දී ඇති උෂ්ණත්වයකදී ඒක-ප්‍රෝටික හස්මයක 25.00 cm3 ක් ඒක-භාස්මික අම්ලයක් සමග අනුමාපනයකදී ලබාගත් අනුමාපන වක්‍රය පහත පෙන්වා ඇත.
පහත සඳහන් කුමන විස්තරය ඉහත පෙන්වා ඇති අනුමාපන වක්‍රය සඳහා නිවැරදි වේ ද?
(අනුමාපනය – අන්ත ලක්ෂ්‍යයේදී අනුමාපකයේ පරිමාව (cm3) – අන්ත ලක්ෂ්‍යයේදී pH – සුදුසු දර්ශකය)

පිළිතුර සහ විසඳන හැටි බලන්න
නිවැරදි පිළිතුර: (5) SA + WB – 25.00 – 5 – MR
විසඳන හැටි
- ආරම්භක pH ≈ 11
පටන් ගන්නේ හස්මයෙන්, නමුත් pH 13 ට වඩා අඩු නිසා එය දුබල හස්මයක්.
- අවසාන pH ≈ 1
වැඩිපුර අම්ලය එකතු වූ විට pH 1 දක්වා යන නිසා අම්ලය ප්‍රබලයි. SA + WB.
- අන්ත ලක්ෂ්‍යය: 25.00 cm3, pH 5
සිරස් කොටස 25 ට, අන්ත ලක්ෂ්‍යයේ pH එක 5යි.
- pH 5 ට දර්ශකය: MR
මෙතිල් රෙඩ් පරාසය pH 5 වටා තිබෙන නිසා එය සුදුසුයි.
SA + WB, 25.00 cm³, pH 5, MR.
වීඩියෝවෙන් බලන්න
මෙම විසඳුම Score.lk විසින් සකස් කළ එකකි. එය ලකුණු දීමේ පටිපාටියේ කොටසක් නොවේ.