Score.lk ඇප් එක ගන්න

2025 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 34

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

පිළිතුරු දෙන ආකාරය

අංක 31 සිට 40 තෙක් එක් එක් ප්‍රශ්නය සඳහා දී ඇති (a), (b), (c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන්, එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය/ප්‍රතිචාර කවරේ දැ'යි තෝරා ගන්න.

  1. (a) සහ (b) පමණක් නිවැරදියි
  2. (b) සහ (c) පමණක් නිවැරදියි
  3. (c) සහ (d) පමණක් නිවැරදියි
  4. (d) සහ (a) පමණක් නිවැරදියි
  5. වෙනත් ප්‍රතිචාර සංඛ්‍යාවක් හෝ සංයෝජනයක් හෝ නිවැරදියි

s-ගොනුවේ මූලද්‍රව්‍ය සම්බන්ධව කුමන වගන්තිය/වගන්ති නිවැරදි ද?

පිළිතුර සහ විසඳන හැටි බලන්න

නිවැරදි පිළිතුර: (1) (a) සහ (b) පමණක් නිවැරදියි

විසඳන හැටි

  1. (a) ✓

    II කාණ්ඩයේ න්‍යෂ්ටික ආරෝපණය වැඩි නිසා අරය කුඩායි.

  2. (b) ✓

    පිටත ඉලෙක්ට්‍රෝනය තදින් බැඳී ඇති නිසා පළමු අයනීකරණ ශක්තිය වැඩියි.

  3. (c) ✗

    II කාණ්ඩයේ පරමාණු කුඩා, ඝනත්වය වැඩියි.

  4. (d) ✗

    II කාණ්ඩයේ නිදහස් ඉලෙක්ට්‍රෝන 2ක් නිසා ලෝහක බන්ධන ප්‍රබලයි.

නිවැරදි (a) සහ (b).

වීඩියෝවෙන් බලන්න

මෙම විසඳුම Score.lk විසින් සකස් කළ එකකි. එය ලකුණු දීමේ පටිපාටියේ කොටසක් නොවේ.