පිළිතුරු දෙන ආකාරයඅංක 31 සිට 40 තෙක් එක් එක් ප්රශ්නය සඳහා දී ඇති (a), (b), (c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන්, එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය/ප්‍රතිචාර කවරේ දැ'යි තෝරා ගන්න.
- (a) සහ (b) පමණක් නිවැරදියි
- (b) සහ (c) පමණක් නිවැරදියි
- (c) සහ (d) පමණක් නිවැරදියි
- (d) සහ (a) පමණක් නිවැරදියි
- වෙනත් ප්‍රතිචාර සංඛ්‍යාවක් හෝ සංයෝජනයක් හෝ නිවැරදියි
දී ඇති කාර්මික ක්‍රියාවලි හා සම්බන්ධව පහත දැක්වෙන කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?
- (a)ඩව් (Dow) ක්‍රමය මගින් Mg නිස්සාරණයේදී අමුද්‍රව්‍යයක් ලෙස මුහුදු ජලය කෙලින්ම භාවිත කළ හැක.
- (b)NaOH නිෂ්පාදනය කිරීමේදී රසදිය කෝෂවලට වඩා පටල කෝෂ භාවිතය පරිසර හිතකාමී වේ.
- (c)Na2CO3 නිෂ්පාදනයේදී භාවිත වන සොල්වේ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය ඇමෝනීකරණ අටළුව සිසිල් කිරීමෙන් වැඩි කරගත හැකි ය.
- (d)ස්පර්ශ ක්‍රමය මගින් H2SO4 නිෂ්පාදනයේදී උත්ප්‍රේරකයක් ලෙස Rh ලෝහය භාවිත කරයි.
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (2) (b) සහ (c) පමණක් නිවැරදියි