Score.lk ඇප් එක ගන්න

2025 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 41

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

පිළිතුරු දෙන ආකාරය

අංක 41 සිට 50 තෙක් එක් එක් ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින් ඉදිරිපත් කර ඇත. එම ප්‍රකාශ යුගලයට හොඳින්ම ගැළපෙනුයේ පහත දැක්වෙන ප්‍රතිචාරවලින් කවර ප්‍රතිචාරය දැ'යි තෝරන්න.

  1. පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා දෙයි.
  2. පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වන නමුත් පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා නොදෙයි.
  3. පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය අසත්‍ය වේ.
  4. පළමුවැනි ප්‍රකාශය අසත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වේ.
  5. පළමුවැනි ප්‍රකාශය අසත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය අසත්‍ය වේ.
පළමුවැනි ප්‍රකාශය

ආවර්තිතා වගුවේ දෙවන ආවර්තයේ මූලද්‍රව්‍ය අතුරින්, N සහ Be වල ඉලෙක්ට්‍රෝන ලබාගැනීමේ ශක්තිය ධන අගයකි.

දෙවැනි ප්‍රකාශය

වෙනත් ඉලෙක්ට්‍රෝන වින්‍යාසවලට වඩා අර්ධ වශයෙන් පිරුණු සහ පූර්ණ වශයෙන් පිරුණු කවචවලට වැඩි ස්ථායිතාවයක් ඇත.

පිළිතුර සහ විසඳන හැටි බලන්න

නිවැරදි පිළිතුර: (3) පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය අසත්‍ය වේ.

විසඳන හැටි

  1. පළමු ප්‍රකාශය ✓

    Be (2s²) සහ N (2p³) වලට ඉලෙක්ට්‍රෝනයක් එකතු කිරීමට ශක්තිය අවශ්‍යයි.

  2. දෙවැනි ප්‍රකාශය ✗

    අර්ධ සහ පූර්ණ වශයෙන් පිරීමේ ස්ථායිතාව කියන්නේ උපකවච ගැන. ප්‍රකාශයේ තියෙන්නේ කවච කියලා.

පළමුවැන්න සත්‍යයි, දෙවැන්න අසත්‍යයි.

වීඩියෝවෙන් බලන්න

මෙම විසඳුම Score.lk විසින් සකස් කළ එකකි. එය ලකුණු දීමේ පටිපාටියේ කොටසක් නොවේ.