Score.lk ඇප් එක ගන්න

2025 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 10

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

උෂ්ණත්වය T හිදී A → P ඒක අණුක ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියාව සලකන්න. උෂ්ණත්වය T හිදී කාලය සමග A හි සාන්ද්‍රණයෙහි විචලනය පහත දැක්වෙන කුමන ප්‍රස්තාරය මගින් නිරූපණය කරයි ද? (තිරස් අක්ෂය: කාලය)

පිළිතුර සහ විසඳන හැටි බලන්න

නිවැරදි පිළිතුර: (5)

විසඳන හැටි

  1. වේගය = k

    ශුන්‍ය පෙළ නිසා වේගය සාන්ද්‍රණය මත රඳා නොපවතිනවා.

  2. [A] = [A]0 − kt

    A නියත වේගයකින් අඩු වෙනවා.

  3. සෘණ අනුක්‍රමණයක් සහිත සරල රේඛාව

    ප්‍රස්තාරය [A]0 න් පටන් ගෙන පහළට යන සරල රේඛාවක්.

ශුන්‍ය පෙළ: [A] එදිරිව කාලය, සරල රේඛාවක්.

වීඩියෝවෙන් බලන්න

මෙම විසඳුම Score.lk විසින් සකස් කළ එකකි. එය ලකුණු දීමේ පටිපාටියේ කොටසක් නොවේ.