25 °C දී Ni(s) | Ni2+(aq, 1.0 mol dm−3) || Cu2+(aq, 1.0 mol dm−3) | Cu(s) ගැල්වානීය කෝෂයේ ඉලෙක්ට්‍රෝඩ සම්බන්ධ කළ විගස එහි E°cell සහ ඉලෙක්ට්‍රෝන ප්‍රවාහය සම්බන්ධයෙන් පහත සඳහන් කුමන වගන්තිය නිවැරදි වේ ද?
25 °C දී, E°Cu2+/Cu = 0.34 V සහ E°Ni2+/Ni = −0.24 V
පිළිතුර සහ විසඳන හැටි බලන්න
නිවැරදි පිළිතුර: (1) ඉලෙක්ට්‍රෝන ප්‍රවාහය Ni-ඉලෙක්ට්‍රෝඩයේ සිට Cu-ඉලෙක්ට්‍රෝඩයට සිදුවන අතර E°cell = 0.58 V
විසඳන හැටි
- Cu: කැතෝඩය Ni: ඇනෝඩය
ඉහළ ඔක්සිහරණ විභවය ඇති Cu ඔක්සිහරණය වෙනවා.
- ඉලෙක්ට්‍රෝන: Ni → Cu
ඉලෙක්ට්‍රෝන යන්නේ ඇනෝඩයේ සිට කැතෝඩයට.
- E°cell = 0.34 − (−0.24) = 0.58 V
E° = කැතෝඩය − ඇනෝඩය.
Ni → Cu, E° = 0.58 V.
වීඩියෝවෙන් බලන්න
මෙම විසඳුම Score.lk විසින් සකස් කළ එකකි. එය ලකුණු දීමේ පටිපාටියේ කොටසක් නොවේ.