Score.lk ඇප් එක ගන්න

2021 A/L රසායන විද්‍යාව MCQ ප්‍රශ්න පත්‍රය

ප්‍රශ්න 50 · පැය 2. පළමු පිළිතුර තේරූ විට කාලය පටන් ගනී. ඔබේ පිළිතුරු මෙම උපාංගයේ පමණක් සුරැකේ.

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

ප්‍රශ්නය 1

කැතෝඩ කිරණ නළයක නිරීක්ෂණය කරන ලද කැතෝඩ කිරණ ආශ්‍රිත අංශු සම්බන්ධව නිවැරදි වගන්තිය තෝරන්න.

ප්‍රශ්නය 2

පරමාණුවක ප්‍රධාන ක්වොන්ටම් අංකය (n), n = 3 වන ශක්ති මට්ටම පිළිබඳ මින් කුමන වගන්තිය වැරදි වේ ද?

ප්‍රශ්නය 3

H, He, Li, Be, B සහ Na පරමාණුවල පළමු අයනීකරණ ශක්තිය අඩුවන පිළිවෙළ වනුයේ,

ප්‍රශ්නය 4

IF4+, IF4− හා IF5 හි හැඩයන් වනුයේ පිළිවෙළින්,

ප්‍රශ්නය 5

පහත දී ඇති සංයෝගයේ IUPAC නාමය කුමක් ද?
H2N–CH2–CH2–CH(OH)–C(=CH2)–CH2–CH3

ප්‍රශ්නය 5 රූපය

ප්‍රශ්නය 6

තාපාංක සම්බන්ධව පහත සඳහන් කුමන වගන්තිය නිවැරදි ද?

ප්‍රශ්නය 7

M(OH)2 යනු ජලයෙහි සුළු වශයෙන් ද්‍රාව්‍ය ඝනයකි. pH = 8.0 දී හා දෙන ලද උෂ්ණත්වයකදී M(OH)2 හි සංතෘප්ත ජලීය ද්‍රාවණයක M2+(aq) සාන්ද්‍රණය 1.0 × 10-6 mol dm-3 වේ. මෙම උෂ්ණත්වයේදී M2+(aq) සාන්ද්‍රණය 1.0 × 10-4 mol dm-3 වූ M(OH)2 හි සංතෘප්ත ජලීය ද්‍රාවණයක pH අගය වනුයේ,

ප්‍රශ්නය 8

නිවැරදි වගන්තිය තෝරන්න.

ප්‍රශ්නය 9

A සහ B යනු C, H සහ O අඩංගු කාබනික සංයෝග දෙකකි. A සහ B වෙන වෙනම Br2/H2O සමග පිරියම් කළ විට, A පමණක් සුදු අවක්ෂේපයක් ලබාදුනි. B, සාන්ද්‍ර H2SO4 සමග රත් කළ විට ලබාදුන් ඵලය Br2/H2O විවර්ණ කළේ ය. A සහ B කාබනික සංයෝග වනුයේ පිළිවෙළින්,

ප්‍රශ්නය 10

A(g) ⟶ B(g) + C(g) යන මූලික ප්‍රතික්‍රියාව නියත උෂ්ණත්වයේ ඇති සංවෘත දෘඪ බඳුනක සිදු වේ. A(g) පමණක් ඇති විට බඳුනේ ආරම්භක පීඩනය 2P0 ලෙස මැනගන්නා ලදී. A(g) හි අර්ධ ආයු කාල දෙකකට පසු බඳුනේ පීඩනය වනුයේ,

ප්‍රශ්නය 11

රූපයේ දැක්වෙන සංයෝගය (1-bromo-3-nitrobenzene) සාදාගැනීමට සුදුසු ක්‍රමයක් වනුයේ,

ප්‍රශ්නය 11 රූපය

ප්‍රශ්නය 12

0.150 mol dm-3 HNO3 ද්‍රාවණයක 300 cm3 පිළියෙළ කිරීම සඳහා අවශ්‍ය, ඝනත්වය 1.42 g cm-3 වන 70.0% (w/w %) සාන්ද්‍ර HNO3 අම්ලයෙහි නිවැරදි පරිමාව (cm3) කුමන ප්‍රකාශනයෙන් දැක්වේ ද?
(සාපේක්ෂ පරමාණුක ස්කන්ධය: H = 1, N = 14, O = 16)

