ස්පර්ශ ක්‍රමය මගින් H2SO4 නිෂ්පාදනය හා සම්බන්ධ පහත කුමන ප්‍රකාශය/ප්‍රකාශ සත්‍ය වේ ද?
- (a)2SO2(g) + O2(g) ⇌ 2SO3(g) ප්‍රතික්‍රියාව තාප අවශෝෂක වේ.
- (b)මෙම ක්‍රියාවලිය සඳහා පොදුවේ භාවිත කරනු ලබන උත්ප්‍රේරකය Fe වේ.
- (c)SO2 උත්ප්‍රේරක කුටීර හතරකදී SO3 බවට පරිවර්තනය කෙරේ.
- (d)මෙම ක්‍රියාවලියේදී 1 atm ට වඩා වැඩි පීඩන භාවිත නොවේ.
පිළිතුර සහ විසඳන හැටි බලන්න
නිවැරදි පිළිතුර: (3) (c) සහ (d) පමණක් නිවැරදියි
විසඳන හැටි
- (a) ✗
SO2 සිට SO3 සෑදීම තාප දායකයි.
- (b) ✗
භාවිත කරන උත්ප්‍රේරකය V2O5.
- (c) ✓
SO2 පරිවර්තනයට උත්ප්‍රේරක කුටීර හතරක් යොදා ගන්නවා.
- (d) ✓
ඉහළ පරිවර්තනයක් ලැබෙන නිසා 1 atm ට වඩා වැඩි පීඩන අවශ්‍ය නැහැ.
නිවැරදි (c) සහ (d).
වීඩියෝවෙන් බලන්න
මෙම විසඳුම Score.lk විසින් සකස් කළ එකකි. එය ලකුණු දීමේ පටිපාටියේ කොටසක් නොවේ.