පහත දී ඇති ප්‍රතික්‍රියාව සඳහා 25 °C දී එන්තැල්පි වෙනස, ΔH, −126 kJ වේ.
2Na2O2(g) + 2H2O(l) → 2NaOH(aq) + O2(g)
25 °C දී Na2O2(s) දෙන ලද ප්‍රමාණයක් වැඩිපුර ජලයට එකතු කළ විට සිදු වන එන්තැල්පි වෙනස පිළිබඳව පහත සඳහන් කුමන වගන්තිය/වගන්ති නිවැරදි ද? (H = 1, O = 16, Na = 23)
- (a)Na2O2(s) මවුල එකක් එකතු කළ විට 63.0 kJ ශක්තියක් මුදා හරී.
- (b)Na2O2(s) 39 g එකතු කළ විට 31.5 kJ ශක්තියක් උරාගනී.
- (c)Na2O2(s) මවුල එකක් එකතු කළ විට 63.0 kJ ශක්තියක් උරාගනී.
- (d)Na2O2(s) 39 g එකතු කළ විට 31.5 kJ ශක්තියක් මුදා හරී.
පිළිතුර සහ විසඳන හැටි බලන්න
ලකුණු දීමේ පටිපාටිය අනුව ඕනෑම පිළිතුරක් නිවැරදියි.
විසඳන හැටි
- Na2O2 මවුල 2 → −126 kJ
ΔH දී ඇත්තේ Na2O2 මවුල 2කට.
- මවුල 1 → 63.0 kJ මුදා හරී
ΔH සෘණ නිසා ශක්තිය මුදා හරිනවා. (a) සහ (c) අතරින් (a).
- 39 g = 0.5 mol → 31.5 kJ මුදා හරී
Na2O2 = 78. (b) සහ (d) අතරින් (d).
- ප්‍රශ්නයේ සමීකරණයේ දෝෂයක් ඇත
ප්‍රශ්නයේ මුද්‍රිත සමීකරණය තුලිත නැහැ, Na2O2 (g) ලෙසත් තියෙනවා.
ලකුණු දීමේ පටිපාටිය ඕනෑම පිළිතුරකට ලකුණු දී ඇත.
වීඩියෝවෙන් බලන්න
මෙම විසඳුම Score.lk විසින් සකස් කළ එකකි. එය ලකුණු දීමේ පටිපාටියේ කොටසක් නොවේ.