Score.lk ඇප් එක ගන්න

2025 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 2

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

ක්වොන්ටම් අංක n = 4 සහ l = 2 වන භූමි අවස්ථාවේ ඇති පරමාණුවක පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වනුයේ,

පිළිතුර සහ විසඳන හැටි බලන්න

නිවැරදි පිළිතුර: (4) 10

විසඳන හැටි

  1. n = 4, l = 2 → 4d උපකවචය

    l = 2 කියන්නේ d උපකවචය.

  2. ml = −2, −1, 0, +1, +2 → කාක්ෂික 5

    d උපකවචයේ කාක්ෂික 5ක් තියෙනවා.

  3. 5 × 2 = 10

    එක් කාක්ෂිකයකට ඉලෙක්ට්‍රෝන 2 බැගින්, එකතුව 10යි.

d උපකවචයේ උපරිම ඉලෙක්ට්‍රෝන 10යි.

වීඩියෝවෙන් බලන්න

මෙම විසඳුම Score.lk විසින් සකස් කළ එකකි. එය ලකුණු දීමේ පටිපාටියේ කොටසක් නොවේ.