300 K උෂ්ණත්වයේදී දෘඪ-සංවෘත බඳුනක් තුළ සිදු වෙමින් පවතින පහත සමතුලිත ප්‍රතික්‍රියාව සලකන්න.
AB(g) + CD2(s) ⇌ AD(g) + BD(g) + C(s)
300 K දී සිදු කළ පරීක්ෂණයකදී AB(g) හි 5% ක් AD(g) බවට පත් වී ඇති බව සොයාගන්නා ලද අතර සමතුලිතතාවයේදී පද්ධතියෙහි මුළු පීඩනය 10 atm විය. 300 K දී පද්ධතියෙහි සමතුලිතතා නියතය KP වන්නේ,
පිළිතුර සහ විසඳන හැටි බලන්න
නිවැරදි පිළිතුර: (2) 10 / (19 × 21)
විසඳන හැටි
- ඝන CD2 සහ C ඇතුළත් නොවේ
KP වලට ගන්නේ වායු පමණයි.
- AB: 0.95 AD: 0.05 BD: 0.05
AB මවුල 1ක් ගත්තොත් 5%ක් ප්‍රතික්‍රියා කරනවා.
- මුළු = 1.05
වායු මවුල එකතුව.
- PAB = 190/21, PAD = PBD = 10/21
මවුල භාග × 10 atm.
- KP = (10/21)2 / (190/21) = 10 / (19 × 21)
අගයන් ආදේශ කර සුළු කරන්න.
KP වලට ඝන ද්‍රව්‍ය ගන්නේ නැහැ.
වීඩියෝවෙන් බලන්න
මෙම විසඳුම Score.lk විසින් සකස් කළ එකකි. එය ලකුණු දීමේ පටිපාටියේ කොටසක් නොවේ.