ප්‍රශ්නය 13

නියත උෂ්ණත්වයකදී ජලීය ද්‍රාවණයක A(aq) + H3O+(aq) ⟶ B+(aq) යන මූලික ප්‍රතික්‍රියාව සිදු වේ. පහත දී ඇති කුමන ප්‍රස්තාරය මගින් නියත A(aq) සාන්ද්‍රණයකදී ලඝු(ආරම්භක ශීඝ්‍රතාව) හා pH අගය අතර සම්බන්ධය නිවැරදිව දැක්වෙයි ද?

ප්‍රශ්නය 14

රේචනය කරන ලද දෘඪ බඳුනක් තුළට A(g) වැඩිපුර හා B(g) සුළු ප්‍රමාණයක් ඇතුල් කරන ලදී. එවිට නියත උෂ්ණත්වයකදී පහත දී ඇති මූලික ප්‍රතික්‍රියා සිදු වේ.
A(g) + B(g) ⟶ C(g) (වේගයෙන්)
A(g) + C(g) ⟶ 3D(g) (සෙමින්)
පද්ධතියෙහි පීඩනය කාලය සමග වෙනස්වීම සම්බන්ධයෙන් පහත සඳහන් කුමන වගන්තිය නිවැරදි වේ ද?

ප්‍රශ්නය 15

ජලීය ද්‍රාවණයක V පරිමාවක් තුළ අඩංගු A යන ද්‍රාව්‍යය, ජලය හා අමිශ්‍ර කාබනික ද්‍රාවකයක 2V පරිමා කොටස් භාවිතයෙන් දෙවරක් නිස්සාරණය කරනු ලැබේ. කාබනික ද්‍රාවකය හා ජලය අතර A හි විභාග සංගුණකය, [A](org)/[A](aq) = 4.0 වේ. ජලීය කලාපයෙහි A හි ආරම්භක ප්‍රමාණය a (mol) වේ. දෙවන නිස්සාරණයට පසු ජලීය කලාපයෙහි ඉතිරිවන A ප්‍රමාණය (mol) වනුයේ,

ප්‍රශ්නය 16

A සංයෝගය NaNO2/තනුක HCl සමග ප්‍රතික්‍රියා කර B ලබාදෙයි. B, ආම්ලිකෘත ජලීය K2Cr2O7 සමග පිරියම් කළ විට ද්‍රාවණය කොළ පැහැයට හැරේ. ෆේලිං ප්‍රතිකාරකය සමග A පිරියම් කළ විට ගඩොල් රතු අවක්ෂේපයක් ලබා නොදුනි. A සංයෝගය විය හැක්කේ,

ප්‍රශ්නය 17

MCl2 ජලයේ සුළු වශයෙන් ද්‍රාව්‍ය ඝනයකි (Ksp = 1.0 × 10-8 mol3 dm-9). MCl2 හි සංතෘප්ත ජලීය ද්‍රාවණයක් සම්බන්ධයෙන් පහත කුමක් නිවැරදි වේ ද?

ප්‍රශ්නය 18

KBr හි 0.0119 g ක ස්කන්ධයක් ආස්‍රැත ජලය 500.0 cm3 හි ද්‍රවණය කළ විට එම ද්‍රාවණයෙහි K+ හි සංයුතිය mol dm-3 හා ppm (mg kg-1) වලින් වනුයේ පිළිවෙළින්,
(සාපේක්ෂ පරමාණුක ස්කන්ධය: K = 39, Br = 80; ද්‍රාවණයෙහි ඝනත්වය = 1.00 kg dm-3)

ප්‍රශ්නය 19

සෝඩියම් අයනයෙහි සම්මත සජලන එන්තැල්පියට අදාළ නිවැරදි ප්‍රතික්‍රියාව වනුයේ,

ප්‍රශ්නය 20

මීතේන් ක්ලෝරීනීකරණයේ පියවරක් නොවන්නේ පහත දැක්වෙන ඒවායින් කුමක් ද? (• = මුක්ත ඛණ්ඩකය)

ප්‍රශ්නය 21

තාත්වික වායුවක අවධි උෂ්ණත්වය සම්බන්ධයෙන් පහත සඳහන් කුමන වගන්තිය නිවැරදි වේ ද?

