Score.lk ඇප් එක ගන්න

2025 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 28

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

පහත ප්‍රතික්‍රියාවට අනුව manganese(III) fluoride පිළියෙළ කරගත හැක.
2MnI2(s) + 13F2(g) → 2MnF3(s) + 4IF5(l)
ප්‍රතිශත අස්වැන්න (% yield) 80% නම්, MnI2 මවුල 0.10 ක් වැඩිපුර F2 සමග ප්‍රතික්‍රියා කර වූ විට, ලැබෙන MnF3 ස්කන්ධය කොපමණ ද? (F = 19, Mn = 55, I = 127)
% අස්වැන්න = (ලැබුණු ස්කන්ධය / සෛද්ධාන්තික ස්කන්ධය) × 100%

පිළිතුර සහ විසඳන හැටි බලන්න

නිවැරදි පිළිතුර: (3) 8.96 g

විසඳන හැටි

  1. 2MnI2 → 2MnF3 (1 : 1)

    MnI2 මවුල 0.10 කින් MnF3 මවුල 0.10 ක්.

  2. MnF3 = 55 + 3(19) = 112

    මවුලික ස්කන්ධය.

  3. සෛද්ධාන්තික = 0.10 × 112 = 11.2 g

    100% ක් නම් ලැබෙන ප්‍රමාණය.

  4. 11.2 × 80/100 = 8.96 g

    අස්වැන්න යොදන්න.

මවුල අනුපාතය මුලින්ම බලන්න.

වීඩියෝවෙන් බලන්න

මෙම විසඳුම Score.lk විසින් සකස් කළ එකකි. එය ලකුණු දීමේ පටිපාටියේ කොටසක් නොවේ.