CaCO3 සහ Al2(CO3)3 පහත දී ඇති ආකාරයට තාප වියෝජනය වේ.
CaCO3(s) → CaO(s) + CO2(g)
Al2(CO3)3(s) → Al2O3(s) + 3CO2(g)
CaCO3 සහ Al2(CO3)3 හි සම මවුල මිශ්‍රණයක 3.34 g තාප වියෝජනය කළ විට Al2(CO3)3 මගින් ලබාදෙන CO2 ප්‍රමාණය කොපමණ ද?
සාපේක්ෂ අණුක ස්කන්ධය: CO2 = 44, CaCO3 = 100, Al2(CO3)3 = 234
පිළිතුර සහ විසඳන හැටි බලන්න
නිවැරදි පිළිතුර: (2) 1.32 g
විසඳන හැටි
- x × (100 + 234) = 3.34
සම මවුල මිශ්‍රණයක් නිසා එක එකේ මවුල x ලෙස ගමු.
- x = 0.01 mol
334x = 3.34, ඉතින් x = 0.01.
- CO2 = 3 × 0.01 = 0.03 mol
Al2(CO3)3 මවුලයකින් CO2 මවුල 3ක් ලැබෙනවා.
- 0.03 × 44 = 1.32 g
මවුල, ස්කන්ධයට හරවන්න.
ප්‍රශ්නය අහන්නේ Al₂(CO₃)₃ වලින් ලැබෙන CO₂ පමණයි.
වීඩියෝවෙන් බලන්න
මෙම විසඳුම Score.lk විසින් සකස් කළ එකකි. එය ලකුණු දීමේ පටිපාටියේ කොටසක් නොවේ.