පිළිතුරු දෙන ආකාරයඅංක 31 සිට 40 තෙක් එක් එක් ප්රශ්නය සඳහා දී ඇති (a), (b), (c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන්, එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය/ප්‍රතිචාර කවරේ දැ'යි තෝරා ගන්න.
- (a) සහ (b) පමණක් නිවැරදියි
- (b) සහ (c) පමණක් නිවැරදියි
- (c) සහ (d) පමණක් නිවැරදියි
- (d) සහ (a) පමණක් නිවැරදියි
- වෙනත් ප්‍රතිචාර සංඛ්‍යාවක් හෝ සංයෝජනයක් හෝ නිවැරදියි
කාමර උෂ්ණත්වයේදී ක්‍රියාත්මක වනවිට ඩැනියෙල් කෝෂය පිළිබඳව පහත සඳහන් කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද? (E°cell = +1.10 V)
- (a)ශුද්ධ ඉලෙක්ට්‍රෝන ප්‍රවාහය Zn සිට Cu දක්වා සිදු වේ.
- (b)Zn2+(aq) + 2e ⇌ Zn(s) සමතුලිතතාවය දකුණට නැඹුරු වේ.
- (c)ලවණ සේතුවක් තිබීම නිසා ද්‍රව-සන්ධි විභවයක් ඇති වේ.
- (d)Cu2+(aq) + 2e ⇌ Cu(s) සමතුලිතතාවය දකුණට නැඹුරු වේ.
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (4) (d) සහ (a) පමණක් නිවැරදියි