උෂ්ණත්වයේ දී A(g) හා D(g) යන දෙකම පහත දී ඇති මූලික ප්‍රතික්‍රියා අනුව වියෝජනය වේ.
2A(g) → B(g) + 3C(g); ශීඝ්‍රතා නියතය k1
D(g) → B(g) + 2C(g)
බඳුනෙහි ආරම්භක පීඩනය P, ප්‍රතික්‍රියක දෙක සම්පූර්ණයෙන් ම වියෝජනය වූ පසු 2.7P දක්වා වෙනස් විය. මෙම උෂ්ණත්වයේ දී A(g) හි වියෝජනයේ ආරම්භක ශීඝ්‍රතාවය වනුයේ, (R යනු සාර්වත්‍ර වායු නියතය වේ)

ප්‍රශ්නය 20

එක්තරා කාබනික සංයෝගයක් (X) බ්‍රෝමීන් ජලය (Br2/H2O) විවර්ණ කරයි. X, ඇමෝනීය CuCl සමග අවක්ෂේපයක් ලබා නොදෙයි. X, ආම්ලික K2Cr2O7 ද්‍රාවණයක් සමග පිරියම් කළ විට කොළ පැහැති ද්‍රාවණයක් ලැබේ. X විය හැක්කේ,

ප්‍රශ්නය 21

0.10 mol dm−3 ඒකභාස්මික දුබල අම්ල ද්‍රාවණයක හා 0.10 mol dm−3 වූ එම අම්ලයෙහි සෝඩියම් ලවණයෙහි ද්‍රාවණයක සම පරිමා මිශ්‍ර කිරීමෙන් pH = 5.0 වූ ස්වාරක්ෂක ද්‍රාවණයක් සාදා ඇත. මෙම ස්වාරක්ෂක ද්‍රාවණයෙන් 20.00 cm3 හා 0.10 mol dm−3 දුබල අම්ල ද්‍රාවණයෙන් 90.00 cm3 මිශ්‍ර කළ විට සෑදෙන ද්‍රාවණයෙහි pH අගය වනුයේ,

ප්‍රශ්නය 22

පහත සඳහන් ජලීය ද්‍රාවණ තුන සලකන්න.
P - දුබල අම්ලයක්
Q - දුබල අම්ලයෙහි හා එහි සෝඩියම් ලවණයෙහි සමමවුලික මිශ්‍රණයක්
R - දුබල අම්ලයේ හා ප්‍රබල භස්මයක අනුමාපනයේ සමකතා ලක්ෂ්‍යයේ දී ලැබෙන අනුමාපන මිශ්‍රණය
එක් එක් ද්‍රාවණය නියත උෂ්ණත්වයේ දී එකම ප්‍රමාණයෙන් තනුක කිරීමේ දී P, Q හා R හි pH අගයන් පිළිවෙළින්,

ප්‍රශ්නය 23

ක්ලෝරීන්හි ඔක්සොඅම්ල වන HOCl, HClO2, HClO3 හා HClO4 පිළිබඳ වැරදි වගන්තිය වනුයේ,

ප්‍රශ්නය 24

ආම්ලික ජලීය ද්‍රාවණයක 25 °C හි දී ඝනත්වය 1.0 kg dm−3 වේ. මෙම ද්‍රාවණයෙහි pH අගය 1.0 වේ නම් එහි H+ සාන්ද්‍රණය ppm වලින් වනුයේ,

ප්‍රශ්නය 25

ඕසෝන් (O3) අඩංගු දූෂිත වායු සාම්පලයක 25.0 g, වැඩිපුර KI අඩංගු ආම්ලික ද්‍රාවණයක් සමග පිරියම් කරන ලදී. මෙම ප්‍රතික්‍රියාවේ දී ඕසෝන්, O2 හා H2O බවට පරිවර්තනය වේ. මුක්ත වූ අයඩීන්, 0.002 mol dm−3 Na2S2O3 ද්‍රාවණයක් සමග අනුමාපනය කරන ලදී. අවශ්‍ය වූ Na2S2O3 පරිමාව 25.0 cm3 විය. වායු සාම්පලයේ ඇති O3 හි ස්කන්ධ ප්‍රතිශතය වනුයේ, (O = 16)

ප්‍රශ්නය 26

NaCl(s) උත්පාදනයට අදාළ බෝන්-හේබර් චක්‍රයෙහි අඩංගු නොවන්නේ පහත සඳහන් කුමන ප්‍රතික්‍රියා පියවර ද?

