23 °C උෂ්ණත්වයේදී NaOH(s) ජලය තුළ ද්‍රවණය වීමේ එන්තැල්පි වෙනස, ΔH, −42 kJ mol−1 වේ. පරිවාරක බඳුනක් තුළ 23 °C හි ඇති ජලය 230 g ක NaOH(s) 20 g ක ප්‍රමාණයක් ද්‍රවණය කරන ලදී. මෙහිදී ලැබුණු ද්‍රාවණයෙහි විශිෂ්ට තාප ධාරිතාව 4.2 J g−1 K−1 වේ. ද්‍රාවණයෙහි අවසාන උෂ්ණත්වය කුමක් ද? (භාජනය සමග සිදුවන තාප හුවමාරුව නොසලකන්න). H = 1, O = 16, Na = 23
පිළිතුර සහ විසඳන හැටි බලන්න
නිවැරදි පිළිතුර: (4) 43 °C
විසඳන හැටි
- NaOH = 20/40 = 0.5 mol
NaOH හි මවුලික ස්කන්ධය 40යි.
- තාපය = 0.5 × 42 = 21 kJ = 21000 J
ද්‍රවණය තාප දායකයි, උෂ්ණත්වය ඉහළ යනවා.
- ස්කන්ධය = 230 + 20 = 250 g
ද්‍රාවණයේ මුළු ස්කන්ධය ගන්න.
- ΔT = 21000 / (250 × 4.2) = 20 °C
Q = mcΔT.
- 23 + 20 = 43 °C
ආරම්භක උෂ්ණත්වයට එකතු කරන්න.
ස්කන්ධය ජලය පමණක් නොව මුළු ද්‍රාවණයයි.
වීඩියෝවෙන් බලන්න
මෙම විසඳුම Score.lk විසින් සකස් කළ එකකි. එය ලකුණු දීමේ පටිපාටියේ කොටසක් නොවේ.