දී ඇති උෂ්ණත්වයකදී දෘඪ-සංවෘත බඳුනක් තුළ පහත සමතුලිතතාවය පවතී.
CO(g) + 2O2(g) ⇌ 2CO2(g) : ΔH < 0
පහත සඳහන් කුමන ප්‍රකාශය/ප්‍රකාශ මෙම පද්ධතිය සඳහා නිවැරදි වේ ද?
- (a)එම උෂ්ණත්වයේදීම වැඩිපුර CO2(g) එකතු කිරීමේදී CO(g) ප්රමාණය වැඩි වීමත් සමග සමතුලිතතා නියතයෙහි අගය වෙනස් වේ.
- (b)පද්ධතියේ උෂ්ණත්වය වැඩි කිරීමේදී CO(g) ප්රමාණය වැඩි වීමත් සමග සමතුලිතතා නියතයෙහි අගය අඩු වේ.
- (c)එම උෂ්ණත්වයේදීම වැඩිපුර CO(g) එකතු කිරීමේදී CO2(g) ප්රමාණය වැඩි වීමත් සමග සමතුලිතතා නියතයෙහි අගය වෙනස් නොවේ.
- (d)එම උෂ්ණත්වයේදීම වැඩිපුර CO2(g) එකතු කිරීමේදී O2(g) ප්රමාණය වැඩි වීමත් සමග සමතුලිතතා නියතයෙහි අගය වැඩි වේ.
පිළිතුර සහ විසඳන හැටි බලන්න
නිවැරදි පිළිතුර: (2) (b) සහ (c) පමණක් නිවැරදියි
විසඳන හැටි
- K: උෂ්ණත්වය මත පමණි
සාන්ද්‍රණය වෙනස් කළාට K වෙනස් වෙන්නේ නැහැ.
- (a) ✗ (d) ✗
එම උෂ්ණත්වයේ CO2 එකතු කිරීමෙන් K වෙනස් නොවේ.
- (b) ✓
තාප දායක ප්‍රතික්‍රියාවක උෂ්ණත්වය වැඩි කළාම ප්‍රතිලෝමයට යනවා, CO වැඩි වෙනවා, K අඩු වෙනවා.
- (c) ✓
CO එකතු කළාම ඉදිරියට යනවා, CO2 වැඩි වෙනවා, K එලෙසම.
නිවැරදි (b) සහ (c).
වීඩියෝවෙන් බලන්න
මෙම විසඳුම Score.lk විසින් සකස් කළ එකකි. එය ලකුණු දීමේ පටිපාටියේ කොටසක් නොවේ.