Score.lk ඇප් එක ගන්න

2025 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 44

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

පිළිතුරු දෙන ආකාරය

අංක 41 සිට 50 තෙක් එක් එක් ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින් ඉදිරිපත් කර ඇත. එම ප්‍රකාශ යුගලයට හොඳින්ම ගැළපෙනුයේ පහත දැක්වෙන ප්‍රතිචාරවලින් කවර ප්‍රතිචාරය දැ'යි තෝරන්න.

  1. පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා දෙයි.
  2. පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වන නමුත් පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා නොදෙයි.
  3. පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය අසත්‍ය වේ.
  4. පළමුවැනි ප්‍රකාශය අසත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වේ.
  5. පළමුවැනි ප්‍රකාශය අසත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය අසත්‍ය වේ.
පළමුවැනි ප්‍රකාශය

H2O, H2S සහ H2Se වල බන්ධන කෝණ H2O > H2S > H2Se යන පිළිවෙළට අඩු වේ.

දෙවැනි ප්‍රකාශය

H2O, H2S සහ H2Se වල මධ්‍ය පරමාණුවේ විද්‍යුත් සෘණතාවය O > S > Se යන පිළිවෙළට අඩු වේ.

පිළිතුර සහ විසඳන හැටි බලන්න

නිවැරදි පිළිතුර: (1) පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදිව පහදා දෙයි.

විසඳන හැටි

  1. පළමු ප්‍රකාශය ✓

    බන්ධන කෝණ H2O > H2S > H2Se.

  2. දෙවැනි ප්‍රකාශය ✓

    විද්‍යුත් සෘණතාව O > S > Se.

  3. දෙවැන්න පළමුවැන්න පහදයි

    විද්‍යුත් සෘණතාව අඩු වන විට බන්ධන යුගල මධ්‍ය පරමාණුවෙන් ඈත් වී, විකර්ෂණය අඩු වෙනවා. කෝණය කුඩා වෙනවා.

දෙකම සත්‍යයි, දෙවැන්න හේතුවයි.

වීඩියෝවෙන් බලන්න

මෙම විසඳුම Score.lk විසින් සකස් කළ එකකි. එය ලකුණු දීමේ පටිපාටියේ කොටසක් නොවේ.