H-බන්ධන, අයන-ප්‍රේරිත ද්විධ්‍රැව අන්තර්ක්‍රියා, ද්විධ්‍රැව-ප්‍රේරිත ද්විධ්‍රැව අන්තර්ක්‍රියා සහ ද්විධ්‍රැව-ද්විධ්‍රැව අන්තර්ක්‍රියා වඩාත් හොඳින් පිළිබිඹු කරන උදාහරණ පිළිවෙළින් දක්වා ඇත්තේ,
පිළිතුර සහ විසඳන හැටි බලන්න
නිවැරදි පිළිතුර: (1) ඕතෝ-නයිට්‍රොෆීනෝල්, KI(aq) හි I2, HCl/Ar, ClF
විසඳන හැටි
- H-බන්ධන → ඕතෝ-නයිට්‍රොෆීනෝල්
ඕතෝ-නයිට්‍රොෆීනෝල්වල OH සහ NO2 අතර H-බන්ධනයක් තියෙනවා.
- අයන-ප්‍රේරිත ද්විධ්‍රැව → KI(aq) හි I2
I− අයනය, ධ්‍රැවීය නොවන I2 හි ද්විධ්‍රැවයක් ප්‍රේරණය කරනවා.
- ද්විධ්‍රැව-ප්‍රේරිත ද්විධ්‍රැව → HCl/Ar
ධ්‍රැවීය HCl අණුව Ar පරමාණුවේ ද්විධ්‍රැවයක් ප්‍රේරණය කරනවා.
- ද්විධ්‍රැව-ද්විධ්‍රැව → ClF
ClF අණු දෙකම ධ්‍රැවීය නිසා ද්විධ්‍රැව-ද්විධ්‍රැව අන්තර්ක්‍රියා තියෙනවා.
පිළිවෙළ ගැළපෙන්නේ පළමු පිළිතුරට.
වීඩියෝවෙන් බලන්න
මෙම විසඳුම Score.lk විසින් සකස් කළ එකකි. එය ලකුණු දීමේ පටිපාටියේ කොටසක් නොවේ.