Score.lk ඇප් එක ගන්න

2025 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 49

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

පිළිතුරු දෙන ආකාරය

අංක 41 සිට 50 තෙක් එක් එක් ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින් ඉදිරිපත් කර ඇත. එම ප්‍රකාශ යුගලයට හොඳින්ම ගැළපෙනුයේ පහත දැක්වෙන ප්‍රතිචාරවලින් කවර ප්‍රතිචාරය දැ'යි තෝරන්න.

  1. පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා දෙයි.
  2. පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වන නමුත් පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා නොදෙයි.
  3. පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය අසත්‍ය වේ.
  4. පළමුවැනි ප්‍රකාශය අසත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වේ.
  5. පළමුවැනි ප්‍රකාශය අසත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය අසත්‍ය වේ.
පළමුවැනි ප්‍රකාශය

Na2CO3 කාර්මිකව නිෂ්පාදනයේදී ඇමෝනීකරණය, කාබොනීකරණයට පෙර සිදු කරයි.

දෙවැනි ප්‍රකාශය

ඇමෝනීකරණය කරන ලද බ්‍රයින් ද්‍රාවණයකට CO2 යැවූ විට, (NH4)2CO3 ඉහළ සාන්ද්‍රණයකින් නිපදවේ.

පිළිතුර සහ විසඳන හැටි බලන්න

නිවැරදි පිළිතුර: (3) පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය අසත්‍ය වේ.

විසඳන හැටි

  1. පළමු ප්‍රකාශය ✓

    සොල්වේ ක්‍රමයේ බ්‍රයින් මුලින් ඇමෝනීකරණය කරනවා. ඊට පසුව කාබොනීකරණය.

  2. දෙවැනි ප්‍රකාශය ✗

    CO2 යැවූ විට අවක්ෂේප වන්නේ NaHCO3. (NH4)2CO3 ඉහළ සාන්ද්‍රණයකින් නොලැබේ.

පළමුවැන්න සත්‍යයි, දෙවැන්න අසත්‍යයි.

වීඩියෝවෙන් බලන්න

මෙම විසඳුම Score.lk විසින් සකස් කළ එකකි. එය ලකුණු දීමේ පටිපාටියේ කොටසක් නොවේ.