ප්‍රශ්නය 22

පරීක්ෂණයකදී, වැඩිපුර N2 වායුව සමග Mg ලෝහය ප්‍රතික්‍රියා කිරීමට සලස්වා, ලැබෙන ඵලය H2O සමග ප්‍රතික්‍රියා කරවන ලදී. සම්මත උෂ්ණත්වයේදී (273 K) සහ පීඩනයේදී (1.0 atm) පිට වූ වායුවේ පරිමාව 672 cm3 විය. පරීක්ෂණයේදී භාවිත කළ Mg හි ස්කන්ධය වනුයේ,
(273 K හා 1.0 atm හිදී වායුවේ 1.0 mol, 22.4 dm3 පරිමාවක් අත් කරගන්නා බව උපකල්පනය කරන්න. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය: Mg = 24)

ප්‍රශ්නය 23

නිරපේක්ෂ උෂ්ණත්වය T හිදී H2 හි වර්ග මධ්‍යන්‍ය වේගය, නිරපේක්ෂ උෂ්ණත්වය T′ හිදී N2 හි වර්ග මධ්‍යන්‍ය වේගයට සමාන වේ. පහත සඳහන් කුමන සමීකරණය T හා T′ අතර නිවැරදි සම්බන්ධය ලබාදෙයි ද?
(සාපේක්ෂ පරමාණුක ස්කන්ධය: H = 1, N = 14)

ප්‍රශ්නය 24

නියත උෂ්ණත්වයක ඇති ස්වාරක්ෂක ද්‍රාවණයක ඒකභාස්මික දුබල අම්ලයක් (Ka = 1.00 × 10-5 mol dm-3) හා එහි සෝඩියම් ලවණය අඩංගු වේ. ද්‍රාවණයෙහි දුබල අම්ලයෙහි හා එහි සෝඩියම් ලවණයෙහි සාන්ද්‍රණ 0.10 mol dm-3 බැගින් වේ. මෙම ද්‍රාවණයෙහි 10.00 cm3 පරිමාවක pH අගය ඒකක එකකින් වෙනස් කිරීම සඳහා එක් කළ යුතු 1.00 mol dm-3 දුබල අම්ල පරිමාව සහ දුබල අම්ලය එකතු කිරීමෙන් පසු ද්‍රාවණයෙහි pH අගය වනුයේ පිළිවෙළින්,

ප්‍රශ්නය 25

ගෝලීය උණුසුම ඉහළ යාම, අම්ල වැසි හා ප්‍රකාශ රසායනික ධූමිකාව යන පාරිසරික ප්‍රශ්න තුනටම දායකවන වායුමය බැහැර කිරීමක්/නිපදවීමක් වන්නේ,

ප්‍රශ්නය 26

ලිතියම් (Li) මූලද්‍රව්‍යය හා එහි සංයෝග සම්බන්ධව පහත සඳහන් කුමන ප්‍රකාශය වැරදි වේ ද?

ප්‍රශ්නය 27

ආම්ලික මාධ්‍යයේදී Fe(NO2)2 එක් මවුලයක් සමග සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කිරීම සඳහා අවශ්‍ය KMnO4 මවුල සංඛ්‍යාව වනුයේ,
(සැ.යු. : ආම්ලික තත්ත්ව හේතුවෙන් සිදුවන NO2− හි අඩුවීම නොසලකා හරින්න.)

ප්‍රශ්නය 28

දී ඇති උෂ්ණත්වයකදී ජලය හා ජලීය ද්‍රාවණ සම්බන්ධයෙන් පහත දී ඇති කුමන වගන්තිය නිවැරදි ද?

