Score.lk ඇප් එක ගන්න

2025 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 35

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

පිළිතුරු දෙන ආකාරය

අංක 31 සිට 40 තෙක් එක් එක් ප්‍රශ්නය සඳහා දී ඇති (a), (b), (c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන්, එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය/ප්‍රතිචාර කවරේ දැ'යි තෝරා ගන්න.

  1. (a) සහ (b) පමණක් නිවැරදියි
  2. (b) සහ (c) පමණක් නිවැරදියි
  3. (c) සහ (d) පමණක් නිවැරදියි
  4. (d) සහ (a) පමණක් නිවැරදියි
  5. වෙනත් ප්‍රතිචාර සංඛ්‍යාවක් හෝ සංයෝජනයක් හෝ නිවැරදියි

ජලීය NaOH සමග A කාබනික සංයෝගය රත් කළ විට ඇමෝනියා මුක්ත කරයි. A ආම්ලිකෘත K2Cr2O7 සමග රත් කළ විට සෑදෙන සංයෝගය 2,4-ඩයිනයිට්‍රොෆීනයිල්හයිඩ්‍රසීන් සමග වර්ණවත් අවක්ෂේපයක් ලබාදෙයි. පහත දැක්වෙන ඒවායින් A විය හැක්කේ කුමක්/කුමන ඒවා ද?

ප්‍රශ්නය 35 රූපය
පිළිතුර සහ විසඳන හැටි බලන්න

නිවැරදි පිළිතුර: (2) (b) සහ (c) පමණක් නිවැරදියි

විසඳන හැටි

  1. NaOH + රත් → NH3: −CONH2

    NH3 පිට වීම ඇමයිඩ් කාණ්ඩය පෙන්වනවා. (d) හි එය නැති නිසා (d) ✗.

  2. 2,4-DNP: කාබොනිල් සෑදිය යුතුයි

    K2Cr2O7 සමග ද්විතීයික ඇල්කොහොලයක් කීටෝනයක් දෙනවා.

  3. (a) ✗ −CH2OH පමණි

    ප්‍රාථමික ඇල්කොහොලය රත් කළාම අම්ලය දක්වා යනවා, කාබොනිල් ඉතිරි වෙන්නේ නැහැ.

  4. (b) ✓ (c) ✓

    දෙකෙහිම ඇමයිඩ් සහ ද්විතීයික −CH(OH)− තියෙනවා.

නිවැරදි (b) සහ (c).

වීඩියෝවෙන් බලන්න

මෙම විසඳුම Score.lk විසින් සකස් කළ එකකි. එය ලකුණු දීමේ පටිපාටියේ කොටසක් නොවේ.