ප්‍රශ්නය 27

A(g) + B(g) → C(g) යන මූලික ප්‍රතික්‍රියාවෙහි සක්‍රියන ශක්තිය Ea වේ. M ලෝහය මගින් මෙම ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය වේ. උත්ප්‍රේරිත ප්‍රතික්‍රියාවෙහි ශක්ති සටහන පහත දැක්වේ.
මෙම ප්‍රතික්‍රියාව සම්බන්ධයෙන් පහත දී ඇති කුමක් හැමවිට ම සත්‍ය වේ ද?

ප්‍රශ්නය 27 රූපය

ප්‍රශ්නය 28

දුබල අම්ලයක් සඳහා, F = (අම්ලයෙහි විඝටනය වූ ප්‍රමාණය) / (අම්ලයෙහි විඝටනය නොවූ ප්‍රමාණය) ලෙස දැක්විය හැක. Log F (ලඝු F) හා pH අගය අතර සම්බන්ධය දැක්වෙනුයේ පහත සඳහන් කුමන ප්‍රස්තාරයෙන් ද?

ප්‍රශ්නය 29

බහුඅවයවක පිළිබඳව පහත සඳහන් ප්‍රකාශවලින් නිවැරදි වන්නේ කුමක් ද?

ප්‍රශ්නය 30

එකිනෙක හා ප්‍රතික්‍රියා නොකරන පරිපූර්ණ වායූන් දෙකක් කපාටයක් මගින් වෙන් කර දෘඪ බඳුනක් තුළ තබා ඇත. මෙම පද්ධතිය නියත උෂ්ණත්වයක හා පීඩනයක පවත්වා ගනී. කපාටය විවෘත කළ පසු පද්ධතියෙහි ගිබ්ස් ශක්තිය, එන්තැල්පිය හා එන්ට්‍රොපියෙහි වෙනස්වීම පිළිවෙළින් පහත කුමක් මගින් නිවැරදිව විස්තර වේ ද?

පිළිතුරු දෙන ආකාරය

අංක 31 සිට 40 තෙක් එක් එක් ප්‍රශ්නය සඳහා දී ඇති (a), (b), (c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන්, එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය/ප්‍රතිචාර කවරේ දැ'යි තෝරා ගන්න.

  1. (a) සහ (b) පමණක් නිවැරදියි
  2. (b) සහ (c) පමණක් නිවැරදියි
  3. (c) සහ (d) පමණක් නිවැරදියි
  4. (d) සහ (a) පමණක් නිවැරදියි
  5. වෙනත් ප්‍රතිචාර සංඛ්‍යාවක් හෝ සංයෝජනයක් හෝ නිවැරදියි

ප්‍රශ්නය 31

ඔක්සිජන් සහ සල්ෆර් පරමාණු අඩංගු සරල සහසංයුජ අණු පිළිබඳව පහත දැක්වෙන කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?

  • (a)H2O උභයගුණී ලක්ෂණ පෙන්නුම් කරයි.
  • (b)H2O2 වල තාපාංකය H2O හි තාපාංකයට වඩා ඉහළ ය.
  • (c)ආම්ලික මාධ්‍යයකදී පමණක් H2O2 වලට ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කළ හැක.
  • (d)H2S සහ SO2 යන දෙකට ම හැකියාව ඇත්තේ ඔක්සිහාරක ලෙස ක්‍රියා කිරීමට පමණි.

ප්‍රශ්නය 32

හයිඩ්‍රොකාබන පිළිබඳව පහත දක්වා ඇති කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?

  • (a)සියලු ම හයිඩ්‍රොකාබන වැඩිපුර O2 සමග සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කළ විට CO2 හා H2O ලබා දෙයි.
  • (b)සියලු ම ඇල්කයින ග්‍රිනාඩ් ප්‍රතිකාරක සමග ප්‍රතික්‍රියා කර ඇල්කයිනයිල්මැග්නීසියම් හේලයිඩ ලබා දෙයි.
  • (c)අතු බෙදුනු ඇල්කේනයක තාපාංකය එම සාපේක්ෂ අණුක ස්කන්ධය ම ඇති අතු නොබෙදුනු ඇල්කේනයක තාපාංකයට වඩා වැඩිය.
  • (d)කිසිදු හයිඩ්‍රොකාබනයක් ජලීය NaOH සමග ප්‍රතික්‍රියා නොකරයි.

