දෙන ලද උෂ්ණත්වයකදී දෘඪ-සංවෘත භාජනයක් තුළ C2H4(g) + 3O2(g) → 2CO2(g) + 2H2O(g) ප්‍රතික්‍රියාව සිදු වේ. යම් කාලයකට පසු C2H4(g) වැය වීමට සාපේක්ෂව ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය x mol dm−3 s−1 බව සොයාගන්නා ලදී. පහත සඳහන් කුමක් මගින් එම කාලය තුළදී ප්‍රතික්‍රියාවේ O2(g) වැයවීමේ, CO2(g) සෑදීමේ හා H2O(g) සෑදීමේ ශීඝ්‍රතා පිළිවෙළින් පෙන්වයි ද? (ශීඝ්‍රතාව / mol dm−3 s−1)
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (5) 3x, 2x, 2x