Score.lk ඇප් එක ගන්න

2019 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 42

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

පිළිතුරු දෙන ආකාරය

අංක 41 සිට 50 තෙක් එක් එක් ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින් ඉදිරිපත් කර ඇත. එම ප්‍රකාශ යුගලයට හොඳින්ම ගැළපෙනුයේ පහත දැක්වෙන ප්‍රතිචාරවලින් කවර ප්‍රතිචාරය දැ'යි තෝරන්න.

  1. පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා දෙයි.
  2. පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වන නමුත් පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා නොදෙයි.
  3. පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය අසත්‍ය වේ.
  4. පළමුවැනි ප්‍රකාශය අසත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වේ.
  5. පළමුවැනි ප්‍රකාශය අසත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය අසත්‍ය වේ.
පළමුවැනි ප්‍රකාශය

දෙන ලද පීඩනයක දී, උෂ්ණත්වය වැඩිවීමත් සමග, N2 සහ H2 ප්‍රතික්‍රියා කර NH3 සෑදෙන ප්‍රතික්‍රියාවේ ස්වයංසිද්ධතාව පහළ බසී.

දෙවැනි ප්‍රකාශය

NH3 ලබාදෙන N2 සහ H2 අතර ප්‍රතික්‍රියාවේ එන්ට්‍රොපි වෙනස සෘණ වේ.

පිළිතුර බලන්න

නිවැරදි පිළිතුර: (1) පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා දෙයි.