Score.lk ඇප් එක ගන්න

2025 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 12

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

අනුමාපන ප්ලාස්කුවකට 0.02 mol dm−3 KIO3 ද්‍රාවණයක 25.00 cm3 ක පරිමාවක් එකතු කරන ලදී. ද්‍රාවණය තනුක H2SO4 වලින් ආම්ලික කර, 0.5 mol dm−3 KI ද්‍රාවණයකින් 15 cm3 ක් එකතු කරන ලදී. මුක්ත වූ I2, දර්ශකය ලෙස පිෂ්ඨය භාවිත කරමින්, Na2S2O3 ද්‍රාවණයක් සමග අනුමාපනය කරන ලදී. අනුමාපනය සඳහා අවශ්‍ය වූ Na2S2O3 ද්‍රාවණයේ පරිමාව 20.00 cm3 විය. Na2S2O3 ද්‍රාවණයේ සාන්ද්‍රණය mol dm−3 වලින් වනුයේ,

පිළිතුර සහ විසඳන හැටි බලන්න

නිවැරදි පිළිතුර: (5) 0.15

විසඳන හැටි

  1. KIO3 = 0.02 × 25/1000 = 5 × 10−4 mol

    මුලින්ම IO3− මවුල.

  2. IO3− + 5I− + 6H+ → 3I2 + 3H2O

    IO3− මවුලයකින් I2 මවුල 3ක්. KI වැඩිපුර ඇති බව 7.5 × 10−3 mol වලින් පේනවා.

  3. I2 = 1.5 × 10−3 mol

    5 × 10−4 × 3.

  4. S2O32− = 2 × I2 = 3 × 10−3 mol

    I2 මවුලයකට S2O32− මවුල 2ක් අවශ්‍යයි.

  5. 3 × 10−3 ÷ 0.020 = 0.15 mol dm−3

    පරිමාව 20.00 cm3 යි.

ප්‍රතික්‍රියා දෙකේම මවුල අනුපාත බලන්න.

වීඩියෝවෙන් බලන්න

මෙම විසඳුම Score.lk විසින් සකස් කළ එකකි. එය ලකුණු දීමේ පටිපාටියේ කොටසක් නොවේ.