Score.lk ඇප් එක ගන්න

2025 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 31

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

පිළිතුරු දෙන ආකාරය

අංක 31 සිට 40 තෙක් එක් එක් ප්‍රශ්නය සඳහා දී ඇති (a), (b), (c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන්, එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය/ප්‍රතිචාර කවරේ දැ'යි තෝරා ගන්න.

  1. (a) සහ (b) පමණක් නිවැරදියි
  2. (b) සහ (c) පමණක් නිවැරදියි
  3. (c) සහ (d) පමණක් නිවැරදියි
  4. (d) සහ (a) පමණක් නිවැරදියි
  5. වෙනත් ප්‍රතිචාර සංඛ්‍යාවක් හෝ සංයෝජනයක් හෝ නිවැරදියි

බ්‍රෝමොබෙන්සීන්, සාන්ද්‍ර HNO3/සාන්ද්‍ර H2SO4 සමග සිදු වන නයිට්‍රෝකරණයේ යන්ත්‍රණය සලකන්න. මෙම ප්‍රතික්‍රියාව සිදු වන විටදී සෑදෙන අයනය/අයන පහත දී ඇති කුමන ව්‍යුහය/ව්‍යුහ මගින් නිරූපණය වන්නේ ද?

ප්‍රශ්නය 31 රූපය
පිළිතුර සහ විසඳන හැටි බලන්න

නිවැරදි පිළිතුර: (4) (d) සහ (a) පමණක් නිවැරදියි

විසඳන හැටි

  1. Br: ඕතෝ/පැරා දිශානති

    NO2+ පහර දෙන්නේ Br ට ඕතෝ සහ පැරා ස්ථානවලට.

  2. (a) ✓ ඕතෝ පහරදීම

    NO2 ඕතෝ ස්ථානයේ, ධන ආරෝපණය Br සහිත C මත.

  3. (d) ✓ පැරා පහරදීම

    Br+ ව්‍යුහය පැරා අතරමැදියේ සම්ප්‍රයුක්ත ව්‍යුහයක්.

  4. (b) ✗ මෙටා (c) ✗ Br සහිත C

    (b) මෙටා පහරදීමක්. (c) හි NO2 යන්නේ Br ඇති C එකට.

නිවැරදි (a) සහ (d).

වීඩියෝවෙන් බලන්න

මෙම විසඳුම Score.lk විසින් සකස් කළ එකකි. එය ලකුණු දීමේ පටිපාටියේ කොටසක් නොවේ.