X සහ Y යනු C4H8O2 අණුක සූත්‍රය සහිත සංයෝග දෙකකි. X සහ Y, ප්‍රතිකාරක තුනක් සමග ප්‍රතික්‍රියා කළ විට ලැබෙන නිරීක්ෂණ පහත වගුවේ දක්වා ඇත.
(ප්‍රතිකාරකය: X නිරීක්ෂණය | Y නිරීක්ෂණය)
Na ලෝහය: වායුවක් පිටවිය | වායුවක් පිටවිය
2,4-ඩයිනයිට්‍රොෆීනයිල්හයිඩ්‍රසීන්: අවක්ෂේපයක් නැත | වර්ණවත් අවක්ෂේපයකි
Br2/H2O: විවර්ණ විය | ප්‍රතික්‍රියාවක් නැත
පහත දී ඇති ව්‍යුහ යුගලවලින් X හා Y පිළිවෙළින් විය හැක්කේ කුමක් ද?
පිළිතුර සහ විසඳන හැටි බලන්න
නිවැරදි පිළිතුර: (2) CH2=CHCH(OH)CH2OH සහ CH3COCH2CH2OH
විසඳන හැටි
- Na → වායුව: −OH හෝ −COOH
X සහ Y දෙකේම H මුදා හරින කාණ්ඩයක් තියෙනවා.
- X: Br2/H2O විවර්ණ, 2,4-DNP නැත
X හි C=C තියෙනවා, කාබොනිල් නැහැ.
- Y: 2,4-DNP අවක්ෂේපය, Br2 නැත
Y හි කාබොනිල් තියෙනවා. ඇල්ඩිහයිඩ Br2 ජලය විවර්ණ කරන නිසා එය කීටෝනයක්.
- X = CH2=CHCH(OH)CH2OH
Y = CH3COCH2CH2OHමේ යුගලය සියලු නිරීක්ෂණවලට ගැළපෙනවා.
X ඇල්කීන ඩයෝල්, Y හයිඩ්‍රොක්සි කීටෝන.
වීඩියෝවෙන් බලන්න
මෙම විසඳුම Score.lk විසින් සකස් කළ එකකි. එය ලකුණු දීමේ පටිපාටියේ කොටසක් නොවේ.