ප්‍රශ්නය 33

තාපඅවශෝෂක ප්‍රතික්‍රියාවක් නියත උෂ්ණත්වයේ දී හා පීඩනයේ දී ස්වයංසිද්ධව සිදු වේ නම් එවිට,

  • (a)පද්ධතියෙහි එන්තැල්පිය අඩු වේ.
  • (b)පද්ධතියෙහි එන්ට්‍රොපිය වැඩි වේ.
  • (c)පද්ධතියෙහි එන්තැල්පිය වැඩි වේ.
  • (d)පද්ධතියෙහි එන්ට්‍රොපිය වෙනස් නොවේ.

ප්‍රශ්නය 34

ලෝහ අයන, ඒවායේ ජලීය ද්‍රාවණවලට H2S(g) යැවීමෙන් අවක්ෂේප කිරීම සම්බන්ධයෙන් පහත සඳහන් කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?

  • (a)H2S(g) හි පීඩනය අඩු කරන විට සල්ෆයිඩ් අයන සාන්ද්‍රණය වැඩි වේ.
  • (b)උෂ්ණත්වය වැඩි කරන විට සල්ෆයිඩ් අයන සාන්ද්‍රණය අඩු වේ.
  • (c)ද්‍රාවණයට Na2S(s) එකතු කිරීම, ද්‍රවණය වූ H2S(aq) හි විඝටනය අඩු කරයි.
  • (d)ද්‍රාවණයෙහි pH අගය වැඩි කිරීම, සල්ෆයිඩ් අයන සාන්ද්‍රණය අඩු කරයි.

ප්‍රශ්නය 35

පහත දැක්වෙන ඒවායින් නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක්/ප්‍රතික්‍රියා වන්නේ කුමක් ද?/කුමන ඒවා ද?

  • (a)CH3CHO + HCN → CH3CH(OH)CN
  • (b)CH3CH2OH + PCl3 → CH3CH2Cl
  • (c)CH3CHClCH3 + NaOH → CH3CH(OH)CH3
  • (d)CH3CH(CH3)CH3 + Cl2 —(hν)→ CH3CCl(CH3)CH3

ප්‍රශ්නය 36

වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් මට්ටම ඉහළයාම සම්බන්ධයෙන් පහත දැක්වෙන කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?

  • (a)එය මුහුදු ජලයේ ආම්ලිකතාව ඉහළයාමට දායක වේ.
  • (b)එය ජල පද්ධතිවල කඨිනත්වය අඩු කරයි.
  • (c)එය සූර්යාගෙන් පැමිණෙන UV කිරණ ප්‍රබලව අවශෝෂණය කරයි.
  • (d)එය අම්ල වැසිවලට දායක නොවේ.

ප්‍රශ්නය 37

3d-ගොනුවේ මූලද්‍රව්‍යයන් සම්බන්ධයෙන් පහත දැක්වෙන කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?

  • (a)3d-ගොනුවේ මූලද්‍රව්‍ය අතුරෙන් ඉහළම පළමු අයනීකරණ ශක්තිය Zn වලට ඇත.
  • (b)ප්‍රධාන කාණ්ඩයේ (s හා p-ගොනු) බොහෝ මූලද්‍රව්‍යවල අයන මෙන් නොව 3d-ගොනුවේ ලෝහ අයන උච්ච වායු වින්‍යාසය ලබා ගන්නේ කලාතුරකිනි.
  • (c)3d-ගොනුවේ මූලද්‍රව්‍යවල විද්‍යුත් සෘණතාවයන් අනුරූප s-ගොනුවේ මූලද්‍රව්‍යවල විද්‍යුත් සෘණතාවයන්ට වඩා වැඩි නමුත්, ඒවායේ පරමාණුක අරයන් අනුරූප s-ගොනුවේ මූලද්‍රව්‍යවල පරමාණුක අරයන්ට වඩා අඩු වේ.
  • (d)අවර්ණ සංයෝග සාදන 3d-ගොනුවේ මූලද්‍රව්‍ය වන්නේ Ti සහ Zn ය.

ප්‍රශ්නය 38

සංතෘප්ත වාෂ්ප පීඩන P°A හා P°B වන (P°A ≠ P°B) A සහ B වාෂ්පශීලී ද්‍රව පරිපූර්ණ ද්‍රාවණයක් සාදයි. සංවෘත බඳුනක් තුළ A සහ B ද්‍රවයන්හි මිශ්‍රණයක් ඒවායේ වාෂ්ප කලාපය සමග සමතුලිතව ඇත. බඳුනෙහි පරිමාව වැඩි කර එම උෂ්ණත්වයේ දී ම සමතුලිතතාවය නැවත ස්ථාපිත වූ පසු පහත සඳහන් කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?