ප්‍රශ්නය 29

ක්‍රෝමියම් (Cr) හා එහි සංයෝග සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න.

ප්‍රශ්නය 30

පහත දැක්වෙන ප්‍රකාශ අතුරෙන් කාබොක්සිලික් අම්ල පිළිබඳව වැරදි වන්නේ කුමක් ද?

පිළිතුරු දෙන ආකාරය

අංක 31 සිට 40 තෙක් එක් එක් ප්‍රශ්නය සඳහා දී ඇති (a), (b), (c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන්, එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය/ප්‍රතිචාර කවරේ දැ'යි තෝරා ගන්න.

  1. (a) සහ (b) පමණක් නිවැරදියි
  2. (b) සහ (c) පමණක් නිවැරදියි
  3. (c) සහ (d) පමණක් නිවැරදියි
  4. (d) සහ (a) පමණක් නිවැරදියි
  5. වෙනත් ප්‍රතිචාර සංඛ්‍යාවක් හෝ සංයෝජනයක් හෝ නිවැරදියි

ප්‍රශ්නය 31

HBr සමග ප්‍රතික්‍රියා කළ විට, 3-bromo-3-methylhexane ප්‍රධාන ඵලය ලෙස ලබාදෙන්නේ පහත දැක්වෙන ඒවායින් කුමක්/කුමන ඒවා ද?

  • (a)CH3CH2CH2C(CH3)=CHCH3
  • (b)CH3CH2CH2CH(CH3)CH=CH2
  • (c)CH3CH=CHCH(CH3)CH2CH3
  • (d)CH3CH2CH2C(CH2CH3)=CH2

ප්‍රශ්නය 32

ශාක ප්‍රභව ආශ්‍රිත නිෂ්පාදිත හා සම්බන්ධව පහත කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි ද?

  • (a)ශාකවල වාෂ්පශීලී සංඝටකයන්හි සංකීර්ණ මිශ්‍රණ සගන්ධ තෙල්වල අන්තර්ගත වේ.
  • (b)වාෂ්පශීලී ශාක තෙල්වලින් ජෛව ඩීසල් නිෂ්පාදනය කරනු ලැබේ.
  • (c)ජෛව ඩීසල් නිෂ්පාදනයේදී මෙතනෝල් භාවිත නොවේ.
  • (d)ශාක ද්‍රව්‍ය පැසවීමෙන් නිෂ්පාදිත එතනෝල්, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් ලෙස සැලකේ.

ප්‍රශ්නය 33

M2+(aq)/M(s) යන ඉලෙක්ට්‍රෝඩයෙහි ඉලෙක්ට්‍රෝඩ විභවය රඳා පවතිනුයේ පහත සඳහන් කුමන සාධකය/සාධක මත ද?

  • (a)M(s) හි පෘෂ්ඨීක ක්ෂේත්‍රඵලය
  • (b)M2+(aq) සාන්ද්‍රණය
  • (c)උෂ්ණත්වය
  • (d)M2+(aq) ද්‍රාවණයෙහි පරිමාව

ප්‍රශ්නය 34

ජලීය Na2CO3 සමග පිරියම් කළ විට CO2 ලබාදෙන්නේ පහත දැක්වෙන ඒවායින් කුමක්/කුමන ඒවා ද?

ප්‍රශ්නය 34 රූපය
  • (a)3-methylphenol (m-cresol)
  • (b)phenol
  • (c)phenylacetic acid (C6H5CH2CO2H)
  • (d)3-nitrobenzoic acid

ප්‍රශ්නය 35

දුබල විද්‍යුත් විච්ඡේද්‍යයක ජලීය ද්‍රාවණයක් සම්බන්ධයෙන් පහත සඳහන් කුමන වගන්තිය/වගන්ති සැමවිටම නිවැරදි වේ ද?

