Score.lk ඇප් එක ගන්න

2025 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 30

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

දී ඇති උෂ්ණත්වයකදී P ⇌ Q සමතුලිත ප්‍රතික්‍රියාවක කාලය සමග ඉදිරි සහ පසු ප්‍රතික්‍රියාවල වේගයන්හි සිදු වන වෙනස්වීම් පහත රූපසටහන-I පෙන්වයි. කාලය t හිදී පද්ධතියට P තවත් යම් ප්‍රමාණයක් එක් කළ විට ඉදිරි ප්‍රතික්‍රියාවේ වේගයෙහි සිදු වන වෙනස ද රූපසටහන-I පෙන්වයි. ආපසු ප්‍රතික්‍රියාවේ වේගයෙහි සිදු වන වෙනස රූපසටහන-II හි කුමන රේඛාව (A, B, C, D හෝ E) මගින් පෙන්වයි ද?

ප්‍රශ්නය 30 රූපය
පිළිතුර සහ විසඳන හැටි බලන්න

නිවැරදි පිළිතුර: (2) B

විසඳන හැටි

  1. t දී: ඉදිරි වේගය ක්ෂණිකව වැඩි වේ

    P එකතු කළ ගමන් ඉදිරි වේගය ඉහළ යනවා.

  2. පසු වේගය ක්‍රමයෙන් වැඩි වේ

    Q ක්‍රමයෙන් සෑදෙන නිසා පසු වේගය හෙමින් ඉහළ යනවා.

  3. නව සමතුලිතතාවේදී වේග දෙක සමානයි

    ඒ නිසා පසු වේගය, ඉදිරි වේගය නැවතුණු මට්ටමටම යා යුතුයි.

  4. ඒ මට්ටම: රේඛාව B

    රූපසටහන I හි නව මට්ටමට ගැළපෙන්නේ B රේඛාවයි.

සමතුලිතතාවේදී ඉදිරි වේගය = පසු වේගය.

වීඩියෝවෙන් බලන්න

මෙම විසඳුම Score.lk විසින් සකස් කළ එකකි. එය ලකුණු දීමේ පටිපාටියේ කොටසක් නොවේ.