  • (a)A හා B යම් ප්‍රමාණයක් වාෂ්ප කලාපයට යන අතර ද්‍රව කලාපයෙහි සංයුතිය නොවෙනස්ව පවතී.
  • (b)A හා B යම් ප්‍රමාණයක් වාෂ්ප කලාපයට යන අතර වාෂ්ප කලාපයෙහි සංයුතිය නොවෙනස්ව පවතී.
  • (c)A හා B යම් ප්‍රමාණයක් වාෂ්ප කලාපයට යන අතර ද්‍රව කලාපයෙහි සංයුතිය වෙනස් වේ.
  • (d)A හා B යම් ප්‍රමාණයක් වාෂ්ප කලාපයට යන අතර වාෂ්ප කලාපයෙහි සංයුතිය වෙනස් වේ.

ප්‍රශ්නය 39

දුබල අම්ලයක ජලීය ද්‍රාවණයක් සම්බන්ධයෙන් පහත සඳහන් කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?

  • (a)දුබල අම්ලයේ සාන්ද්‍රණය අඩුවන විට ද්‍රාවණයෙහි සන්නායකතාව වැඩි වේ.
  • (b)උෂ්ණත්වය වැඩිවන විට ද්‍රාවණයෙහි සන්නායකතාව වැඩි වේ.
  • (c)ද්‍රාවණයට වැඩිපුර ජලය එකතු කිරීමේ දී ද්‍රාවණයෙහි සන්නායකතාව අඩුවන නමුත් දුබල අම්ලයෙහි විඝටනය වූ භාගය වැඩි වේ.
  • (d)දුබල අම්ල ද්‍රාවණයෙහි NaCl(s) ද්‍රවණය කළ විට, සන්නායකතාව අඩු වේ.

ප්‍රශ්නය 40

A සංයෝගය සම්බන්ධයෙන් පහත දැක්වෙන කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?

ප්‍රශ්නය 40 රූපය
  • (a)A ජ්‍යාමිතික සමාවයවිකතාවය පෙන්වයි.
  • (b)A ප්‍රකාශ සමාවයවිකතාවය නොපෙන්වයි.
  • (c)A පිරිඩීනියම් ක්ලෝරොක්‍රෝමේට් (PCC) සමග ප්‍රතික්‍රියා කිරීමෙන් ලැබෙන ඵලය ප්‍රකාශ සමාවයවිකතාවය පෙන්වයි.
  • (d)A පිරිඩීනියම් ක්ලෝරොක්‍රෝමේට් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් ලැබෙන ඵලය ජ්‍යාමිතික සමාවයවිකතාවය නොපෙන්වයි.
පිළිතුරු දෙන ආකාරය

අංක 41 සිට 50 තෙක් එක් එක් ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින් ඉදිරිපත් කර ඇත. එම ප්‍රකාශ යුගලයට හොඳින්ම ගැළපෙනුයේ පහත දැක්වෙන ප්‍රතිචාරවලින් කවර ප්‍රතිචාරය දැ'යි තෝරන්න.

  1. පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා දෙයි.
  2. පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වන නමුත් පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා නොදෙයි.
  3. පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය අසත්‍ය වේ.
  4. පළමුවැනි ප්‍රකාශය අසත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වේ.
  5. පළමුවැනි ප්‍රකාශය අසත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය අසත්‍ය වේ.

ප්‍රශ්නය 41

පළමුවැනි ප්‍රකාශය

හැලජන අතුරෙන්, I2 ඝනයක් වන අතර Br2 ද්‍රවයකි.

දෙවැනි ප්‍රකාශය

අණුක පෘෂ්ඨීය වර්ගඵලය වැඩිවීමත් සමග ලන්ඩන් බල වඩා ප්‍රබල වේ.

ප්‍රශ්නය 42

පළමුවැනි ප්‍රකාශය

දෙන ලද පීඩනයක දී, උෂ්ණත්වය වැඩිවීමත් සමග, N2 සහ H2 ප්‍රතික්‍රියා කර NH3 සෑදෙන ප්‍රතික්‍රියාවේ ස්වයංසිද්ධතාව පහළ බසී.

