Score.lk ඇප් එක ගන්න

2025 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 48

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

පිළිතුරු දෙන ආකාරය

අංක 41 සිට 50 තෙක් එක් එක් ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින් ඉදිරිපත් කර ඇත. එම ප්‍රකාශ යුගලයට හොඳින්ම ගැළපෙනුයේ පහත දැක්වෙන ප්‍රතිචාරවලින් කවර ප්‍රතිචාරය දැ'යි තෝරන්න.

  1. පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා දෙයි.
  2. පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වන නමුත් පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා නොදෙයි.
  3. පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය අසත්‍ය වේ.
  4. පළමුවැනි ප්‍රකාශය අසත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වේ.
  5. පළමුවැනි ප්‍රකාශය අසත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය අසත්‍ය වේ.
පළමුවැනි ප්‍රකාශය

pH = 5 දී Cu(OH)2(s) හි ද්‍රාව්‍යතාවය pH = 10 දී ට වඩා වැඩි ය.

දෙවැනි ප්‍රකාශය

ආම්ලික ද්‍රාවණවලදී OH− උදාසීනිකරණය වේ.

පිළිතුර සහ විසඳන හැටි බලන්න

නිවැරදි පිළිතුර: (1) පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා දෙයි.

විසඳන හැටි

  1. Cu(OH)2(s) ⇌ Cu2+ + 2OH−

    මුලින්ම ද්‍රාව්‍යතා සමතුලිතතාව ලියමු.

  2. පළමු ප්‍රකාශය ✓ දෙවැනි ප්‍රකාශය ✓

    pH 5 වඩා ආම්ලිකයි. අම්ලය OH− උදාසීන කරනවා.

  3. දෙවැන්න පළමුවැන්න පහදයි

    OH− ඉවත් වන විට සමතුලිතතාව දකුණට ගොස් ද්‍රාව්‍යතාව වැඩි වෙනවා.

දෙකම සත්‍යයි, දෙවැන්න හේතුවයි.

වීඩියෝවෙන් බලන්න

මෙම විසඳුම Score.lk විසින් සකස් කළ එකකි. එය ලකුණු දීමේ පටිපාටියේ කොටසක් නොවේ.