Score.lk ඇප් එක ගන්න

2025 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 17

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

AgBr(s) සහ AgI(s) හි වර්ණයන් පිළිවෙළින් ලා කහ සහ කහ වේ. NaI(aq) ද්‍රාවණයක් AgBr(s) සහිත පරීක්ෂා නළයකට එකතු කරන ලදී. පරීක්ෂා නළයේ අඩංගු දෑ කැලතූ විට, එහි වර්ණය කහ පැහැති විය. මෙම නිරීක්ෂණය පැහැදිලි කිරීම සඳහා පහත දක්වා ඇති අදහස් යෝජනා කරන ලදී.
I. AgBr(s) + I−(aq) → AgI(s) + Br−(aq) ප්‍රතික්‍රියාව සිදු වේ.
II. AgBr(s) හි Ksp > AgI(s) හි Ksp
III. AgBr(s) හි Ksp < AgI(s) හි Ksp
IV. I−(aq) සාන්ද්‍රණය අඩු වේ.
V. Br−(aq) සාන්ද්‍රණය අඩු වේ.
ඉහත සඳහන් කුමක් මෙම නිරීක්ෂණයට අදාළව නිවැරදි වේ ද?

පිළිතුර සහ විසඳන හැටි බලන්න

නිවැරදි පිළිතුර: (3) I, II සහ IV

විසඳන හැටි

  1. කහ පැහැය → AgI සෑදුණා

    AgBr, AgI බවට පත් වුණා. I නිවැරදියි.

  2. II ✓ III ✗

    AgI වඩා අඩුවෙන් ද්‍රාව්‍යයි. ඉතින් AgBr හි Ksp, AgI හි Ksp ට වඩා වැඩියි.

  3. IV ✓ V ✗

    I− පරිභෝජනය වෙනවා, Br− ද්‍රාවණයට එකතු වෙනවා.

නිවැරදි වන්නේ I, II සහ IV.

වීඩියෝවෙන් බලන්න

මෙම විසඳුම Score.lk විසින් සකස් කළ එකකි. එය ලකුණු දීමේ පටිපාටියේ කොටසක් නොවේ.