දෙවැනි ප්‍රකාශය

NH3 ලබාදෙන N2 සහ H2 අතර ප්‍රතික්‍රියාවේ එන්ට්‍රොපි වෙනස සෘණ වේ.

ප්‍රශ්නය 43

පළමුවැනි ප්‍රකාශය

සගන්ධ තෙල්, ශාකමය ද්‍රව්‍යවලින් සාමාන්‍යයෙන් නිස්සාරණය කරන්නේ හුමාල ආසවනය මගින් ය.

දෙවැනි ප්‍රකාශය

සගන්ධ තෙල්වලට ජලයේ ඉහළ ද්‍රාව්‍යතාවයක් ඇත.

ප්‍රශ්නය 44

පළමුවැනි ප්‍රකාශය

ස්වයංසිද්ධ ප්‍රතික්‍රියාවක් සඳහා තත්ත්වයන් කුමක් වුවත් සැමවිටම සෘණ ගිබ්ස් ශක්ති වෙනසක් ඇත.

දෙවැනි ප්‍රකාශය

ප්‍රතික්‍රියාවක් සිදුවන දිශාව පුරෝකථනය කිරීම සඳහා ගිබ්ස් ශක්ති වෙනස භාවිත කළ හැකි වන්නේ නියත උෂ්ණත්ව හා නියත පීඩන තත්ත්ව යටතේ දී පමණි.

ප්‍රශ්නය 45

පළමුවැනි ප්‍රකාශය

1-බියුටනෝල්හි ජලයේ ද්‍රාව්‍යතාවය මෙතනෝල්හි ජලයේ ද්‍රාව්‍යතාවයට වඩා අඩු ය.

දෙවැනි ප්‍රකාශය

ධ්‍රැවීය OH කාණ්ඩයට සාපේක්ෂව නිර්ධ්‍රැවීය ඇල්කයිල් කාණ්ඩයේ විශාලත්වය වැඩි වීමත් සමග මද්‍යසාරවල ජලයේ ද්‍රාව්‍යතාවය අඩු වේ.

ප්‍රශ්නය 46

පළමුවැනි ප්‍රකාශය

CH3–CH=CH2 —(HBr)→ CH3–CHBr–CH3 ප්‍රතික්‍රියාව, නියුක්ලියෝෆිලික ආකලන ප්‍රතික්‍රියාවකි.

දෙවැනි ප්‍රකාශය

ද්විතීයික කාබොකැටායනයක් ප්‍රතික්‍රියා අතරමැදියක් ලෙස CH3–CH=CH2 —(HBr)→ CH3–CHBr–CH3 ප්‍රතික්‍රියාවේදී සෑදේ.

ප්‍රශ්නය 47

පළමුවැනි ප්‍රකාශය

කාර්මික ක්‍රියාවලි කිහිපයකම කෝක් (Coke) භාවිත වේ.

දෙවැනි ප්‍රකාශය

කාර්මිකව කෝක් (Coke) භාවිත වන්නේ ඉන්ධනයක් ලෙස පමණි.

ප්‍රශ්නය 48

පළමුවැනි ප්‍රකාශය

කීටෝනයක කාබනයිල් කාබන් පරමාණුව සහ එයට බන්ධනය වූ අනෙකුත් පරමාණු එකම තලයක පිහිටයි.

දෙවැනි ප්‍රකාශය

කීටෝනයක කාබනයිල් කාබන් පරමාණුව sp2 මුහුම්කරණය වී ඇත.

ප්‍රශ්නය 49

පළමුවැනි ප්‍රකාශය

එකම උෂ්ණත්වයේදී ඕනෑම පරිපූර්ණ වායූන් දෙකකට එකම මධ්‍යන්‍ය චාලක ශක්තීන් ඇත.

දෙවැනි ප්‍රකාශය

දෙන ලද උෂ්ණත්වයක දී වායු අණුවල මධ්‍යන්‍ය වේගය ඒවායේ ස්කන්ධය අනුව සැකසේ.

ප්‍රශ්නය 50

පළමුවැනි ප්‍රකාශය

CFC ඕසෝන් වියන හායනයට දායක වූවත් HFC වල දායකත්වය නොගිණිය හැකි තරම් කුඩා ය.

දෙවැනි ප්‍රකාශය

ඉහළ වායුගෝලයට ළඟාවීමට පෙර HFC සම්පූර්ණයෙන් ම වියෝජනය වෙයි.

ප්‍රශ්න වෙන වෙනම