  • (a)විද්‍යුත් ධාරාවක් සන්නයනය කිරීමේදී ඇනායනය මගින් ගෙනයන ධාරාවෙහි භාගය, කැටායනය මගින් ගෙනයන ධාරාවෙහි භාගයට වඩා වැඩි වේ.
  • (b)ඇනායනයෙහි සන්නායකතාව කැටායනයෙහි සන්නායකතාවට වඩා වැඩි වේ.
  • (c)දුබල විද්‍යුත් විච්ඡේද්‍යයෙහි අණුවලින් කුඩා ප්‍රතිශතයක් පමණක් අයනවලට විඝටනය වී ඇත.
  • (d)දුබල විද්‍යුත් විච්ඡේද්‍යයෙහි විඝටනය වී ඇති අණුවල භාගය තනුකකරණය සමග වැඩි වේ.

ප්‍රශ්නය 36

වාෂ්පශීලී හැලජනිකෘත හයිඩ්‍රොකාබන සහ ලෝක පාරිසරික ප්‍රශ්න අතර ඇති සම්බන්ධතාවය පිළිබඳව පහත දැක්වෙන කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?

  • (a)CFC, HCFC සහ HFC යන තුනම ගෝලීය උණුසුම ඉහළ යාමට දායක වෙයි.
  • (b)CFC පරිවර්ති ගෝලයේදී (troposphere) ක්ලෝරීන් මුක්ත ඛණ්ඩක නිපදවා ඕසෝන් වියන හායනයට දායක වෙයි.
  • (c)HFC ස්තර ගෝලයේදී (stratosphere) ක්ලෝරීන් මුක්ත ඛණ්ඩක නිපදවා ඕසෝන් වියන හායනයට දායක වෙයි.
  • (d)CFC සහ HCFC යන දෙකම ස්තර ගෝලයේදී (stratosphere) ක්ලෝරීන් මුක්ත ඛණ්ඩක නිපදවා ඕසෝන් වියන හායනයට දායක වෙයි.

ප්‍රශ්නය 37

මිනිරන් හා දියමන්ති යන කාබන්වල බහුරූප දෙක සම්බන්ධව පහත කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?

  • (a)දියමන්තිවල කාබන් පරමාණු චතුස්තලීයව තවත් කාබන් පරමාණු හතරකින් වටවී ත්‍රිමාණ දැලිසක් ලබාදෙයි.
  • (b)මිනිරන් දුර්වල වැන්ඩ'වාල්ස් බල (ද්විතීයික අන්තර්ක්‍රියා) මගින් එක් කර තබන ද්විමාන ස්තරවලින් සැකසී ඇති හෙයින් එය හොඳ ලිහිසි ද්‍රව්‍යයක් ලෙස ක්‍රියාකරයි.
  • (c)දියමන්ති හොඳ තාප හා විද්‍යුත් සන්නායකයක් වේ.
  • (d)දියමන්තිවලට වඩා සැලකිය යුතු ලෙස ඉහළ ද්‍රවාංකයක් මිනිරන්වලට ඇත.

ප්‍රශ්නය 38

වායු සම්බන්ධයෙන් පහත සඳහන් කුමන වගන්තිය/වගන්ති නිවැරදි වේ ද?

  • (a)තාත්ත්වික වායු නියැදියක අණු විවිධ වේගවලින් චලනය වන අතර පරිපූර්ණ වායු නියැදියක සියලුම අණු එකම වේගයෙන් චලනය වේ.
  • (b)ඉතා ඉහළ පීඩනවලදී පරිපූර්ණ වායු ද්‍රවීකරණය කළ හැකි ය.
  • (c)පරිපූර්ණ වායුවක මැක්ස්වෙල්-බෝල්ට්ස්මාන් වේග ව්‍යාප්ති වක්‍රය උපරිම ලක්ෂ්‍යය වටා සමමිතික වේ.
  • (d)තාත්ත්වික වායුවක සම්පීඩ්‍යතා සාධකය පීඩනය මත රඳා පවතී.

ප්‍රශ්නය 39

සංශුද්ධ ද්‍රව්‍යයක රූපයේ දී ඇති කලාප සටහන සම්බන්ධයෙන් පහත කුමන වගන්තිය/වගන්ති නිවැරදි වේ ද?

