Score.lk ඇප් එක ගන්න

2025 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 42

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

පිළිතුරු දෙන ආකාරය

අංක 41 සිට 50 තෙක් එක් එක් ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින් ඉදිරිපත් කර ඇත. එම ප්‍රකාශ යුගලයට හොඳින්ම ගැළපෙනුයේ පහත දැක්වෙන ප්‍රතිචාරවලින් කවර ප්‍රතිචාරය දැ'යි තෝරන්න.

  1. පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා දෙයි.
  2. පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වන නමුත් පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා නොදෙයි.
  3. පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය අසත්‍ය වේ.
  4. පළමුවැනි ප්‍රකාශය අසත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වේ.
  5. පළමුවැනි ප්‍රකාශය අසත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය අසත්‍ය වේ.
පළමුවැනි ප්‍රකාශය

එස්ටර සහ ග්‍රීනාඩ් ප්‍රතිකාරක අතර ප්‍රතික්‍රියාව මගින් කීටෝන සාදාගත නොහැක.

දෙවැනි ප්‍රකාශය

එස්ටරවලට වඩා වැඩි වේගයෙන් කීටෝන ග්‍රීනාඩ් ප්‍රතිකාරක සමග ප්‍රතික්‍රියා කරයි.

පිළිතුර සහ විසඳන හැටි බලන්න

නිවැරදි පිළිතුර: (1) පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා දෙයි.

විසඳන හැටි

  1. එස්ටරය + RMgX → කීටෝනය → තෘතීයික ඇල්කොහොලය

    මුලින් කීටෝනයක් සෑදුණත්, එය එතනින් නවතින්නේ නැහැ.

  2. පළමු ප්‍රකාශය ✓ දෙවැනි ප්‍රකාශය ✓

    කීටෝනය එස්ටරයට වඩා වේගයෙන් ග්‍රීනාඩ් සමග ප්‍රතික්‍රියා කරනවා.

  3. දෙවැන්න පළමුවැන්න පහදයි

    එම වේගය නිසාම කීටෝනය වෙන් කර ගත නොහැකියි.

දෙකම සත්‍යයි, දෙවැන්න හේතුවයි.

වීඩියෝවෙන් බලන්න

මෙම විසඳුම Score.lk විසින් සකස් කළ එකකි. එය ලකුණු දීමේ පටිපාටියේ කොටසක් නොවේ.