ප්‍රශ්නය 39 රූපය
  • (a)ඒකීය පරිමාවක ඇති අණු සංඛ්‍යාව සැමවිටම ද්‍රව කලාපයේදීට වඩා වායු කලාපයේදී වැඩි වේ.
  • (b)ද්‍රව කලාපය හා වායු කලාපය එකම උෂ්ණත්වයේදී කිසිවිටකත් එකට නොපවතී.
  • (c)ඝන කලාපය හා වායු කලාපය කිසිවිටකත් එකම පීඩනයේදී එකට නොපවතී.
  • (d)පද්ධතිය ත්‍රික ලක්ෂ්‍යයේ ඇති විට, වායුව ද්‍රවය බවට පත්වීමේ ශීඝ්‍රතාව, ද්‍රවය වායුව බවට පත්වීමේ ශීඝ්‍රතාවට සමාන වේ.

ප්‍රශ්නය 40

දී ඇති කාර්මික ක්‍රියාවලි හා සම්බන්ධව පහත දැක්වෙන කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?

  • (a)ඩව් (Dow) ක්‍රමය මගින් Mg නිස්සාරණයේදී අමුද්‍රව්‍යයක් ලෙස මුහුදු ජලය කෙලින්ම භාවිත කළ හැක.
  • (b)NaOH නිෂ්පාදනය කිරීමේදී රසදිය කෝෂවලට වඩා පටල කෝෂ භාවිතය පරිසර හිතකාමී වේ.
  • (c)Na2CO3 නිෂ්පාදනයේදී භාවිත වන සොල්වේ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය ඇමෝනීකරණ අටළුව සිසිල් කිරීමෙන් වැඩි කරගත හැකි ය.
  • (d)ස්පර්ශ ක්‍රමය මගින් H2SO4 නිෂ්පාදනයේදී උත්ප්‍රේරකයක් ලෙස Rh ලෝහය භාවිත කරයි.
පිළිතුරු දෙන ආකාරය

අංක 41 සිට 50 තෙක් එක් එක් ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින් ඉදිරිපත් කර ඇත. එම ප්‍රකාශ යුගලයට හොඳින්ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වෙන පරිදි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින් කවර ප්‍රතිචාරය දැ'යි තෝරන්න.

  1. පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා දෙයි.
  2. පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වන නමුත් පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා නොදෙයි.
  3. පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය අසත්‍ය වේ.
  4. පළමුවැනි ප්‍රකාශය අසත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වේ.
  5. පළමුවැනි ප්‍රකාශය අසත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය අසත්‍ය වේ.

ප්‍රශ්නය 41

පළමුවැනි ප්‍රකාශය

ආම්ලික MnO4− ද්‍රාවණයක් H2O2 සමග පිරියම් කළ විට එය O2 පිටකරමින් අවර්ණ වන අතර, ආම්ලික Fe2+ ද්‍රාවණයක් H2O2 සමග පිරියම් කළ විට කහ-දුඹුරු පැහැ ගැන්වේ.

දෙවැනි ප්‍රකාශය

ආම්ලික මාධ්‍යයේදී H2O2 වලට ඔක්සිකාරකයක් මෙන්ම ඔක්සිහාරකයක් ලෙස ද ක්‍රියා කළ හැකි ය.

ප්‍රශ්නය 42

පළමුවැනි ප්‍රකාශය

තාප පරිවාරක බිත්ති සහිත සංවෘත දෘඪ බඳුනක ඇති වායුවක ශක්තිය නියතව පවතී.

දෙවැනි ප්‍රකාශය

ඒකලිත පද්ධතියක ඇති ශක්තිය හා ද්‍රව්‍ය ප්‍රමාණය යන දෙකම වටපිටාව සමග හුවමාරු නොවේ.

ප්‍රශ්නය 43

පළමුවැනි ප්‍රකාශය

Cl2 වායුව ජලය සමග ප්‍රතික්‍රියා කළ විට ද්විධාකරණයට භාජනය වී HOCl(aq) සහ HCl(aq) ලබා දේ.

දෙවැනි ප්‍රකාශය

ක්ලෝරීන්වල ඔක්සො අම්ල අතුරෙන් HOCl වලට වැඩිම ඔක්සිකාරක හැකියාව ඇත.

ප්‍රශ්නය 44

පළමුවැනි ප්‍රකාශය

උත්ප්‍රේරකයක් එකතු කළ විට ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාවක සමතුලිත ස්ථානය වෙනස් වේ.

දෙවැනි ප්‍රකාශය

උත්ප්‍රේරකයක් සැමවිටම ඉදිරි ප්‍රතික්‍රියාවෙහි ශීඝ්‍රතාව ආපසු ප්‍රතික්‍රියාවෙහි ශීඝ්‍රතාවට වඩා වැඩි කරයි.

ප්‍රශ්නය 45

පළමුවැනි ප්‍රකාශය

RC≡CH සහ මීතයිල්මැග්නීසියම් බ්‍රෝමයිඩ් අතර ප්‍රතික්‍රියාවෙන් RC≡CMgBr සාදා ගත හැකි ය.

දෙවැනි ප්‍රකාශය

ග්‍රිනාඩ් ප්‍රතිකාරකයක ඇති ඇල්කයිල් කාණ්ඩයට භස්මයක් ලෙස ප්‍රතික්‍රියා කළ හැකි ය.

ප්‍රශ්නය 46

පළමුවැනි ප්‍රකාශය

ඕනෑම ඇල්ඩිහයිඩයක් සමග HCN ප්‍රතික්‍රියා කළ විට කයිරල් කාබන් පරමාණුවක් අඩංගු ඵලයක් ලැබේ.

දෙවැනි ප්‍රකාශය

එකිනෙකට වෙනස් කාණ්ඩ හතරකට සම්බන්ධ කාබන් පරමාණුවකට, කයිරල් කාබන් පරමාණුවක් යැයි කියනු ලැබේ.

ප්‍රශ්නය 47

පළමුවැනි ප්‍රකාශය

සොල්වේ ක්‍රියාවලිය මගින් Na2CO3 නිෂ්පාදනයේදී ප්‍රධාන අතුරුඵලය CaCl2 වේ.

දෙවැනි ප්‍රකාශය

සොල්වේ ක්‍රියාවලියේදී NH3 පුනර්ජනනය කිරීමට CaO භාවිත වේ.

ප්‍රශ්නය 48

පළමුවැනි ප්‍රකාශය

බෙන්සීන්ඩයසෝනියම් ක්ලෝරයිඩ් ජලීය NaOH හමුවේ, ෆීනෝල් සමග ප්‍රතික්‍රියා කර C6H5–N=N–C6H4–OH (p-hydroxyazobenzene) සංයෝගය සාදයි.

දෙවැනි ප්‍රකාශය

ඩයසෝනියම් අයනවලට ඉලෙක්ට්‍රොෆයිල ලෙස ප්‍රතික්‍රියා කළ හැකි ය.

ප්‍රශ්නය 49

පළමුවැනි ප්‍රකාශය

ජලීය ඇමෝනියා සමග ප්‍රබල අම්ල අනුමාපනය කළ විට සමකතා ලක්ෂ්‍යයේදී උදාසීන ද්‍රාවණයක් නොලැබේ.

දෙවැනි ප්‍රකාශය

NH4+ ජලය සමග H3O+ සාදමින් ප්‍රතික්‍රියා කරයි.

ප්‍රශ්නය 50

පළමුවැනි ප්‍රකාශය

වායුගෝලයේ ඕසෝන් සෑදීම සඳහා පරමාණුක ඔක්සිජන් අත්‍යවශ්‍ය සාධකයකි.

දෙවැනි ප්‍රකාශය

වායුගෝලයේ පරමාණුක ඔක්සිජන් නිපදවනුයේ අණුක ඔක්සිජන් වියෝජනයෙන් පමණි.

ප්‍රශ්න වෙන වෙනම